ඔබ ධනවතෙක් ද? දුප්පතෙක් ද?
කෙතරම් ධනය තිබුණ ද දුකට පත්වන්නන් සේම කෙතරම් දුප්පත් වුවද ධනවතුන් සේ පෙනෙන මිනිසුන් අපට දැකිය හැකියග එසේ වන්නේ ඇයි?
මේ බඳු වූ විශ්වයේ අපට පෙනෙන නොපෙනෙන දෑ පිළිබඳ ව ඉතා ගැඹුරිනුත්ල ඉතා සරලවත් විග්රහ කිරීමට බුදු දහම සමත් යග එහෙත් විවිධ බලවේගවල ක්රියාකාරීත්වය නිසා වැරැදි අර්ථකථන සැපයීමත් අන්තවාදී සංකල්ප ඉස්මතු වීමත් හේතුකොටගෙන නිර්මල බෞද්ධ දර්ශනය විකෘති කරමින් ලෝ දනන් හට ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති අවස්ථාව මඟහරවාලීමට තැත් දරන බවක් දැන් දැන් පෙනී යයිග
එහි ඵලය වන්නේ නිවැරැදි මඟ පෙනි පෙනී වැරැදි මංමාවත් ඔස්සේ හැල්මේ දුවමින් අනවශ්ය තරගයකට අවතීර්ණ වීමෙන් සතුට නැමැති පරම ධනය විනාශ කරගන්නා පිරිස අතරට තවත් පිරිස් එක්වීම යග
බහුජන හිත සුව පිණිස බුදු දහමේ සරල අර්ථකථනයන් නිවැරැදිව ඉදිරිපත් වන්නේ නම් අනිත්ය ධර්මතාව පමණක් පෙන්වා දෙන දහමක් ලෙස හංවඩු ගසා සඟවාලීමට උත්සාහ දරන බුදු දහමේ ගිහි සැප අත්කර ගැනීමට දී ඇති උපදෙස් මඟින් සිටුවර දිවිපෙවෙතක් ගත කළ හැකි බව බොහෝ දෙනාට අමතකව ගොසිනිග
සැබැවින්ම සැපවත් දිවියක මුල ආර්ථිකයයිග වත්මනෙහි ආර්ථික විද්යාව යනු පුළුල් අර්ථ රැසක් ගන්නා වචනයක් බව මොරටුව එගොඩ උයනේ ශ්රී ජිනේන්ද්ර චෛත්යාරාමාධිපති සාහිත්ය කීර්ති ශ්රී ත්රිපිටක විශාරද රාජකීය පණ්ඩිත පූජ්ය නරමානේ බුද්ධ රක්ඛිත හිමියන්ගේ ලිපියක උපුටා ගැනීමකින් මෙසේ සටහන් කළ හැකියග එනම් ර්‍ණමේ මහ පොළොවේ ජීවත්වන සියලු මිනිසුන්ගේ පැවැත්මට හා හිත සුව පිණිස උපදනා හා උපදවනු ලබන සියලුම ද්රව්යයන් පරිහරණය කිරීම හා බෙදා ගැනුම යනුවෙන් වුවද ආර්ථික විද්යාව හැඳින්විය හැකිය” යන්නයිග
සීමිත සම්පත්වලින් අසීමිත ප්රයෝජන ලබා ගැනීමට මිනිසා දරන උත්සාහයේ දී ඇතිවන තරගයට සාර්ථක ව මුහුණ දීමට බෞද්ධ අර්ථ ක්රමය පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත් වෙයිග
සම්පත් උපයා ගැනීමල ඒවා පරිහරණයල ණය නැති සැහැල්ලු ජීවිතයක් ගතකිරීම හා සතුට ළඟා කර ගැනීමට පුද්ගලයකු කටයුතුª කළ යුතු ආකාරය පිළිබඳ අංගුත්තර නිකායේ අනන සූත්රයෙන් අත්ථ සුඛල භෝග සුඛ හා අනන සුඛ ආදී වශයෙන් පෙන්වා දී තිබේග
