Monday, December 1, 2014

බෞද්ධ ධර්මාචාර්ය ශ්‍රේණිය සූත‍්‍ර ධර්මාගත ගාථා


සි`ගාලෝවාද සුත්තං


(01* පාණතිපාතෝ අදින්නාදානං - මුසාවාදෝ පවුච්චති
පරදාරගමනඤ්චේව - නප්පසංසන්ති පණ්ඩිතා

(සතුන් මැරීම ද, සොරකම් කිරීම ද, පර අඹුවන් වෙත යාම ද, බොරු කීම ද යන මේ කරුණු සතර නුවණැති අය ප‍්‍රශංසා කරන්නේ නැහැ.*

(02* ඡුන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං අතිවත්තති
නිහීයති තස්ස යසෝ - කාළපක්ඛේව චන්දිමා

(යමෙක් ඡුන්දයෙන් ද, ද්වේෂයෙන් ද, භයින් ද, මෝහයෙන් ද ධර්මය ඉක්මවා කටයුතු කරනවා නම් ඔහුගේ යසස අවපක්‍ෂයේ හ`ද වගේ පිරිහෙනවා.* 

(03* ඡුන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං නාතිවත්තති
ආපූරති තස්ස යසෝ - සුක්කපක්ඛේව චන්දිමා

(යමෙක් ඡුන්දයෙන් ද, ද්වේෂයෙන් ද, භයින් ද, මෝහයෙන් ද ධර්මය ඉක්මවා කටයුතු කරන්නේ නැති නම් ඔහුගේ යසස පුර පක්‍ෂයේ හ`ද වගේ වැඩෙනවා.* 

(04* හෝති පානසඛා නාම - හෝති සම්මියසම්මියෝ
යෝ ච අත්ථේසු ජාතේසු - සහායෝ හෝති සෝ සඛා

(මත් පැන් බොන තැනදී පමණක් මිතුරුවූ ‘පානසඛ’ නම් මිතුරෙක් ඉන්නවා. ඉදිරිපිටදී පමණක් මිත‍්‍රකම් දක්වන ‘සම්මිය සම්මිය’ නම් මිතුරෙක් ද ඉන්නවා. කිසියම් වැඩක් ඇති කල්හි සහය වෙනවා නම් ඔහු නියම මිතුරෙක්.*

(05* උස්සූර සෙය්‍යා පරදාර සේවනා - වේරප්පසංඝෝ ච අනත්ථතා ච
පාපා ච මිත්තා සුකදරියතා ච - ඒතේ ඡු ඨානා පුරිසං ධංසයන්ති

(හිරු උදාවන තෙක් නිදා ගැනීම, අන් අඹුවන් සේවනය කිරීම, වෛර බැ`ද ගැනීම, අවැඩ සිදුවන දේ කිරීම, පාප මිත‍්‍රයන් ඇසුරු කිරීම, දැඩි මසුරුකම යන මේ කරුණු හය මිනිසා විනාශ කරනවා.*

(06* පාපමිත්තෝ පාපසඛෝ - පාප ආචාරගෝචරෝ
අස්මා ලෝකා පරම්හා ච - උභයා ධංසතේ නරෝ

(පාප මිත‍්‍රයන් ඇති, පවිටු යහළුවන් ඇති, ලාමක පැවතුම් තියෙන, නොහැසිරිය යුතු තැන හැසිරෙන කෙනා මෙලොව, පරලොව යන දෙලොවින්ම පිරිහෙනවා.*

(07* අක්ඛිත්ථියෝ වාරුණී නච්ච ගීතං - දිවා සොප්පං පාපචරියා අකාලේ
පාපා ච මිත්තා සුකදරියතා ච - ඒතෙ ඡු ඨානා පුරිසං ධංසයන්ති

(සූදු කෙළියෙහි යෙදීම, අන් අඹුවන් සේවනය කිරීම, සුරාපානය කිරීම, නැටුම් ගැයුම් ආදියට ලොල් වීම, දහවල් නිදා ගැනීම, නොකල්හි නුසුදුසු තැන්වල හැසිරීම, පාප මිත‍්‍රයන් ඇසුරු කිරීම, ඩැඩි මසුරුකම යන කරුණු සය පුරුෂයා විනාශ කරයි.*



(08* අක්ඛේහි දිබ්බන්ති සුරං පිවන්ති - යන්තිත්ථියෝ පාණසමා පරේසං
නිහීන සේවී න ච වුද්ධ සේවී - නිහීයතී කාළපක්ඛේව චන්දෝ

(යමෙක් පසැටෙන් (දාදු කැටය වැනි කැටයක්* සූදු කෙළිනවා නම්, සුරා පානය කරනවා නම්, පර අඹුවන් සේවනය කරනවා නම්, දුසිරිතෙහි ගැලී වසන මිනිසුන් ඇසුරු කරනවා නම්, නුවණැතියන් ඇසුරු කරන්නේ නැති නම් ඔහුගේ යසස කළුවර පක්ෂයෙහි හ`ද වගේ පිරිහීමට පත්වෙනවා.*

(09* යෝ වාරුණී අධනෝ අකිඤ්චනෝ - පිපාසෝ පිවං පාපං ගතෝ
උදකමිව ඉණං විගාහති - අකුලං කාහිති ඛිප්පමත්තනෝ

(ධනය නැතිව ජීවත්වන දිළි`දු කෙනෙක් මත්පැන් පානයට ලොල් වෙලා, පොකුණකට ගොස් දිය බොන්නාක් මෙන් සුරාසැලකට ගොස් සුරාපානය කරනවා නම්, ඔහු ණයකාරයෙක් වෙනවා. ඔහු තමන්ගේ ගෙදර පිරිහුණු තැනක් කරගන්නවා.*

