මල් පූජා කිරීම
පූජේමි බුද්ධං කුසුමේනනේන - පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ - කායෝ තථා යාති විනාසභාවං
මේ මල් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පින හේතුවෙන් මට නිවන ලැබේවා. මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය.
වණ්ණගන්ධ ගුණා්පේතං - ඒතං කුසුමසන්තතිං
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ
වර්ණයෙන්, සුව`දින් හා ගුණයෙන් යුත්ත වූ මේ මල් සමූහය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරමි.
පහන් පූජා කිරීම
සද්ධාය සම්පදිත්තේන - දීපේන තමධංසිනා
තිලෝකදීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
සැදැහැයෙන් සම්පාදනය කරගන්නා ලද අඳුර දුරලන මේ පහනින් , (සංසාරයේ* අ`දුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි.
ඝනසාරප්ප දිත්තේන - දීපේන තමධංසිනා තිලෝකදීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං
ඝන වූ තෙලින් (කපුරුවලින්* සම්පාදනය කරගන්නා ලද මේ පහනින්, (සංසාරයේ* අ`දුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි.
සුව`ද දුම් ජූජා කිරීම
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන - පූජයාමි තථාගතං
සුව`දවත් වූ ශරීරයෙන් හා වචනයෙන් යුත්ත වූ අනන්ත ගුණ සුව`ද ඇති බුදුරජාණන් වහන්සේට මම සුව`ද පූජා කරමි.
ගන්ධසම්භාර යුත්තේන - ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං - පූජා භාජනමුත්තමං
මම, පිදියයුතු වූ පිදීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ සුවඳ රැුසින් යුක්ත වූ සුවඳදුමින් පුදමි.
ඝණ්ඨාර පූජාව
ඝණ්ඨාරවානුකාරේන - සරේන මධුරේනච යං ධම්මං දේසයී සත්ථා - තස්ස ඝංඨාර පූජයේ
මිහිරි ස්වර ඇති ඝණ්ඨාර ශබ්දාකාරයෙන් බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද උන්වහන්සේට ඝණ්ඨාර පූජා කරමි.
පැන් පූජා කිරීම
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං පානීයමේතං භගවා - පතිගන්හාතුමුත්තමං
සුවඳැති, සිසිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ මේ උතුම්පැන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා.
ආහාර පූජා කිරීම
නිවේදයාමි සම්බුද්ධං - වීතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං - ලෝකජෙට්ඨං නරාසභං
සම්බුදුරජාණන් වහන්සේට දන්වා සිටිමි. ලෝකනායක වු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ වීතරාගී වූ සුගත වූ මහා මුනීන්ද්රයන් වහන්සේට ආරාධනා කරමි.
යාවතා භගවා ලෝකේ - තිට්ඨෙය්ය තව සාසනං තාව ඨත්වාන ගන්හාතු - පූජං ලෝකානුකම්පයා
භාග්‍යවතුන් වහන්ස, යම්තාක් කල් ලෝකයෙහි ඔබවහන්සේගේ සසුන පවතින්නේද ඒතාක් කල් ලෝකයාට අනුකම්පා පිණිස සිට පූජා පිළිගනීවා.
අධිවාසේතු නෝ භන්තේ - භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනකම්පාවෙන් මනාව පිළියෙළ කරන ලද උතුම් වූ භෝජනය පිළිගනීවා.
ව්‍යඤ්ජන පූජාව
අධිවාසේතු නෝ භන්තේ - ව්යඤ්ජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනකම්පාවෙන් මනාව පිළියෙළ කරන ලද උතුම් වූ ව්යඤ්ජණය පිළිගනීවා.
කැවිලි පූජාව
අධිවාසේතු නෝ භන්තේ - කජ්ඣකං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනුකම්පාවෙන් මනාව පිළියෙළ කරන ලද උතුම් වූ කැවිලි පිළිගනීවා.
පළතුරු පූජාව
අධිවාසේතු නෝ භන්තේ - රසවන්තං ඵලාඵලං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනුකම්පාවෙන් රසවත් වූ උතුම් වූ ඵලවැල පිළිගනීවා.
