අප ජීවත්වන සමාජය සමග ප්රසන්න හා අර්ථසම්පන්න සම්බන්ධතා සමූහයක් ඇති කරගෙන අන්යෝන්ය සුහදතාව හා ගෞරවය රැකගනිමින් ජීවත්වීම සඳහා අවශ්ය උපදේශ සමූහයක් බුදුසමයෙන් ලැබේග විව්ධ සමාජ භූමිකාවන් පසදනම් කර ගනිමින් අපෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් ගැන බුදුසමය උගන්වන්නේ අර්බුදවලින් තොර සමාජ රටාවක් ඇති කිරිම පිණිස යග
සිගාලෝවාද සූත්රයෙහි එන සදිසා නමස්කාරය මීට හොඳ ම නිදසුනකිගසදිසාවට තම යුතුකම් ඉටු කළ විට සෑම පුද්ගලයකුගේ ම අයිතිවාසිකම් සුරැකෙන හෙයින් හැමදෙන ම සතුටින් වෙසෙතිගඑම යුතුකම් තුළ ගුණධර්ම පමණක් නොව ආර්ථිකල දේශපාලන හා වෘත්තීය අයිතිවාසිකම් ද අන්තර්ගත වී ඇතගඑම යුතුකම් පද්ධතිය සමාජයේ අවශ්යතා රාශියක් ගැන මැනවින් සිතා මතා සකස් කළ ආචාර ධර්ම මාලාවක් බව පැවසිය හැකග මෙබඳු අන්යෝන්ය යුතුකම් ජාලයක් තුළ පුද්ගලයා රඳවන ලද්දේ පුද්ගලයා විෂයෙහි සමාජ සන්දර්භය අතිශයින් වැදගත් වන බව පිළිගෙන ඇති හෙයිනිග පුද්ගලයකු ගුණ යහපත්කමින් වැඩෙන්නේ තමා ජීවත්වන සමාජය වෙත නිවැරදි හා හිතකර ප්රතිචාර දැක්වීම තුළිනිග
සමාජය සම්බන්ධයෙන් බුදුසමය ඉදිරිපත් කරන සංකල්පය කවරෙක් දැයි පැහැදිලි ව තේරුම් ගැනීම මෙහි දී අවශ්ය වෙයිගමිනිසා ජීවත්වන ජීවී හා අජීවී සමස්ත පරිසරය ම ඔහුගේ පැවැත්ම හා සම්බන්ධ වන බව මෙහි ලා අමතක කළ නොහේගමහාචාර්ය කෝගන් මිශුනෝ පවසන්නේ ර්‍ණබුදු දහමේ ඉගැන්වීම අනුව එක් අෙයක් නම් හැමදෙනා ම යග හැම දෙනා නම් එක් අයෙක් ම යග එක් අයකු ගේ ක්රියාවක් සමස්ත ප්රජාවට ම හොඳට හෝ නරකට බලපායිගඑහෙයින් අප වටා ඇති ලොවත් සමාජයත් එක ම සමස්තයකිග” යනුවෙනිග
රජ කෙනෙකු විසින් ආරක්ෂාවරණය සැපයිය යුතු සමාජය ගැන පවසන විට මානව සංහතිය පමණක් නොව සිවුපාවුන් හා කුරුල්ලන් ද ඇතුළත් කර දක්වා ඇත්තේ එහෙයිනිග ලොව ප්රථම පශු චිකිත්සාව බෞද්ධාධිරාජ අශෝකනයන් විසින් අරඹන ලද්දේ මේ සංකල්පයේ ආභාසය නිසා යග සමස්ත විශ්වයේ ම උපන් -නූපන්ල දිසි-අදිසිල ලඟ-දුර හැම ආකාරයේ ම සත්වයන්ට මෙත් වඩන සේ දල උඩල යට හා හරස් සිව් දෙසින් සතුරු බවක් නැති සේ සිතන ලෙස ද කරණීය මෙත්ත සූත්රයෙන් ඉගැන්වෙන්නේ ද මෙම සංකල්පපය ම යග
මෙසේ පුළුල් ව්යූහයක් තුළ ජිවත් වන මනුෂ්යයන් විසින් තම සමාජගත චර්යාව සර්වජීව හිකාමී පිළිවෙතක් බවට පත්කර ගන්නා හෙයින් එය නූතනිකයන් ඉදිරිපත් කරන මානව හිතවාදයට වඩා බෙහෙවින් පුළුල් බව කිවයුතු ව තිෙබ්ග මානව හිතවාදීන් තම ආචාරධර්ම ගොඩනගන්නේ මිනිසා කෙරේ අසීමිත වැදගත්කමක් පිරිනමමිනිගඅනෙකුත් ජීවීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අඩුවෙන් තක්සේරු කිරීමක් මෙහිදී සිදුවෙයිග බුදුසමය සියළු සත්වයන්ට ම ජීවිතය ප්රිය බවත්ල හැම සත්වයන් ම මරණයට බිය බව හා දඬුවමට අකමැති බවත් සැළකිල්ලට ගනිමින් ආචාරධර්ම ඉදිරිපත් කරයිග