නූතන ලෝකයේ ආර්ථිකය කියූ පමණින් මුදල් ඉපැයීම ම ප්රමුඛ පරමාර්ථය සේ සලකයිග එහෙත් වඩා වැදගත් වන්නේ මුදල් නැතහොත් ධනය උපයා ගන්නේ කෙසේද එය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම යග
මෙහිදී ව්යග්ගපජ්ජ සූත්රයේ දේශනා කොට ඇති කරුණු සලකා බැලීම වටීග එහි සඳහන් වන ආකාරයට ආර්ථිකය යනු දිය ඇතුළුවීමේ දොරටු සතරක් ද දිය පිටවීමේ දොරටු සතරක් ද සහිත විලක් මෙනිග යම් පුද්ගලයකු අක්ඛ දුත්තෝ හෙවත් සූදුවෙහි ඇලුනකු නම් සුරා දුත්තෝ හෙවත් සුරාවෙහි ඇලුනකු නම් හා ඉත්ථි දුත්තෝ හෙවත් ස්ත්රී දූර්තයෙහි පවතී නම් විලෙහි පිටවන දොරටු සතර හැර තබා ජලය පිරවීමට උත්සාහ දරන්නා වැනි වෙයිග කෙතරම් ධනය ඉපැයුව ද ආර්ථික විල පිරෙන්නේ නැතග
එසේ නම් ගෘහ ජීවිතය සැපවත් කරගැනීම සඳහා අවශ්ය ධනය රැස් කරගන්නේ කෙසේද?
”තත්ථ දක්ඛෝ හොති – අනලසෝ තත්රෑපායල විමංසාය
සමන්තාගතො අලං කාතුං - අලං සංවිධාතුං”
තමා විසින් තෝරාගනු ලබන රැකියාවෙහි දක්ෂයකු විය යුතුයග අනලස්ව රැකියාව කළ යුතු පිළිවෙළල එය දියුණු කරගන්නා ආකාරය මෙන්ම තමන් විසින් නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයග
එසේ තම රැකියාවෙන් ලබා ගන්නා ධනය සරු ජීවිතයක් ගත කිරීමට මෙන්ම ආර්ය මාර්ගයට පිවිසීමට අපේක්ෂා කරනු ලබන්නා විසින් කරුණු දහයක් ඔස්සේ තම ආර්ථික සම්පත මෙන්ම ආධ්යාත්මික සම්පත වර්ධනය කරගැනීමට උත්සාහ දැරිය යුතු බව අංගුත්තර නිකායේ දසක නිපාතයේ වඩ්ඪි සූත්රයේ දේශනා කොට වදාළහග
කෙත්වතුල ධන ධාන්යල අඹුදරුවන්ල දැසි දසුන් හා කම්කරු පිරිස්ල සිව්පා සතුන් යන පළමු කරුණු පස ලෞකික ජීවිතය සැපවත් කරගැනීම සඳහා යග එසේම ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට හේතුවන සද්ධාල සීලල සුතල ත්යාගල ප්රඥා යන කරුණු පස වර්ධනය කරගන්නා මෙලොවදී මෙන්ම පරලොව දී ද සැපවත් ජීවිතයක් හිමිකර ගනීග
එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ සංවර්ධිත යැයි හඳුන්වන රාජ්යයන් දෙස බලමින් ඒ පියවර අනුගමනය කිරීමට ගොස් අපේ සමාජයේ එදා සිට පැවැති බෞද්ධ අර්ථක්රම සම්ප්රදායයන් අමතක කොට ඕනෑම සාහසික ක්රමයකින් ධනය ඉපැයීමට පෙළඹීමයිග මෙය ලාභ පරමාර්ථයෙන් ඉතා ඉක්මනින් ධනය උපයාගැනීම සඳහා කරන්නා වූ වෙළෙඳ ආර්ථික රටාවේ ප්රධාන අංගයක් බවට පත්ව තිබේග වෙළෙඳාම යනු කිසිවිටෙකත් බෞද්ධ ආර්ථික ක්රමයේ ප්රතික්ෂේපිත ධර්මයක් නොවේග එහෙත් දෙලොව ම හිත සුව පිණිස කටයුතු කරන්නා විසින් අත්හළ යුතු වෙළෙඳාම් පහක් පිළිබඳ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන වනිජ්ජා සූත්රයේ සඳහන් වෙයිග එනම්ල