කිරි ආහාර පූජාව
අධිවාසේතු නෝ භන්තේ - පායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනුකම්පාවෙන් මනාව පිළියෙළ කරන ලද උතුම් වූ කිරි ආහාර පිළිගනීවා.
පිරිකර පූජාව
අධිවාසේතු නෝ භන්තේ - පරික්කාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනුකම්පාවෙන් මනාව පිළියෙළ කරන ලද උතුම් වූ පිරිකර පිළිගනීවා.
සියල්ල එකවර පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ - සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය - පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අනුකම්පාවෙන් ශ්‍රද්ධාවෙන් පුදන ලද උතුම් වූ සියල්ල පිළිගනීවා.
දැහැත් පූජාව
නාගවල්ලි දලූපේතං - චුන්නපූග සමායුතං තාම්බූලං පතිගණ්හාතු - සතං පූජේමිදං ජිනෝ
බුලත්, සුණු, පුවක් වලින් යුත්ත වූ මෙම උතුම් දැහැත් පූජා කරමි. බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා.
බෝධීන්වහන්සේට පහන් පූජා කිරීම
සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධිමුත්තමං
පූජේමි බෝධිරාජානං - දීපේනේතේන සාදරං
උතුමි වූ සම්බුද්ධත්වයට පැමිණෙන්නට ධර්මරාජයාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද බෝධිරාජයාණන් වහන්සේ ආදර සහිතව මෙම පහනින් පුදමි.
බෝධීන්වහන්සේට සුව`ද දුම්පූජා කිරීම
සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධිමුත්තමං පූජේමි බෝධිරාජානං - ධූපේනේතේනසාදරං
උතුමි වූ සම්බුද්ධත්වයට පැමිණෙන්නට ධර්මරාජයාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද බෝධිරාජයාණන් වහන්සේට ආදර සහිතව මෙම සව`ද දුම් පුදමි.
බෝධීන්වහන්සේට මල් පූජා කිරීම
සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධිමුත්තමං පූජේමි බෝධිරාජානං - පුප්ඵේනේතේන සාදරං
උතුමි වූ සම්බුද්ධත්වයට පැමිණෙන්නට ධර්මරාජයාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද බෝධිරාජයාණන් වහන්සේට ආදර සහිතව මෙම මල් පුදමි.
බෝධීන්වහන්සේට පැන් පූජා කිරීම
සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධිමුත්තමං පූජේමි බෝධිරාජානං - උදකේනේතේන සාදරං
උතුමි වූ සම්බුද්ධත්වයට පැමිණෙන්නට ධර්මරාජයාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද බෝධිරාජයාණන් වහන්සේට ආදර සහිතව මෙම පැන් පුදමි.
බුද්ධරත්නය වැදීම
ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝපුරිසදම්මසාරථි සත්ථාදේවමනුස්සානං බුද්ධෝ භගවාති.
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝපුරිසදම්මසාරථි, සත්ථාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා යන ගුණයන්ගෙන් යුක්තය.
අරහං - පූජා ලැබීමට සුදුසු වූ සම්මා සම්බුද්ධ - මනා කොට චතුරාර්යසත්ය ධර්මය තමන්වහන්සේම අවබෝධ කරගත් විජ්ජාචරණසම්පන්න - අෂ්ඨවිද්යාවන්ගෙන් හා පසලොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සුගත - මනා වූ ගමන් ඇති ලෝකවි`දු - තුන්ලොව තතු මනාව දත් අනුත්තර පුරිසධම්ම සාරථි - කිසිවකුට සමාන නොවන සේ පුද්ගලයන් දමනය කරන සත්තා දේවමනුස්සානං - දෙවි මිනිසුන්ට සාස්තෘ වූ බුද්ධො - චතුරාර්යසත්ය ධර්මය අවබෝධ කරගත් භගවා - පූණ්‍යවන්ත බැවින් යුත්ත වූ
බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡුාමි. (බුද්ධං ජීවිතපරියන්තං සරණං ගච්ඡුාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං උත්තමංගේන වන්දේහං පාදපංසුවරුත්තමං බුද්ෙධි යෝ ඛලිතෝ දෝසෝ බුද්ධෝ ඛමතු තං මමං.