(10* න දිවා සොප්පන සීලේන - රත්තිමුට්ඨාන දෙස්සිනා
නිච්චං මත්තේන සොණ්ඬේන - සක්කා ආවසිතුං ඝරං
(දවල් නිදන සුලූ, ? නැගිට සිටින සුලූ, නිතර මත්වූ, කාන්තාවන් කෙරෙහි ලොල්්වූ පුද්ගලයාට ගිහිගෙදර වාසය කරන්නට නොහැකියි.*

(11* අතිසීතං අති උණ්හං - අතිසායමිදං අහු
ඉති විස්සට්ඨකම්මන්තේ - අත්ථා අච්චෙන්ති මාණවේ

(දැන් බොහොම ශීතලයි. දැන් බොහොම උෂ්ණයි. දැන් බොහොම සවස් වෙලයි තියෙන්නෙ. යනුවෙන් පවසමින් වැඩ කටයුතු අත්හැර දමන පුද්ගලයාගේ කර්මාන්ත පිරිහෙනවා.*

(12* යෝ ‘ධ සීතඤ් ච උණ්හඤ් ච - තිණ හියේ‍යා න මඤ්ඤති
කරං පුරිස කිච්චානි - සෝ සුඛා න විහායතී

(දැන් බොහොම ශීතලයි. දැන් බොහොම උෂ්ණයි. දැන් බොහොම සවස් වෙලයි තියෙන්නෙ. යන කරුණු තණ පතක් පමණටවත් නොසලකා උත්සාහයෙන් වැඩ කරන මිනිසා සැපයෙන් පිරිහෙන්නේ නැහැ.*

(13* අඤ්ඤදත්ථුහරෝ හෝති - අප්පේන බහුමිච්ඡුති
භයස්ස කිච්චං කරෝති - සේවති අත්තකාරණා

(හිස් අතින් පැමිණ මිතුරාගෙන් යමක් ගෙනයාමට බලාපොරොත්තු වීම, සුලූ දෙයක්දී ලොකු දෙයක් ලැබීමට කැමැති වීම, තමාට භයක් ඇතිවූ විටෙක පමණක් මිතුරාගේ කටයුතු කරදීම, තමාගේ ප‍්‍රයෝජනය පිණිස පමණක් කටයුතු කිරීම යන මේවා අඤ්ඤදත්ථුහර මිතුරාගේ ලක්‍ෂණයි.*  

(14* අඤ්ඤදත්ථුහරෝ මිත්තෝ - යෝ ච මිත්තෝ වචීපරෝ
අනුප්පියං ච යෝ ආහ - අපායේසු ච යෝ සඛා

(අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපායසහය යනුවෙන් මිත‍්‍ර ප‍්‍රතිරූපකයන් සතර දෙනෙකු ඉන්නවා.*

(15* ඒතේ අමිත්තේ චත්තාරෝ - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
ආරකා පරිවජ්ජෙය්‍ය - මග්ගං පටිභයං යථා

(නුවණ ඇති තැනැත්තා මේ අමිතුරන් සතරදෙනා නුවණින් දැන, උවදුරු ඇති මාර්ගයක් දුරු කරන්නාක් මෙන් දුරින්ම දුරු කරනවා.*

(16* උපකාරෝ ච යෝ මිත්තෝ - යෝ ච මිත්තෝ සුඛේ දුඛේ 
අත්ථක්ඛායි ච යෝ මිත්තෝ - යෝ ච මිත්තානුකම්පකෝ

(උපකාරක මිත‍්‍රයා, සමාන සුඛදුක්ඛ මිත‍්‍රයා, අත්ථක්ඛායි මිත‍්‍රයා, අනුකම්පක මිත‍්‍රයා යනුවෙන් මිතුරන් සතර දෙනෙක් ඉන්නවා.*

(17* ඒතේ ඛෝ මිත්තේ චත්තාරෝ - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
සක්කච්චං පයිරුපාසෙය්‍ය - මාතා පුත්තංව  ඕරකං

(නුවණ ඇති පුද්ගලයා මේ මිත‍්‍රයන් සතර දෙනා හ`දුනාගෙන, මවක් තමාගේ පුතෙකු ඇසුරු කරනවා වගේ යහපත් ආකාරයෙන් ඇසුරු කරනවා.*

(18* පණ්ඩිතෝ සීල සම්පන්නෝ - ජලමග්ගීව භාසති
භෝගෝ සංහරමානස්ස - භමරස්සේව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති - වම්මිකෝ වූපචීයති

(සිල්වත්, නුවණ ඇති පුද්ගලයා දිලිසෙන ගින්දර වගේ බබළනවා. මලෙන් රොන් ගන්නා බමරෙක් වගේ, අනුන්ට පීඩාවක් නොකර ධනය රැුස් කරන පුද්ගලයාගේ සම්පත්, වේයන් විසින් බ`දිනු ලබන තුඹස ක‍්‍රමයෙන් වැඩෙනවා වගේ දියුණුවට පත්වෙනවා.*

(19* ඒවං භෝගේ සමාහන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහි
චතුධා විභජේ භෝගේ - සචේ මිත්තානි ගන්ථති

(මේ ආකාරයට වස්තු රැුස්කරලා ගිහිගෙයි වාසය කරන්ට හැකි පුද්ගලයා වස්තුව සතර කොටසකට බෙදනවා. ඔහු මිතුරන් තමා වෙත බැ`ද ගැනීමට සමත් වෙනවා.*