සත්ත වණිජ්ජා හෙවත් වහල් වෙළෙඳාම
සත්ථා වණිජ්ජා හෙවත් මිනිසා ඇතුළු සියලු සතුන්ගේ මරණයට උපකාර වන අන්දමේ ගිනි අවි යුද අවි ආදිය වෙළෙඳාම් කිරීමග
මංස වණිජ්ජා හෙවත් මස් පිණිස සතුන් ඇති කිරීම හා විකිණීම
මජ්ජ වණිජ්ජා හෙවත් මත්ද්රව්යල වර්තමානයේ එන මත්කුඩු මත්පෙති මත්පැන් ආදී වූ මිනිසාගේ මදයට හා ප්රමාදයට හේතුවන ආකාරයේ ද්රව්ය නිපදවීම හා වෙළෙඳාමග
විස වණිජ්ජා හෙවත් වස විස වර්ග වෙළෙඳාමෙන් කිසියම් වූ පුද්ගලයකු හෝ සමස්ත සමාජයම පරිහානියට පත්ව විනාශ විය හැකියග
එබැවින් සාහසික වූ මේ ධන උපායන මාර්ග ඔස්සේ යන්නා මෙලොව දී තාවකාලිකව සැප සම්පත් ලබන බව පෙනුණ ද යම් මොහොතක එහි ඵල විපාක විඳින අතරම පරලොව දී ද සුවයක් නොලබයිග
වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සේමිය හා පුක්කුස මිතුරන් දෙදෙනා පිළිබඳ මජ්ඣිම නිකායේ කුක්කුරවති සූත්රයේ සඳහන් වේග මේ පුද්ගලයන් දෙදෙනා අතරින් සේමිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ සිය මිත්ර පුක්කුස විසින් කුක්කුර වෘතය හෙවත් සුනඛයකු ලෙස මේ භවයේ හැසිරීම නිසා ඔහුට ඊළඟ අත්භවයේ දී කුමක් සිදුවේද කියායිග කිසිම පිළිවදනක් නොදුන් බැවින් දිගින් දිගටම ඇවටිලි කරමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගිය මේ දෙදෙනාට අවසානයේ මුණින්ද්රයන් වහන්සේ දේශනා කොට වදාළේල යමකු මේ අත්භවයේ යම් ආකාරයකින් හැසිරේද ඊළඟ භවයේදීත් එළෙසම වන බවයිග එනිසා සුනඛ වෘතය පුරන පුක්කුස සුනඛයකුව ද ගෝ වෘතය පුරන සේමිය ගවයකු ලෙස ද මතු භවයේ ඉපදෙනු ඇතැයි වදාළ විට මිතුරෝ දෙදෙනාම හඬන්නට වූහග ඒ කිමදැයි විමසා වදාළ බුදුන් වහන්සේට ඔවුන් පැවසුවේ තමන් හඬන්නේ මතු අත්භවය පිළිබඳ සොවින් නොව මේ භවයේදීම තමන් සිව්පා තත්ත්වයට වැටී ඇති නිසා බවයිග
