Sunday, November 30, 2014

අංගුත්තර නිකායෙහි වණිජ්ජා සූත‍්‍රයෙන් ප‍්‍රකට වන වෙළදාම පිළිබඳ බෞද්ධ සංකල්පය


අංක වශයෙන් පෙළගස්වා ඇති සූත‍්‍ර අංගුත්තර නිකායෙහි දී සංග‍්‍රහා වේ. අංගුත්තර නිකායට්ඨකථාවේ දී ‘‘ධම්මකථිකපුංගවානං විචිත්තපටිභාන ජනනස්ස’’ ලෙස අංගුත්තර නිකායෙහි අන්තර්ගතය පිළිබඳ කරුණු දක්වා ඇත. ප‍්‍රස්තුතාගත සූත‍්‍රය පිළිබඳ කරුණු අධ්‍යයනයේ දී වණිජ්ජා නාමයෙන් ගැනෙන සූත‍්‍ර ධර්මයන් දෙකක් අංගුත්තර නිකායේ සඳහන් වන බව හඳුනාගත හැක. පළමු වණිජ්ජා සූත‍්‍රය දැක්වෙන්නේ චතුක්ක නිපාතයේය. එහි දෙවැනි සූත‍්‍රය පඤ්චක නිපාතයෙහි සිව්වැනි පණ්ණාසකයේ උපාසක වග්ගයේ අන්තර්ගත වේ.
පඤ්චක නිපාතයෙහි අන්තර්ගත වණිජ්ජා සූත‍්‍රයේ දී කියැවෙන්නේ බෞද්ධ උපාසකයකු විසින් නොකළ යුතු වෙළදාම් පහක් පිළිබඳවයි. (පඤ්චිමා භික්‍ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා*
x සත්‍ථවණිජ්ජා - සත්ත්ව හිංසාව පිණිස හේතු වන අවි වෙළ\ම
x සත්තවණිජ්ජා - වහල් වෙළ\ම
x මංසවනිජ්ජා - මස් පිණිස සතුන් වෙළ\ම
x මජ්ජවණිජ්ජා - මත් පැන් මත්කුඩු ආදිය විකිණීම
x විසවණිජ්ජා - වස විස වෙළ\ම 

මෙම වෙළ\ම් පඤ්චකය බෞද්ධ උපාසකයකු විසින් නොකළ යුතු අතර එය වෙළ\ම විෂයෙහි බෞද්ධ සම්ප‍්‍රදායෙන් පැන වූ සීමාවක් වැනිය. එසේම මෙසේ සීමා පැනවීමෙන් පමණක්ම නොනවතින බුදු සමය ඒ සඳහා විකල්පයන් ද යෝජනා කොට තිබීම සුවිශේෂී කරුණකි.