(20* ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ 
චතුත්ථඤ් ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති

(ධනයෙන් එක් කොටසකින් සම්පත් අනුභව කරනවා. දෙකොටසක් කර්මාන්ත ස`දහා යොදවනවා. සතරවැනි කොටස විපතක් පැමිණියාට පස්සේ ප‍්‍රයෝජනයට ගැනීමට තැම්පත් කර තබනවා.*

(21* මාතා පිතා දිසා පුබ්බා - ආචරියා දක්ඛිණා දිසා 
පුත්තදාරා දිසා පච්ඡුා - මිත්තාමච්ඡුා ච උත්තරා

(මාපියන් නැගෙනහිර දිශාවය, ගුරුවරුන් දකුණු දිශාවය, අඹු දරුවෝ බස්නාහිර දිශාවය, මිත‍්‍රාමාත්‍යයන් උතුරු දිශාවය.*

(22* දාසකම්මකරා හෙට්ඨා - උද්ධං සමණබ‍්‍රාහ්මණා
ඒතාදිසා නමස්සෙය්‍ය - අලමත්ථෝ කුලේගිහී

(දැසිදස් කම්කරුවන් යට දිශාවය, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් උඩ දිශාවය. මේ දිශාවන් නමස්කාර කරන්නේ නම් ඔහු ගිහිගෙයි විසිමටද දක්‍ෂයෙක් වෙනවා.* 

(23* පණ්ඩිතෝ සීල සම්පන්නෝ - සණ්හෝ ච පටිභානවා
නිවාතවුත්ති අත්ථද්ධෝ - තාදිසෝ ලභතේ යසං

(ඥානවන්ත, ශීලවන්ත, මෘදු ගති ඇති, වැටහෙන නුවණ තියෙන, යටහත් පැවතුම් තියෙන, තද ගති නැති පුද්ගලයා සැප ලබනවා.*


(24* උට්ඨානකෝ අනලසෝ - ආපදාසු න වේධති
අච්ýන්නවුත්ති මේධාවී - තාදිසෝ ලභතේ යසං

(උට්ඨාන වීර්යය තියෙන, අලස නැති, විපත්වලදී කම්පා නොවන, සිදුරු නොවූ පැවතුම් ඇති නුවණැති පුද්ගලයා සැප ලබනවා.*

(25* සංගාහකෝ මිත්තකරෝ - වදඤ්ඤූු විතමච්ඡුරෝ
නේතා විනේතා අනුනේතා - තාදිසෝ ලභතේ යසං

(සංග‍්‍රහ කරන්නාවූ, මිත‍්‍රයන් සොයන්නාවූ, මිතුරු වචන වටහා ගන්නාවූ, මසුරු මළ දුරුකළාවූ, හිත වැඩ සලසන්නාවූ, පුන පුනා ම`ග පෙන්වන්නාවූ තැනැත්තා සැප ලබනවා.*   

(26* දානං ච පෙය්‍යවජ්ජං ච - අත්ථචරියා ච යා ඉධ
සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං

(දානය ද, ප‍්‍රිය වචන කීම ද, අනුන්ට හිත වැඩ පිණිස හැසීරීම ද, තමන් සේ අනුන් සැලකීම ද, සුදුසු පරිදි ඒ ඒ තැන හැසිරීමද,*

(27* ඒතේ ඛෝ සංගහා ලෝකේ - රථස්සාණීව යායතෝ
ඒතේ  ච සංගහා නාස්සු - න මාතා පුත්තකාරණා
ලභේථ මානං පූජං වා - පිතා වා පුත්තකාරණා

(යන මේ කරුණු  ගමන් කරන රියකට කඩ ඇණය වගෙයි. මේ කරුණු නොමැති නම් මව හා පියා දරුවන්ගෙන් බුහුමන් හෝ පිදුම් ලබන්නේ නෑ.*

(28* යස්මා ච සංගහේ ඒතේ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
තස්මා මහන්තං පප්පොන්ති - පසංසා ච භවන්ති තේ

(යම් ආකාරයකින් නුවණැති අය මේ සතර සංග‍්‍රහ වස්තු මනාව සලකා බලනවා නම් ඒ අය මහත්ත්‍වයට පැමිණෙනවා. අනෙක් අයගේ ප‍්‍රශංසා ලැබිය යුතු අය බවට ද පත්වෙනවා.*

ව්‍යග්ඝපජ්ජ සුත්තං

(29* උට්ඨාතා කම්මධෙයේ‍ය්සු - අප්පමත්තෝ විධාන වා
සමං කප්පේති ජීවිකං - සම්භතං අනුරක්ඛති

(කර්මාන්ත දියුණු කිරීම ගැන උට්ඨාන වීර්යයෙන් යුක්තවූ, විධාන දීමෙහි දක්‍ෂවූ කෙනා මැනවින් රැුකෙනවා.*

(30* සද්ධෝ සීලේන සම්පන්නෝ - වදඤ්ඤුුවිතමච්ඡුරෝ
නිච්චං මග්ගං විසෝධේති - සොත්ථානං සම්පරායිකං

(ශ‍්‍රද්ධාව තියෙන, සිල්වත්වූ, යාචකයන්ගේ වචන හ`දුනන්නාවූ, පහවූ මසුරු මළ ඇති පුද්ගලයා පරලොව යහපතට හේතු වන කුසල මාර්ගය පිරිසිදු කර ගන්නවා.*