වැරදි වෙළෙඳාමේ යෙදෙන්නා හට ද මෙසේ වැලපෙන්නට සිදුවන්නේ තමන් මොහොතක සුව පිණිස මේ භවයත් මතු භවයත් දුකෙහි හෙළාගත් බව අවබෝධ වන අවස්ථාවේදීයග එනිසාම දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙහි එන බොහෝ සූත්රයන්හි සාහසික වෙළෙඳාමෙන් ඉවත් විය යුතු ආකාරය සඳහන් වෙයිග
තුලා කූට – කංස කූට – මාන කූට පටි විරතාහොති
උක්කොටන – වඤ්චන – නිකතිසාචි යොගා පටිවිරතාහොති
ඡෙදන – වධ බන්ධන – විපර මොස ආලොප
සහසාකාර පටිවිරතා හොතිග
හොරට කිරීම් මැනීම් ආදී ක්රම මඟින් වැඩි ලාභ ඉපයීමෙන් ද අල්ලස් ගනිමින් ද්රව්ය හිමි අය අහිමියන් කිරීමෙන් ද උපා යොදමින් අනුන් රවටමින් වටිනාකම අඩු කොට ද්රව්ය අයත් කර ගනිමින් කරනු ලබන ව්යාපාරවලින්ද අත් පා සිඳිමින් හෝ මරණයට පත් කරමින්ල රැහැණින් බඳිමින් ආදී වූ වධබන්ධන සැහැසිකම්වලින් ද තොරව තමන්ගේ වස්තු සම්පත් රැස් කළ යුතුය යන්න එහි අර්ථයයිග
එය පුළුල් ලෙස විග්රහ කළ හොත් තමන් විසින් යෙදෙන සම්මා කම්මන්තයේ දී අජීවී පරිසරයට හෝ මිනිසා ඇතුළු කිසිදු සප්රාණිකයකුට හානියක් සිදු නොවිය යුතුය යන්න පැහැදිලි වෙයිග නරක හෝ අකුසල සිතුවිල්ලකින් ගොඩනැඟෙන කර්මාන්තය ද සමාජයටම අයහපතක් කරන බව එයින් ගම්ය වේග මේ පිළිබඳ ව අවබෝධය සහිතව සිය අර්ථ සපයා ගන්නා පුද්ගලයා මෙන්ම එසේ නොවන්නා පිළිබඳ ව මනා විග්රහයක් කරමින් දෙලොවටම වැඩ සහිතව නිෂ්පාදන කාර්යයෙහි නියැළෙන්නට උනන්දු කරවන දේශනාවක් ලෙස අංගුත්තර නිකායේ තික නිපාතයෙහිම එනිද්විචක්ඛු’ සූත්රය දැක්විය හැකියග එනම්ල
මෙලොව ජීවිතය සැපවත් කරගැනීම සඳහා තම නිෂ්පාදනයන් දියුණු කරගැනීමට අපේක්ෂා නොකරන්නෝ ඇස් දෙකම නොපෙනෙන හෙවත් අන්ධ පුද්ගලයෝ වැන්නග ඔවුහු ආර්ය මාර්ගයට පිවිසීමට හේතු වන ශ්රද්ධා ධර්මයන් පිළිබඳව ද උනන්දුවක් නොදක්වතිග
ඒක චක්ඛු හෙවත් එක් ඇසක් පමණක් පෙනෙන්නා ඉහත අංග දෙකින් කුමක් හෝ එකක් උදෙසා මහන්සි වෙයිග
භෞතික හා ලෝකෝත්තර සම්පත්වල අභිවෘද්ධිය උදෙසා කැපවන්නෝ ද්විචක්ඛු හෙවත් දෙඇසට පෙනෙන පුද්ගලයෝ වැන්නග ඒ අතරින්ල
”අන්ධංච ඒක චක්ඛුං ච – ආරකා පරිවජ්ජයේ
ද්වි චක්ඛුං පන සෙවෙථ - සෙට්ඨං පුරිස පුග්ගලං”
අන්ධයාත් එකැස් කනාත් දුරින් දුරස් කළ යුතුයග දෙඇසම පෙනෙන ශ්රේෂ්ඨ පුද්ගලයන් සේවනයටල ආදර්ශයට හා අනුගමනයට තෝරාගත යුතුය යනු බුද්ධ දේශනයයිග එසේ කළ යුතු වන්නේ තමා වෙහෙස මහන්සියෙන් හරි හම්බ කළ ධනය විනාශ මුඛයෙන් බේරා ගැනීම සඳහායග වෙහෙස මහන්සියෙන් හරි හම්බ කිරීම යනුවෙන් වෙසෙසින් පවසන්නට ද හේතු සාධක පවතීග