මෙයින් අදහස් කරන්නේ මිනිස් සමාජය සම්බන්ධ කරගත් විශේෂ ඉගැන්වීම් සමූහයක් බෞද්ධ සදාචාර සංකල්ප මඟින් ඉදිරිපත් නො කැෙරන බවක් නොවේග බුදුසමයේ සමාජ සංකල්පය පුළුල් මට්ටමින් සමස්ථ ජීවී සංහතිය ම හසුකර ගන්නා අතර ධර්මය පිළිපැදීමෙන් ප්රයෝජන ලද හැකි ජීවීන් වශයෙන් දෙවියන් හා මිනිසුන් වෙන්කොට හඳුනා ගනී යිග එහෙයින් බුදුරදුන් ශාස්තෘවරයකු ලෙස හඳුන්වන විට උන්වහන්සේ ර්‍ණසත්ථා දේව මනුස්සානං” හෙවත් ිදෙවි මිනිසුන්ගේ ගුරුවරයා’ වශයෙන් නම් කරනු ලැබේග එහෙත් මිනිසුන් වූ අපගේ සෘජු සම්බන්ධතා පැවැත්වෙන්නේ මිනිසුන් සමඟ ම හෙයින් මානව සමාජය පිළිබඳ සැලසුම් වෙන ම සාකච්ඡා කර ඇති බවද කිව යුතු යග එහෙයින් බුද්ධ ශ්රාවක සමාජය පිළිබඳව පවත්නා විශේෂ සංකල්පය මනුෂ්ය සමාජය පරිමිත කර ගනිමින් සිවුවණක් පිරිස ලෙස පෙළ ගස්වනු ලැබේග
බුදුරදුන් ගේ සිවුවණක් පිරිස හඳුන්වා ඇත්ටත් භින්ෂු-භික්ෂුණී- උපාසක හා උපාසිකා නමිනිග ටසවන් ව්යුහයක් තම ශ්රාවක පිරිස අතර පෙළ ගැසුනු දැක්මේ අභිප්රායෙන් බුදුරදුන් වෙත බුදු වූ අළුත පටන් ම පැවති බව මහා පරිනිර්වාණ සූත්රයෙහි දැක්වෙ යිග බුදුරදුන් සියළු කෙලෙසුන් නසා බුදු වූ පසු දහම් දෙසන්නට සැරසෙද්දී උන්වහන්සේට ඉක්මණින් ම පිරිනිවන් පාන්නැයි ඇරයුමක් මාරයාෙගන් ලැබුණු බව එම සූත්රයෙහි කියැවෙයිගබුද්ධත්වය ලද පසු තව දුරටත් සසරේ දුක් විදීමෙහි අවශ්යතාවයක් නැති බව පවසමින් වහා ම දුකින් මිදී නිවන්සුව විඳින සේ මේ ඇරයුම කර ඇතග
එහෙත් එම ඇරයුම බුදුරදුන විසින් ප්රතික්ෂේප කර ඇත්තේ පිරිනිවන් පාන්නට පෙර වියත්ල විනීතල විශාරදල ධර්මධරල ධර්මානුධර්මප්රතිපන්නල ධර්ම දේශනයෙහි මෙන් ම ප්රතිවාදීන් කරන වැරදි විවරණ නිවරද කිරීමට ද සමත් සිවු පිරිසක් ඇති වන තුරු තමන් පිරිනිවන් පිරිනිවන් නො පාන බව දක්වමිනිග මෙහි විශේෂ වැදගත්කම වන්නේ සිවුපිරිස වෙතින් ම සමාන කෞශල්යයන් අපේක්ෂා කරන බව දක්වා තිබීම යග බුදුසමය හදාරා ධර්මානුකූල ව ජීවිත හැඩ ගසා ගනිමින් ක්රියා කිරීම පිළිබඳ සමාජගත අපේක්ෂාව සිවු පිරිසට ම එක සේ සමාන බව මෙයින් පෙනී යයිග
එතකුදු වුවත් එකම ශික්ෂා මාර්ගයක් අනුගමනය කිරීම සඳහා වූ සමාජයක් සිවුපිරිසක් ලෙස වර්ග කිරීමෙහි අර්ථයක් තිබේ දැයි ප්රශ්න කළ හැකියගමෙම සිවු පිරිස වෙනස් කරන පදනම කුමක්ද? ඔවුන් අතර ඇති වෙනස්කම් ශික්ෂා මාර්ගයෙහි කවර වෙනසකට තුඩු දී පවතීද?