(31* ඉච්චේ තේ අට්ඨධම්මා - සද්ධස්ස ඝරමේසිනෝ
අක්ඛාතා සච්චනාමේන - උභයත්ථ සුඛාවහං

(ගිහි සැප සොයන ශ‍්‍රද්ධාවන්තයන්ට මෙලොව හා පරලොව සැප පිණිස, බුදුරජාණන් වහන්සේ  මෙම කරණු දේශනා කළා.*



(32* දිට්ඨධම්මහිතත්ථාය - සම්පරාය සුඛාය ච 
ඒමමේවං ගහට්ඨානං - චාගෝ පුඤ්ඤං පවඞ්ඪති


(මෙලොව හිත පිණිස හා පරලොව සැප පිණිස ගිහියන් උදෙසා දේශනා කරන ලද මෙම කරුණු නිසා ගිහි අයගේ ත්‍යාගය හා පින වැඩෙනවා.*

පරාභව සුත්තං

(33* පරාභවන්තං පුරිසං - මයං පුච්ඡුාම ගෝතමං
භගවන්තං පුට්ඨුමාගම්ම - කිං පරාභවතෝ මුඛං

(මිනිසාගේ පිරිහීමට හේතු වන කරුණු ගෞතමයන් වහන්සේගෙන් විමසන්නට අපි පැමිණියෙමු. පුද්ගලයාගේ පිරිහීමට හේතු වන කරුණු මොනවාද?*

(34* සුවිජානෝ භවං හෝති - සුවිජානෝ පරාභවෝ
ධම්මකාමෝ භවං හෝති - ධම්මදෙස්සි පරාභවෝ

(දියුණු වන පුද්ගලයා මැනවින් හ`දුනාගන්ට පුළුවන්. පිරිහෙන පුද්ගලයාත් මැනවින් හ`දුනාගන්ට පුළුවන්. ධර්මයට කැමැති කෙනා දියුණු වෙනවා. ධර්මයට ද්වේෂ කරන කෙනා පිරිහෙනවා.*

(35* ඉති හේතං විජානාම - පඨමෝ සෝ පරාභවෝ 
දුතියං භගවා බ‍්‍රෑහි - කිං පරාභවතෝ මුඛං

(පිරිහීමට හේතු වන පළමු වන කාරණය දැනගත්තා. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතු වන දෙවන කාරණය කුමක්දැයි වදාරන්න.*

(36* අසන්තස්ස පියා හොන්ති - සන්තේ න කුරුතේ පියං
අසතං ධම්මං රෝචේති - තං පරාභවතෝ මුඛං

(පිරිහෙන පුග්ගලයා අසත්පුරුෂයන්ට කැමැති වෙනවා. සත්පුරුෂයන්ට කැමැති වෙන්නේ නෑ. ඔහු අසත්පුරුෂයන්ගේ ධර්මයට කැමති වෙනවා. එම කරුණු පිරිහීමට හේතු වෙනවා.*
(37* ඉති හේතං විජානාම - දුතියෝ සෝ පරාභවෝ 
තතියං භගවා බ‍්‍රෑහි - කිං පරාභවතෝ මුඛං

(පිරිහීමට හේතු වන දෙවන කාරණය දැනගත්තා. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතු වන තුන්වන කාරණය කුමක්දැයි වදාරන්න.*

(38* නිද්දාසීලී සභාසීලී - අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤානෝ - තං පරාභවතෝ මුඛං

(නිතර නිදනසුලූ වීම, සභාසීලී වීම හෙවත් මිනිසුන් රැුස්වන තැන්වලට ඇලූම් කිරීම, උත්සහවන්ත නොවීම,  අලසවීම, කිපීම යන කරුණු පිරිහීමට හේතු වේ.*

(39* යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූසන්තෝ න භරති - තං පරාභවතෝ මුඛං

(යම් කෙනෙක් පොහොසත්ව සිටියදීත්, ජරාවට පත්වූ සිය මවුපියන් පෝෂණය කරන්නේ නැති නම් ඔහු පිරිහීමට පත් වෙනවා.*




(40* යෝ බ‍්‍රාහ්මණං වා සමණං වා - අඤ්ඤං වාපි වණිබ්බකං
මුසාවාදේන වඤ්චේති - තං පරාභවතෝ මුඛං

(යමෙක් බමුණෙකු හරි ශ‍්‍රමණයෙකු හරි යාචකයෙකු හරි බොරුවෙන් රවටනවා නම් එය පිරිහීමට හෙතුවක් වෙනවා.*

(41* පහූතවිත්තෝ පුරිසෝ - සහිරඤ්ඤෝ සභෝජනෝ 
ඒකෝ භුඤ්ජති සාදුනි - තං පරාභවතෝ මුඛං

(බොහෝ වස්තුව තියෙන, රන් කහවනු තියෙන, භෝජන තියෙන පුද්ගලයෙක් මිහිරි, රසවත් දේවල් තනිවම අනුභව කරනවා නම් එය පිරිහීමට කාරණයක් වෙනවා.*

(42* ජාතිත්ථද්ධෝ ධනත්ථද්ධෝ - ගොත්තත්ථද්ධෝ ච යෝ නරෝ
සඤ්ඤාතිං අතිමඤ්ඤේති - තං පරාභවතෝ මුඛං

(යම් මිනිසෙක් ජාතිය නිසා දැඩි මාන්නය ඇති කරගෙන ඉන්නවා නම්, ධනය නිසා දැඩි මාන්නය ඇති කරගෙන ඉන්නවා නම්, ගෝත‍්‍රය නිසා දැඩි මාන්නය ඇති කරගෙන ඉන්නවා නම්, තමන්ගේ නෑයන් පහත් කොට සිතනවා නම් එම කරුණු පිරිහීමට හේතු වෙනවා.*