අංගුත්තර නිකායේ තික නිපාතයේ මහාවග්ගයේ සඳහන් වන පරිදි මනුෂ්යයා විඳින සුඛ දුක්ඛයනට හේතු ඉදිරිපත් වී ඇතග ඉන් පුබ්බේකත හේතුවාදීන් පෙන්වා දුන්නේ වර්තමානයේ මිනිසාට විඳින්නට වන සැප දුක සියල්ලට හේතුව අතීතයේ කළ කර්මය බවයිග
ඉස්සර නිර්මාණවාදීන් හෙවත් ඊශ්වර නිර්මාණවාදය පිළිගත්තවුන් පැවැසුවේ පුද්ගලයන්ගේ මෙලොව ජීවිතය යම් දෙවියකු හෝ බ්රහ්මයකු විසින් පිළියෙල කොට මෙහෙයවන ලද සැලැස්මක් අනුව ක්රියාත්මක වන බවයිග
මේ සියලු මතවාද බැහැර කොට වදාළ බුදුන් වහන්සේල
”උට්ඨාන විරිහාදිගතා - බාහුබලං පරිචිතා
සේදාවක්කිත්තා - ධම්මිකා ධම්මලද්ධා”
උත්සාහයෙන් දහඩිය මුගුරු වගුරවමින් අතපය වෙහෙසමින් ධාර්මික මාර්ග ඔස්සේ ධනය උපයා ගත යුතු යැයි දේශනා කළ සේකග
එහි ධනය යන්නට මූල්ය සම්පත් මෙන්ම පෙර සඳහන් කළ කෙත්වතු ආදී සම්පත් ද සන්තුට්ඨි නම් වූ පරම ධනය ද ඇතුළත් වේග
ඒ ධනය රැක ගැනීමට ශ්රේෂ්ඨ පුද්ගල සේවනය අවශ්ය වන්නේ කිමද යන්න පිළිබඳ දීඝජානු නම් කෝලිය පුත්රයාට ගෘහ ජිවිතය සැපවත්ව ගතකිරීම ගැන කළ පැහැදිලි කිරීමක ද ඇතුළත් වෙයිග එනම්ල
උට්ඨාන සම්පදා හෙවත් ධනයත් බුද්ධියත් ලබාගැනීම සඳහා අව්වැසි දිවා රෑ නොබලා අවස්ථාවෝචිතව අනලස්ව කටයුතු කිරීමග
ආරක්ඛකසම්පදා හෙවත් උට්ඨාන සම්පදාවෙන් ලබාගත් ධනය හා බුද්ධිය විනාශ වී යාමට ඉඩ නොදී රැක ගැනීමට තමන් සතු අවබෝධය හා ඒ වැනසී යන කරුණු හෙවත් රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වේයන්ගෙන් මීයන්ගෙන් සුරා සූදුවෙන් සල්ලාලකමින් ආදී පරිහානී ක්රමවලින් ආරක්ෂා වීමට දූරදර්ශීව ක්රියා කිරීමග
කල්යාණ මිත්තතා හෙවත් ශික්ෂාවෙහි යුතු සැදැහැවන්තල ප්රඥාවන්ත සප්ත පරිහානි ධර්මයෙන් තොරල නිවැරදි මඟ තමන්ට ද පෙන්වා දෙන කාරුණික කල්යාණ මිත්රයන් හෙවත් ඉහත දෑසම පෙනෙන්නන් සෑමවිටම පාහේ ධනවත් බැවින් එවැන්නන් ඇසුරෙහි තම අගුණ දුරු කොට ගුණධර්ම වඩා ගැනීමග
සමජීවිකතා හෙවත් තමන්ගේ ආදායමට සරිලන අයුරින් වියදම් සකසා ගැනීමට ඇති අවබෝධය යන කරුණුයිග