අනෙක් වණිජ්ජා සූත‍්‍රය අන්තර්ගත වන්නේ චතුක්ක නිපාතයේ ය. ප‍්‍රධාන කරුණු හතරක් යටතේ සූත‍්‍රය දේශනා කොට ඇති අතර පරලොව සිදු කළ කම_ානුරූපව ඒ ඒ පුද්ගලයා විසින් මෙලොව දී සිදු කරන ව්‍යාපාරාදිය සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට කවර හේතූන් බලපාන්නේ ද යන්න මෙම සූත‍්‍රයේ දී විවරණය වේ. සැරියුත් හිමියන් විසින් අසන ලද ප‍්‍රශ්න සඳහා පිළිතුරු වශයෙන් මෙම සූත‍්‍රය දේශනා කොට ඇත.
x කිසියම් පුද්ගලයෙක් කිසියම් වෙළ\මක් ආරම්භ කොට පවත්වාගෙත යනු ලබන්නේ එය විනාශ වන සුළු වේද (ෙඡ්දගාමිනී හොති* එයට හේතු කවරේද? ප‍්‍රත්‍ය කවරේද? (ෙඡ්දං ගච්ඡුතීති යං පත්‍ථිතං තං සබ්බං නස්ස්ති*
x යමෙක් යම් වෙළ\මක් ආරම්භ කොට එය ස්වකීය අදහස පරිදි (න යථාධිප්පායං* සිදු නොවන්නේ ද? එයට කවර හේතුවක් බලපාන්නේ ද? (යථාජ්ඣාසයා න හොති*
x කිසියම් පුද්ගලයෙක් කිසියම් වෙළ\මක් ආරම්භ කොට එය මැනවින් පවත්වාගෙන යන අතර හෙතෙම එයින් අධිකතර ලාභයන් ලබයි ද? එයට කිනම් හේතුවක් බලපාන්නේ ද? (අජ්ඣාසයතො හොති*
x යමෙක් ආරම්භ කළ වෙළ\ම ස්වකීය අදහස් පරිදි සිදු වේද? එයට හේතු කවරේද? ( අධිකතරඵලො හොති*
යන ප‍්‍රශ්න චතුස්කයට පිළිතුරු වශයෙන් බුදු හිමියන් ඒ ඒ උපද්‍රවයන් හා වාසි ප‍්‍රයෝජනයන් සඳහා කවර බලපෑමක් හේතු වන්නේ ද යන වග දක්වමින් මෙම සූත‍්‍රය දේශනා කොට ඇත.
x ඇතමෙක් මහණ බමුණෙකු කරා ගොස් ‘වහන්ස, කවර නම් ප‍්‍රත්‍යක් රුචිවන්නේ දැයි අසා උක්ත ශ‍්‍රමණ බමුණන්ට එකී ප‍්‍රත්‍යන් නොදෙයි. හෙතෙම එම අත්බවින් පසුව වෙනත් භවයක දී යම් වණික් කර්මයක් ආරම්භ කරයි ද, එය විනාශයට පත් වේ.
x මහණුන්ට හෝ ශ‍්‍රමණයන්ට යමක් දීමට පොරන්දු වී එය අදහස් කළ පරිද්දෙන් ලබා නොදෙයි ද, පසු අත්බවයෙහි අරඹන ඔහුගේ වණික් කම_ය අදහස් පරිදි සිදු නොවේ.
x යමෙක් ශ‍්‍රමණ බමුණන්ට වෙත එලඹ යම් ප‍්‍රත්‍යක් ලබාදීමට පොරොන්දු වී එය අදහස් කළ පරිද්දෙන්ම ලබා දෙයි ද, හෙතෙම වෙනත් භවයක දී යම් වණික් කම_යක් ආරම්භ කරයි ද, එය අදහස් පරිදි පූරණය වේ.
x ශ‍්‍රමණයන් වෙත යමෙක් යම් ප‍්‍රත්‍යක් ලබාදීමට රුචි වී එය අදහස් කළාටත් වඩා අධික ලෙස පූරණය කරයි ද, හෙතෙම වෙනත් අත්බවයක දී යම් වණික් කම_යක් ආරම්භ කරයි ද, එකී කර්මාන්තය අදහස් කළාටත් වඩා අධික ලෙස සාර්ථකත්‍වයට පත් වේ.

ආශි‍්‍රත ග‍්‍රන්ථමාලා 
01. අංගුත්තර නිකාය, ද්වතීය භාගය, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, 1962.
02. අංගුත්තර නිකාය, තෘතීය භාගය, ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, 1968.
03. මනෝරථපූරණී නාම අංගුත්තරනිකායට්ඨකථා, ද්වතීය භාගය, හේවාවිතාරණ ප‍්‍රකාශනය, 1931.
04. බෙලිගල්ලේ ධම්මජෝති හිමි, බෞද්ධ ආර්ථික දර්ශනය, ශ‍්‍රී දේවි ප‍්‍රින්ටස්, 1993.


No comments:

Post a Comment