(43* ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ - අක්ඛධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති - තං පරාභවතෝ මුඛං

(යම් කෙනෙක් ස්ත‍්‍රීන්ට ලොල් වෙනවා නම්, සුරාවට ලොල් වෙනවා නම්, සූදු ක‍්‍රීඩාවෙහි ලොල් වෙනවා නම්, ලබන ලබන දෙය වනසා ගන්නවා නම් එම කරුණු පිරිහීමට හේතු වෙනවා.*

(44* සේහි දාරේහි සන්තුට්ඨෝ - වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු - තං පරාභවතෝ මුඛං

(සිය භාර්යාවගෙන් සෑහිමට පත් නොවන කෙනෙක් වෙස`ගනන් වෙතට යනවා නම් එය පිරිහීමට හේතුවක් වෙනවා.*

(45* අතීතයොබ්බනෝ පෝසෝ - ආනේති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සා න සුපති - තං පරාභවතෝ මුඛං

(තරුණ බව ඉක්මවා ගිය පුද්ගලයෙක් තිඹිරි ගෙඩි වගේ පියවුරු තිබෙන තරුණියක ආවාහ කර ගෙන ඇය නිසා නොනිදා ඉන්නවා නම් එය පිරිහීමට හේතුවක් වෙනවා.*

(46* ඉත්ථිසොණ්ඩිං විකිරණිං - පුරිසං වාපි තාදිසං
ඉස්සරියස්මිං ඨපාපේති - තං පරාභවතෝ මුඛං

(කෑමට (මස්, මත්පැන් හා මත්ද්‍රව්‍ය* කෑදරවූ, ඒ ස`දහා වස්තුව වැය කරන ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් යම් තැනක අධිපති බවට පත් කර ගන්නවා නම් එය පිරිහීමට හේතුවක් වෙනවා.*

(47* අප්පභෝගෝ මහාතණ්හෝ - ඛත්තියේ ජායතේ කුලේ
සෝ ච රජ්ජං පත්ථයති - තං පරාභවතෝ මුඛං

(අල්ප වූ භෝග ඇති, දැඩි තණ්හාව ඇති, ක්‍ෂත‍්‍රිය කුලයෙහි උපන්නාවූ යමෙක් රජවෙන්නට පතනවා නම් එය පිරිහීමට කාරණයක් වෙනවා.*



(48* ඒතේ පරාභවේ ලෝකේ - පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියෝ දස්සනසම්පන්නෝ - ස ලෝකං භජතේ සිවන්ති

(පිරිහීමට හේතු වන මෙම කරුණු විමසා බලා, උතුම් වූ, දැකුම් නුවණින් යුක්ත වූ එම පණ්ඩිතයා බියෙන් තොරවූ සුගතිය ඇසුරු කරනවා.*


ධම්මික සුත්තං

(49* පුච්ඡුාමි තං ගෝතම භූරිපඤ්ඤ - කථංකරෝ සාවකෝ සාධු හෝති
යෝ වා අගාරා අනගාරමේති - අගාරිනෝ වා පනුපාසකාසේ 

(මහාප‍්‍රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙන් අසමි. අනාගාරික වූ පැවිද්දන් ඉන්නවා. අගාරීය වූ ගිහියන් ඉන්නවා. මේ ගිහි පැවිදි අයගෙන් කෙසේ කටයුතු කරන අය යහපත්වේ ද?*

(50* තුවං හි ලෝකස්ස සදේවකස්ස - ගතිං පජානාසි පරායණඤ් ච
නචත්ථි තුල්‍යෝ නිපුණත්ථදස්සී - තුවං හි බුද්ධං පවරං වදන්ති

(ඔබ වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි පස්වැදෑරුම් ගතිය ද, නිර්වාණය ද දන්නවා. ඔබ වහන්සේ හා සම කළ හැකි සියුම් අර්ථ දකිනසුලූ වෙනත් කෙනෙක් නෑ. එය එසේමයි. ඔබ වහන්සේට උතුම් වූ බුද්ධ කියල කියනවා.*

(51* සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං - පකාසේසි සත්තේ අනුකම්පමානෝ
විවත්තච්චද්දෝසි සමන්තචක්ඛු - විරෝචසී විමලෝ සබ්බලෝකේ

(පසැස් ඇත්තවුන් වහන්ස, ඔබ වහන්සේ සියලූ විදර්ශනා ඥානය ද, ප‍්‍රතිපත්ති ධර්මය ද දැන, සත්වයන්ට අනුකම්පා කරමින් දේශනා කරන සේක. සියලූ කෙලෙස් පහකර හැරි සේක. සර්වඥ වන සේක. එහෙයින් නිර්මල වූයේ සියලූ ලෝකයෙහි බබළන සේක.*

(52* ආගඤ්ජි තේ සන්තිකේ නාගරාජා - ඒරාවණෝ නාම ජිනෝති සුත්වා 
සෝපි තයා මන්තයිත්වා අජ්ඣගමා - සාධූති සුත්වාන පතීතරූපෝ

(පස්මරුන් දිනූ බව අසා ඓරාවණ නමැති නාගරාජයා ඔබ වහන්සේ ළ`ගට පැමිණියා. හෙතෙම ද ඔබ වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා, බණ අසා සතුටුවී ආපසු ගියා.*