එවැනි සමජීවිකතාවකදී තමන් ලබන ආදායමෙන් සතුටින් ගෘහ ජීවිතය ගතකිරීමට නම් සාටෝපය හා ණයබරින් තොර චාම් ජීවිතයක් ගත කළ යුතුයග එවැනි සැපතක් සහනයක් දිවිපෙවෙතට එක්වන්නේ ආදායම කොටස් සතරකට බෙදා එක් කොටසක් එදිනෙදා පරිභෝජනයට ද කොටස් දෙකක් ධනෝපායන මාර්ග දියුණු කිරීමට ද ඉතිරි කොටස ආපදා අවස්ථාවක ගැනීම සඳහා තැන්පත් කර තැබීම ද යන නුවණැති අයුරින් යොදවන විට බව භාග්යවතුන් වහන්සේ දේශනා කොට වදාළ බෞද්ධ ආර්ථික දර්ශනයයිග
ආර්ථිකය ශක්තිමත් කරගැනීම මෙන්ම ජීවිතයේ සතුට විඳීම පිළිබඳ කිසිදු විරෝධාකල්පයක් බුදු දහමේ නොවේග එයට හොඳම සාක්ෂ්යය පංචශිඛ නම් දිව්ය පුත්රයාල වීණාව වයමින් සිය පෙම්වතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ගැයූ ගීතය බුදුන් වහන්සේ ප්රතික්ෂේප නොකිරීමයිග එහෙත් මෙවැනි ලෞකික දේහි ඇතිවන අසීමිත ලෝභය නිසා සිදුවන ආදීනව ද බුදුන් වහන්සේ දේශනා කොට තිබේග
මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වන්නේ ආර්ථිකය යනු මුදල් නොවන බවයිග මුදල් යනු හුදෙක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නා ආදේශකයක් පමණිග එසේම ගැමි වහරේ එනිලෝබකම’ පිළිබඳව ද අප නුවණින් විමසිය යුතුයග එනම් මසුරුකමින් තොර ලෝබකම ලෙස ගැමියන් හඳුන්වන අරපරිස්සම ආර්ථිකයේ ඉතා අවශ්ය අංගයක් බැවිනිග පාලියෙහි අරිපරිස්සම සිංහලට නැඟෙන්නේ අරපරෙස්සම ලෙසයිග අරි යනු සතුරා යග තම භවබෝග සම්පත් සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම අරිපරිස්සමයිග ප්රඥාවන්තයා අරිපරිස්සමින් කටයුතු කරන්නෙකිග
කෙසේ වෙතත් අරපරිස්සම් කිරීමට මිනිස්සුන්ට සිදුවූයේ ආර්ථික සංවර්ධනයේ දී දස සක්විතිවත්වලින් එකක් වන දිළින්දන් හට ඔවුන්ගේ ව්යාපාර පවත්වාගෙන යාම සඳහා ධනය පරිත්යාග කිරීම තමන්ට පෙර සත් රජවරුන් කළාක් මෙන් අටවැනි රජු නොකිරීම හේතුවෙන් දිළිඳු බවත් ආහාර පාන හිඟයත් ඇතිවී සොරකම් සිදුකිරීමට මිනිසුන් පෙළඹීමත් නිසායග ඒ සමඟම අනෙක් සියලු අපරාධයක්ම සමාජය පුරා පැතිරී ගියේයග එවැනි සමාජයක ජනතාව බියෙන් තොර කිරීම අභය දානය දීමකිග
වර්තමානයේ අභය දානය ලෙස හඳුන්වන්නේ සරල කරුණක් වන ගවයකු මරණින් මුදා ගැනීම වැනි දෑයග එහෙත් ත්රස්තවාදය අතුගා දමා බියෙන් තොරව ජීවත්වීමට සැලැස්වීම ද අභය දානයේ කොටසකිග එසේම භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ඇති වන බිය යම් ආකාරයක ආර්ථික ක්රමෝපායයක් යොදා නැති කරන්නේ නම් එය ද අභයදානයකිග