භික්ෂු හා භික්ෂුණීන් අතර ද උපාසක හා උපාසිකාවන් අතර ද පවත්නේ ස්ත්රී පුරුෂ වෙනස්කම බව මෙහි ලා කෙනෙකුට නිතැතින් ම පෙනී යනු ඇතග ඊට වඩා ගැඹුරු වෙනසක් භික්ෂු- භික්ෂුණී දෙපක්ෂය හා උපාසක- උපාසිකා දෙපක්ෂය අතර පවති යිග එනම් ගිහි- පැවදි වෙනසයිග ගිහි- පැවදි දෙපක්ෂයට එකම ශික්ෂා මාර්ගය අනුගමනය කළ නොහැකි බව : මජ්ඣිම නිකායේ දත්තභූමි සූත්රයෙහි දී * ජයසේන නම් රාජකුමාරයකු විසින් අචිරවත නම් සාමණේර හිමියනට ප්රකාශ කළ බව ද ඒ බව දැනගත් බුදුරදුන් එම කියුම සැබෑ බව වදාළ බව ද මෙහිදී සැළකිල්ලට ගත හැකි යග
බුදුරදුන් විසින් පැහැදිලි කර ඇත්තේ නෛෂ්ක්රම්යය කළ අයෙකු විසින් දත යුතු සාක්ෂාත් කළ යුතු දෙයක් කාමයන් මැද කම් සැප විඳිමින් කාම විතර්කයන්ගෙන් පෙළෙමින් කාම ගින්නෙන් දැවෙමින් කම් සැප ම සොයන අයකු විසින් ෙකසේ දැන දැක ගත හැකි ද යන්නයිග ඒ දෙපක්ෂයේ වෙනස හීලෑ ල ඇතුන් ල අසුන් ල හා ගවයන්ගෙන් වල් ඇතුන් ල අසුන් හා ගවයන් වෙනස්වන ආකාරයට සමාන කර ඇතගරට්ඨපාල සූත්රයේදී ද මීට සමාන වන අයුරින් ගිහි ජීවිතය හා පැවදි ජීවිතය සංසන්දය කර ඇතග රට්ඨපාල පැවිදි වීම පිණිස තම දෙමාපියන් ගෙන් අවසර ලබාගත්තේ මෙසේ පවසමිනිග
ර්‍ණබුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මට තේරුම් යන ආකාරයෙන් නම් ගෘහස්ථයකුට බ්රහ්මචරිය වාසය පිරිසිදු ව වාසය සම්පූර්ණ කර ගන්නට පහසු නැතග එහෙයින් ගෘහවාසය අතහැර අනගාරිකත්වයට පිවිසෙන්නට අදහස් කරමිග” ගිහි ගෙය සම්බාධ සහිත ස්ථානයක් බවත් ලරජස්:කෙළෙස් දූවිලි* බහුල තැනක් බවත් දක්වන රට්ඨපාල පැවිද්ද විවෘත අවකාශය සමන් නිදහස් තැනක් බවත් පැහැදිලි කරයිග මේ සංසන්දනය ගෘහස්ථ ජීවිතයට වඩා පැවිදි ජීවිතය උසස් බවත් ල එහෙයින් ගිහි-පැවිදි දෙපක්ෂයට ශීක්ෂණ මාර්ග දෙකක් පැවතිය යුතු බවත් හඟවයිග
මෙහිදී පැරණි බුදුදහම ගෘහස්ථයනට කිසියම් මදි පුංචිකමක් හෝ අසාධාරණයක් කර ඇත්දැයි විමතියක් යමකු ගේ සිෙතහි ජනිත වීමට ද ඉඩ ඇතගඑබදු විමතියක් බුද්ධ කාලයේ ම නාලන්දාවේ එක් ප්රභූවරයකු ගේ සිත්හි ජනිත වූ බව සංයුක්ත නිකායෙහි දැක්වෙයිග: සඩල314* ජනතාවට ධර්ම දේශනා කරනවිට ගිහි පැවදි වශයෙන් භේදයක් නොකොට එකම ධර්මය දේශනා කළ යුතු බව හෙතෙම පැවසීයග එසේ නොකරන්නේ නම් තමන් සකල සත්ත්ව වර්ගයාට ම එකම මෙත් සිත දක්වනවාය’ යි බුදුරදුන් පවසන්නේ කෙසේ දැයි හේ ප්රශ්න කළේ යග