(53* රාජාපි තං වෙස්සවණෝ කුවේරෝ  - උපේති ධම්මං පරිපුච්ඡුමානෝ
තස්සාපි ත්වං පුච්ýතෝ බ‍්‍රෑසි ධීර - සෝ චාපි සුත්වාන පතීතරූපෝ

(කුවේර නම් වූ වෛශ‍්‍රවණ රජතුමා ද ධර්මය විමසමින් ඔබ වහන්සේ වෙත පැමිණියා. ධීරයන් වහන්ස, ඔබවහන්සේ ඔහුට ධර්මය දේශනා කළ සේක. ඔහු බණ අසා සතුටට පත්වුණා.*

(54* යේ කේචි මේ තිත්ථියා වාදසීලා - ආජීවකා වා යදි වා නිගණ්ඨා 
පඤ්ඤාය තං නාතිතරංති සබ්බේ - ඨිතෝ වජන්තං විය සීඝගාමිං

(වාද කරනසුලූ තීර්ථකයන් ද, ආජීවකයන් ද, නිගණ්ඨයන් ද ඉන්නවා. ඒ සියලූ දෙනාම ප‍්‍රඥාවෙන් ඔබ වහන්සේ ඉක්මවන්නේ නෑ. කොහොමද කියනවා නම් ඉක්මනින් ගමන් කරන ඇතෙක් එකතැන හිටගෙන සිටින කෙනා පරදනවා වගෙයි.* 




(55* යේ කේචි මේ බ‍්‍රාහ්මණා වාදසීලා - වුද්ධා චාපි බ‍්‍රාහ්මණා සන්ති කේචි
සබ්බේ තයි අත්ථබද්ධා භවන්ති - යේ චාපි චඤ්ඤේ වාදිනෝ මඤ්ඤමානා

(වාද කරනසුලූ බමුණන් ද, වෘද්ධ බ‍්‍රාහ්මණයන් ද, වාද කිරීමට තමන් දක්‍ෂ යැයි හ`ගවන අය ද  ඔබ වහන්සේ සම`ග වාද කිරීම ස`දහා අර්ථ බන්ධනය කළා.*

(56* අයං හි ධම්මෝ නිපුණෝ සුඛෝ ච - යෝ යං තයා භගවා සුප්පවුත්තෝ 
තමේව සබ්බේ සස්සූයමානා - තං නෝ වද  පුච්ýතෝ  බුද්ධසෙට්ඨං

(භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් යම් ධර්මයක් මැනවින් දේශනා කළා ද ඒ ධර්මය සියුම් වෙනවා. සැප දායක වෙනවා. අපි ඒ ධර්මය අහන්ට කැමැතියි. ධර්මය පිළිබ`ද විමසූ අපට ඔබ වහන්සේ ධර්මය වදාරන සේක්වා.*

(57* සබ්බේපි මේ භික්ඛවෝ සන්නිසින්නා - උපාසකා චාපි තථේව සෝතුං
සුණන්තු ධම්මං විමලේනානුබද්ධං - සුභාසිතං වාසවස්සේව දේවා

(මේ සියලූම භික්‍ෂූන් වහන්සේලාත් ඒ වගේම උපාසකයනුත් ධර්මය අහන්නයි ඉන්නේ. දෙවියෝ ශක‍්‍රදෙවියන්ගේ අනුශාසනය අහනව වගේ, නිර්මලවූ සර්වඥයන් වහන්සේ විසින්  අවබෝධ කර ගත් ධර්මය සියලූ දෙනා අසත්වා.*

(58* සුණාථ මේ භික්ඛවෝ යාචයාමි වෝ - ධම්මං ධූතං තතඤ්ච ධරාථ සබ්බේ 
ඉරියාපථං පබ්බජිතානුලෝමිකං - සේවේථ තං අත්ථදස්සි මුතිමා

(මහණෙනි, මා කියන දේ අසන්න. නුඹලාට ධුත ධර්මය හෙවත් කෙලෙස් කම්පනය කරන ප‍්‍රතිපදාව කියා දෙන්නම්. සියලූ දෙනාම එය ධාරණය කර ගන්න. පැවිද්දන්ට සුදුසු වූ සතර ඉරියව් ද තමන්ට හිත වැඩ කැමැති ප`ඩිවරයා ද ඇසුරු කළ යුතුයි.*

(59* න වේ විකාලේ විචරෙය්‍ය භික්ඛු - ගාමඤ්ච පිණ්ඩාය චරෙය්‍ය කාලේ
අකාලචාරිං හි සජන්ති සංගා - තස්මා විකාලේ න චරන්ති බුද්ධා

(භික්ෂුව අකාලයෙහි පිණ්ඩපාතයේ හැසිරෙන්නේ නෑ. සුදුසු කාලයේදී ගමෙහි පිණ්ඩපාතයේ හැසිරෙනවා. නුසුදුසු කාලයෙහි පිණ්ඩපාතයේ වඩින භික්‍ෂුව රාගය වැනි බැ`දීම් වැළ`දගන්නවා. ඒ නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ තැනැත්තා නුසුදුසු කාලයෙහි ගමේ හැසිරෙන්නේ නෑ.*

(60* රූපා ච සද්දා ච රසා ච ගන්ධා - ඵස්සා ච යේ සම්මදයන්ති සත්තේ
ඒතේසු ධම්මේසු විනෙය්‍ය ඡුන්දං - කාලේන සෝ පවිසේ පාතරාසං