මේ වන විට මාධ්යවලින් දකින අසන සියල්ල කෙරෙහි මසුරු සිත් ඇති කර ගැනීමටත්ල ඒවා හැකි පමණ තමන්ට නතු කරගැනීමට උත්සාහ කිරීමත් නිසා බෞද්ධ ආර්ථික ක්රමවේදයේ මූලිකාංගයක් වන අල්පේච්ඡතාව අප අතරින් ඈත් වෙමින් පවතීග
අල්පේච්ඡතාව යනු දිළින්දන් සේ විසීම නොව තම සමජීවිකතාව පවත්වා ගනිමින් අනවශ්ය තරම් සම්පත් ගොඩගසා ගැනීමෙන් ඇතිවන අපහසුතාව මඟහැර ජීවත්වීමයිග එවැනි අල්පේච්ඡ ජීවිතයක් සහිත පුද්ගලයන්ගෙන් පරිසරයට වන හානිය අවම යග එසේම එවැනි සමාජයක සංවර්ධනය ඉතා ඉක්මනින් සිදුවේග
ලෝකයේ සංවර්ධන දර්ශක අතරට නව සොයාගැනීමක් ලෙස සතුට එක්කර තිබුණ ද බුදුරජාණන් වහන්සේ සතුට පරම ධනය ලෙස හඳුන්වා දී සියවස් ගණනාවක් ගෙවී ගොස් ඇති බව එයින් ගම්ය වෙයිග
ඇතැම් දෙනා ඉහත පැහැදිලි කළ බෞද්ධ ආර්ථික ක්රම පිළිබඳ දරන්නේ මනෝ ලෝකවල සිටින්නන් ගේ වැදි බණ ලෙසයිග නමුත් මෙවැනි ආර්ථික ක්රම ක්රියාත්මක කළ අනුරාධපුර යුගයේ ලෝකයේ සංවර්ධිතම රාජ්යයක් ලෙස අපේ රට පත්ව තිබූ බව අමතක නොකළ යුතුයග ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවක් මෙන්ම රටේ සම්පත් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ඒවා හඳුනාගෙන කරන ලද සංවර්ධනයක් තිරසර ආර්ථික වර්ධනයක් ලබාදෙයිග
තරු වැඩසටහන් සඳහා දිනකට රුපියල් ලක්ෂ විසිපහක තිහක පමණ කෙටි පණිවුඩ යවන අද සමාජයේ තම අය වැය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගනිමින් අනවශ්ය වියදම් කපා හරිමින් කාල කළමනාකරණයෙන් යුක්තව දවස ගෙවමින් තම ආර්ථිකය සරු කර ගන්නටවත් පුද්ගලයන්ට විවේකයක් සොයා ගත නොහැකි යැයි පැවසේග එහෙත් අප මුදල් හරිහම්බ කරන්නේ සතුටින් ජීවත්වන්නට නම් ඒ මුදල සාධාරණව උපයා ගැනීමටත් බුද්ධිමත්ව විය පැහැදම් කිරීමටත් අපට අවබෝධයක් තිබිය යුතුමයග තම ආර්ථිකය මෙතෙක් කෙසේ සැලසුම් කළේ ද යන්න පිළිබඳ විවේකීව ප්රත්යාවේක්ෂ නුවණින් බලා ඉදිරිය සකස් කරගන්නා පුද්ගලයකුල සමාජයක් මෙන්ම රටක් ආර්ථික සංවර්ධනයේ ඉතා ඉහළ මට්ටමකට රැගෙන යෑම අපහසු වන්නේ නැතග බෞද්ධ අර්ථ ධර්මයන් ඔස්සේ කටයුතු කරන්නේ නම් ලොව පුරා මෙවන් තරගයක්ල පරිසර ප්රශ්නයක් යුද වැදීම් වැනි අපරාධ කිසිවක් ඇති නොවනු ඇතග
No comments:
Post a Comment