බුදුරදුන් ඔහු ගේ මේ වැරදි වැටහීම දුරු කළේ තමන් එසේ දහම් දෙසන්නේ පක්ෂග්රාහීකමක් නිසා නොව එක් එක් ශ්රාවකයා ගේ ආසය අනුසය හෙවත් චිත්තක්ලේශ රුචි අරුචි කම් බුද්ධිමත් බවෙහි අඩුවැඩිකම් ආදිය පරීක්ෂා කිරීමෙන් බව දේශනා කිරීමෙනිග එමෙන් ම එක් එක් තැනැත්තා ගේ අරමුණු හා පරමාර්ථ විවිධ වන බව ද උන්වහන්සේ පෙන්වි දුන්හග කුඹුරු වැඩ මීට නිදර්ශනයක් සේ ගත් උන්වහන්සේ සමහර කුඹුරු ඉතා සශ්රීක වන අතර සමහර ඒවා එතරම් සශ්රීක නැති බවත්ල තවත් සමහරක් අතිශයින්ම නිසරු බවත් දක්වා සශ්රීක කුඹුරු පැවදි ශ්රාවකයනට ද මධ්යම කුඹුරු ගිහි ශ්රාවකයනටද නිසරු කුඹුරු අන්ය තීර්ථක ශ්රමණ බ්රාහ්මණයන්ටද උපමා කළහග
එහෙයින් කුඹුරේ හැටියට වගාව තෝරා ගෙන පොහොර දැමීම ආදී සාත්තු කර අස්වැන්න ලබන්නා සේ ගිහි- පැවදිල උගත්- නූගත් විවිධ ශ්රාවකයනට විවිධ ක්රමවලින් දර්මය උගන්වනු ලැබේගඑහි දී එක් පිරිසක් කෙරේ විශේෂ පක්ෂපාතීකමක් දැක්වීමක් නොමැතග හැමදෙනා ම එක ම ආධ්යාත්මික ජයග්රහණය කරා මෙහෙය වීම සඳහා වඩා ම උචිත ක්රමයට ධර්මය ෙද්ශනා කිරීම හුෙදක් සම මෙත නිසාම නරනු ලබන්නකිග එය එක් එක් රෝගියා ගේ කායික තත්වයට ගැලපෙන පරිදි ඖෂධීය විවිධ මාත්රාවට අනුව වෙනස් කර යොදන වෛද්යවරයකු ගේ වෙදකම් රටාවට සමාන බව මහායාන ධර්මග්රන්ථවල විස්තර කර ඇතග
බුදුදහමේ උසස් අධිගම සියල්ල පැවිදි පක්ෂයට ම වෙන් කර ඇතැයි ගෘහස්ථයනට එතරම් තැනක් එහි හිමි නොවෙතැයි ද චෝදනා මුඛයෙන් ලියූ ලේඛකයෝ විරල නොවෙතිග ගිහි මහරහතන් වහන්සේලා කීප නමක් ගැනම බෞද්ධ ඉතිහාසයේ සඳහන් බව අමතක නොකළ යුතුයග සෝවාන්ල සකදාගාමී හා අනාගාමී අධිගම ලත් ගෘහස්ථයෝ විශාල පිරිසක් බුදුන් දවස විසූ බව ද බුදුරදුන් ගේ පැසසුමට ඔවුන් ලක් වූ බව ද නො රහසකිග ගිහියන් අමතා දේශනා කළ සූත්ර ර්‍ණ කුලපති පුත්තල ගහපති ලුත්ත” වැනි ඇමතුම්වලින් යුක්ත යග ඒවායින් පැහැදිලි වන්නේ පැවිදි පිරිස මෙන්ම ගෘහස්තයන් ද බෙෘද්ධ ශිෂ්ටාචාරය සඳහා එකසේ ම වැදගත් බවයග
බෞද්ධ සමාජ සංකල්පය ගෘහස්ථ හා ප්රව්රජිත ක්ෂෙත්ර දෙක්හි ම පරමාදර්ශී පුද්ගලයන් දෙදනකු ඉදිරිපත් කරයිග පැවිදි කේෂත්රයෙහි උත්තරීතර සකලාංග පරිපූර්ණ පුද්ගලයා බුදුරජාණන් වහන්සේයග ගෘහස්ථ කේෂත්රයෙහි උසස්තම පරමාදර්ශී පුද්ගලයා චක්රවර්තී රජතුමායග ගිහි- පැවිදි උභය ජීවිත රටාවන්හි උත්තරීතර ජයග්රහණය නිරූපනය කරන මේ දෙදෙන එක ම ආකාරයේ අදාහන සඳහා යෝග්ය වන්නේ එහෙයිනිග සම්බුද්ධ ආදාහනය කෙසේ කළ යුතු දැයි විමසූ විට එය සක්විති රජකු ගේ ආදාහනයක පරිද්දෙන් කරන්නැයි බුදුරදුන් උපදෙස් දුන්නේ එහෙයිනිග ගිහි- පැවදි සමාජ සදාචාරය සකස් විය යුත්තේ මේ පරමාදර්ශ යුග්මය සිත්හි රඳවා ගනිමිනි
hodai hamuduruwane
ReplyDelete