(රූපය ද, ශබ්දය ද, ගන්ධය ද, රසය ද, ස්පර්ෂය ද යන පඤ්ච කාමයන්  සත්වයා විශේෂයෙන් මුළාවට පත්කරනවා. ඒ බුද්ධ ශ‍්‍රාවකයන් වහන්සේ මේ පඤ්ච කාමය පිළිබ`ද ආලය දුරු කරලා, සුදුසු කාලයෙහි පිණ්ඩපාතය ලැබෙන තැනකට පිවිසෙනවා.*

(61* පිණ්ඩඤ්ච භික්ඛු සමයේන ලද්ධා - ඒකෝ පටික්කම්ම රහෝ නිසීදේ
අජ්ඣත්ත චින්ති න මනෝ බහිද්ධා - නිච්ඡුායේ සංගහිතත්තභාවෝ

(භික්‍ෂුව පෙරවරු කාලයෙහි පිණ්ඩපාතය ලබා, හුදකලාව වෙසෙනවා. අනිත්‍යය ආදි වශයෙන් ආධ්‍යාත්මය පිළිබ`ද සිතන අතර සිත බාහිර අරමුණු කෙරෙහි පතුරවන්නේ නැහැ.*  

(62* සචේපි සෝ සල්ලපේ සාවකේන - අඤ්ඤේන වා කේනචි භික්ඛුනා වා
ධම්මං පණීතං තමුදාහරෙය්‍ය - න පේසුනං නෝපි පරූපවාදං

(එම භික්‍ෂුව ශ‍්‍රාවකයෙකු සම`ග හරි තීර්ථකයන් වැනි අනෙක් ආගමිකයෙකු සම`ග හරි භික්‍ෂුවක් සම`ග හරි කථා කරනවා නම් ඔහුට ප‍්‍රණීත වූ ධර්මය කියා දෙනවා. පිසුනාවාච (කේලම්* කියන්නේ නෑ. අනුන්ගේ අඩුපාඩු කියන්නේ නෑ.*

(63* වාදං හි ඒකේ පටිසේනියන්ති - න තේ පසංසාම පරිත්තපඤ්ඤේ
තතෝ තතෝ නේ පසජන්ති සංගා - චිත්තං හි තේ තත්ථ ගමෙන්ති ¥රේ  

(වාදය, නුවණ ම`ද ඇතැම් අය පිරිස් මැදට පැමිණ වීමට හේතු වෙනවා. එවන් වාදකරුවන්ට ප‍්‍රශංසා නොකළ යුතුයි. විවාදමූලික කෙලෙස් එවන් වාදකරුවන්ව වැල`දගන්නවා. එම නිසා ඒ අය තමන්ගේ හිත සමාධියෙන් දුරට යවනවා.*

(64* පිණ්ඩං විහාරං සයනාසනඤ්ච - ආපඤ්ච සංඝාටිරජූපවාහනං
සුත්වාන ධම්මං සුගතේන දේසිතං - සංඛාය සේවේ වරපඤ්ඤසාවකෝ

(බුද්ධ ශ‍්‍රාවකයා බුදුරදුන්ගේ බණ අහලා පිණ්ඩපාතයයි, ආවාසයයි, සේනාසනයයි, ගිලන්පසයි ප‍්‍රත්‍යවෙක්‍ෂ කර භාවිත කරනවා.*

(65* තස්මා හි පිණ්ඬේ සයනාසනේ ච - ආපේ ච සංඝාටිරජූපවාහනේ 
ඒතේසු ධම්මේසු අනූපලිත්තෝ - භික්ඛු යථා පොක්ඛරේ වාරිබින්දු

(එම නිසා ඒ භික්‍ෂුව නෙළුම් කොළයකට දිය බින්දුවක් දැම්මාක් මෙන් පිණ්ඩපාතය, සේනාසන, සිවුරු, ගිලන්පස යන මේ ප‍්‍රත්‍යයවලට ඇලේන්නේ නෑ.*

(66* ගහට්ඨවත්තං පන වෝ වදාමි - යථාකරෝ සාවකෝ සාධු හෝති
න හේසෝ ලබ්භා සපරිග්ගහේන - ඵස්සේතුං සෝ කේවලෝ භික්ඛු ධම්මෝ

(යහපත් ගිහියෙකු වශයෙන් ජීවත්වීමට අවශ්‍ය ක‍්‍රමවේදය දේශනා කරමි. කෙත්වතු ඇති අයට සම්පූර්ණ භික්‍ෂු ප‍්‍රතිපදාවට පිවිසීමට නොහැකියි.*

(67* පාණං න භානේ න ච ඝාතයෙය්‍ය - නවානුජඤ්ඤා හනතං පරේසං
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං - යේ ථාවරා යේ ච තසන්ති ලෝකේ

(ලෝකයෙහි බියෙන් වාසය කරන සත්වයන් ඉන්නවා. සියලූ සත්වයන්ට ද`ඩු, මු`ගුරු ආදියෙන් ප‍්‍රාණවධ නොකළ යුතුයි. අනුන් ලවා ප‍්‍රාණවධ නොකරවිය යුතුයි. කරන්නන්ට අනුබල නොදිය යුතුයි.*

(68* තතෝ අදින්නං පරිවජ්ජයෙය්‍ය - කිඤ්චි ක්වචි සාවකෝ බුජ්ඣමානෝ
නහාරයේ හරනං නානුජඤ්ඤා - සබ්බං අදින්නං පරිවජ්ජයෙය්‍ය

(ආර්ය ශ‍්‍රාවකයා ‘මෙය අනුන් සතුය’ යන්න දැන නුදුන්නාවූ ස්වල්ප දෙයක් වුවත් ගන්නේ නැහැ. අනුන්ලවා සොරකම් කරවන්නේත් නෑ. සොරකමට අනුබල දෙන්නේත් නෑ.*

(69* අබ‍්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය - අංගාරකාසුං ජලිතං ච විඤ්ඤු
අසම්භුණන්තෝ පනන බ‍්‍රහ්මචරියං - පරස්ස දාරං නාතික්කමෙය්‍ය

(නුවණැති තැනැත්තා දිලිසෙන අ`ගුරු වළක් මෙන් සිතා කාම සේවනය අත්හරිනවා. බ‍්‍රහ්මචරියාව රැුකීමට නොහැකි නම් පරඅඹුවන් සේවනයෙන් හෝ වැළකිය යුතුයි.*

(70* සභග්ගතෝ වා පරිසග්ගතෝ වා - ඒකස්ස චේකෝ න මුසා භණෙය්‍ය
න භාණයේ භණතං නානුජඤ්ඤා - සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍ය

(නුවණැති කෙනා පිරිස් මැදදී හරි එක් අයෙකු ඉදිරිපිටදී හරි බොරු කියන්නේ නැහැ. අනුන් ලවා කියවන්නේත් නැහැ. බොරු කියන්නන්ට අනුබල දෙන්නේත් නැහැ.*



(71* මජ්ජඤ්ච පානං න සමාචරෙය්‍ය - ධම්මං ඉමං රෝචයේ යෝ ගහට්ඨෝ
න පායයේ පිබතං නානුජඤ්ඤා - උන්මාදනන්තං ඉති නං විදිත්වා

(නුවණැති ගිහියා මත්පැන් පානය කිරීම උමතුවට හේතු වන බව දැන මත්පැන් පානයෙන් වළකිනවා. පානය කරන අයට අනුබල දෙන්නේ්ත් නැහැ.*

(71* මදා හි පාපානි කරොන්ති බාලා - කරොන්ති චඤ්ඤේපි ජනේ පමත්තේ 
ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ - උම්මාදනං මෝහනං බාලකන්තං

(බාලයන් (අඥානයන්* මත්වීම නිසා පව් කරනවා. අනෙක් අය ද පමාවූවන් බවට පත්කරනවා. මෙලොව, පරලොව මුළාව හා අමතු බව ඇති කරන, මෝඩයන්ට ප‍්‍රිය වූ, අකුශලයට ආකරයක් බ`දු වූ මේ මත්පැන් පානය දුරු කළ යුතුයි.*

(72* පාණං න හානේ නචාදින්නමාදියේ - මුසා න භාසේ න ච මජ්ජපෝසියා
අබ‍්‍රහ්මචරියා විරමෙය්‍ය මේථුනා - රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභෝජනං





(ප‍්‍රාණඝාතය නොකිරීම, නොදුන්දේ නොගැනීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් පානයෙන් වැළකීම, ළාමක පැවැත්මක් වූ කාම සේවනයෙන් වෙන් වීම, රාත‍්‍රියෙහි අනුභව කිරීමෙන් වැළකීම,*

(73* මාලං න ධාරේ න ච ගන්ධමාචරේ - මඤ්චේ ඡුමායං ච සයේථ සන්ථතේ   
ඒතංහි අට්ඨංගිකමාහුපෝසථං - බුද්ධේන දුක්්ඛන්තගුනා පකාසිතං

(මල්මාලා නොදැරීම, සුව`ද විලවුන් නොගැල්වීම, කැප ඇෙ`දහි හෝ කැප ඇතිරිලි ඇතිරූ යහනෙහි හෝ පිරිසිදු බිම නිදා ගැනීම යන මේ කරුණු, දුකෙහි කෙළවරට පැමිණි බුදුන් වහන්සේ විසින් වදාරණ ලද අංග අටකින් යුක්ත වූ උපෝෂථ සීලයයි.*

(74* තතෝ ච පක්ඛස්සුපවස්සුපෝසථං - චාතුද්දසිං පඤ්චදසිඤ්ච අට්ඨමිං
        පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසෝ - අට්ඨංගුපේතං සුසමන්තරූපං

එම නිසා තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරියපක්ඛ යන උපෝසථ දිනවල, පහන් සිතින් යුතු පුද්ගලයා මනාව අෂ්ටාංග උපෝසථය ආරක්‍ෂා කළ යුතුයි.*

(75* තතෝ  ච පාතෝ උපවුත්ථුපෝසථෝ - අන්නේන පානේන ච භික්ඛු සංඝං
පසන්න චිත්තෝ  අනුමෝදමානෝ  - යථාරහං සංවිභජේථ විඤ්ඤූු

(අනතුරුව අලූයම් කාලයේ උපෝසථයෙන් මිදෙන ඔහු පහන් සිතින් යුක්තව, නිරතුරු සතුටින් යුක්තව, භික්‍ෂූන් මෙන් ආහාර ද අෂ්ටවිධ පාන ද වළ`දයි.*

(76* ධම්මේන මාතා පිතරෝ භරෙය්‍ය - පයෝජයේ ධම්මිකං සෝ වණිජ්ජං
ඒතං ගිහී වත්තයං අප්පමත්තෝ - සයං පභේ නාම උපේති දේවේති

(නුවණැති ගිහියා ධාර්මිකව ලද දෙයින් දෙමාපියන් පෝෂණය කරනවා. ධාර්මික දේවල්ම වෙළ`දාම ස`දහා යොදවනවා. මනාව ගිහි වත පුරන ඔහු තමන්ගේ ප‍්‍රභාවෙන් අ`දුර දුරලන, කාමාවචර දෙවියන් අතර උපදිනවා.*

No comments:

Post a Comment