බුදුරජාණන් වහන්සේ දිවි ඇති තෙක් මම සරණ යමි. අතීතයේ වැඩසිටියාවූද, අනාගතයේ පහළවන්නාවූද, වර්තමානයේ වැඩසිටින්නාවූද, යම්තාක් බු`දුරජාණන් වහන්සේලා වෙත්ද ඒ සියලූ බුදුරජාණන් වහන්සේලා මම සැමදා ව`දිමි.
මට අන් පිහිටක් නැත. මට පිහිට උතුම් වූ බුදුරජාණන් වහන්සේය. ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය ස්පර්ශ කල පා ¥විල්ලට පවා හිස නමා වදිමි. බුදුරජාණන් වහන්සේට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා.
ධම්මරත්නය වැදීම
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකො ඒහි පස්සිකො ඕපනයිකො පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේසිත ශ්‍රී සද්ධර්මය, මනාව දෙසන ලද්දකි, සාන්දෘෂ්ඨික වූවකි, අකාලික වූවකි,
ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡුාමි. (ධම්මං ජීවිතපරියන්තං සරණං ගච්ඡුාමි* යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං උත්තමංගේන වන්දේහං ධම්මංච තිවිධං වරං ධම්මේ යෝ ඛලිතො දොසෝ ධම්මෝ ඛමතු තං මමං.
ධර්මරත්නය දිවි ඇති තෙක් මම සරණ යමි. අතීතයේ දේශනා කරන ලද්දාවූ වූද අනාගතයේ දේශනා කරනු ලබන්නා වූද වර්තමානයේ දේශනා කරන්නාවූද යම්තාක් ධර්මයෝ වෙත්ද ඒ සියලූ ධර්මයෝ මම සැමදා ව`දිමි.
මට අන් පිහිටක් නැත. මට පිහිට උතුම් වූ ධර්මරත්නයමය. ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
මම ත්‍රිවිධාකාර වූ උතුම් වූ ධර්මරත්නය හිසනමා වදිමි. ධර්මරත්නයට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා.
සංඝරත්නය වැදීම
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ යදිදං චත්තාරිපුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒසභගවතෝ සාවකසංඝෝ ආහුනෙයේයා් පාහුනෙයේයා් දක්ඛිණෙයේයා් අංජලිකරණීයෝ අනුත්තරංපුඤුඤක්ඛෙත්තං ලෝකස්සාති.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ යහපත් වූ නිවන් මාර්ගයට පිළිපන්සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඍජූ වූ ප්‍රතිපත්ති සහිතය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සත්‍ය මාර්ගයට පිළිපන් සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ නිවැරදි ම`ගට පිළිපන් සේක. ඉදින් මේ පුරුෂයුග වශයෙන් සතරක්ද පුද්ගල වහයෙන් අට දෙනෙක්ද වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා වහන්සේලා පිදීමට සුදුසුය, ආගන්තුක සත්කාර ලැබීමට සුදුසුය, සිවුපසය ලැබීමට සුසුසුය, ඇ`දිලිබැද වැදීමට සුදුසුය, ලෝකයාට උතුම් පින්කෙතක් වන සේක.
සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡුාමි. (සංඝං ජීවිතපරියන්තං සරණං ගච්ඡුාමි* යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සබ්බදා නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං උත්තමංගේන වන්දේහං සංඝංච තිවිධෝත්තමං සංඝේ යෝ ඛලිතො දොසෝ සංඝෝ ඛමතු තං මමං.
උතුම් වූ සංඝරත්නය නිවන් දක්නා ජාති දක්වා මම සරණ යමි. අතීතයේ වැඩසිටියාවූද අනාගතයේ පහළවන්නාවූද වර්තමානයේ වැඩසිටින්නාවූද යම්තාක් සංඝරත්නය වෙත්ද ඒ සියලූ සංඝරත්නය මම සැමදා ව`දිමි.
මට අන් පිහිටක් නැත. මට පිහිට උතුම් වූ සංඝරත්නය . ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
සංඝරත්නයේ ශ්‍රී පාදය ස්පර්ශ කල පා ¥විල්ලට පවා හිස නමා වදිමි. සංඝරත්නයට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා.
බුද්ධ වන්දනාවක්
නමෝ නමෝ බුද්ධදිවාකරාය - නමෝ නමෝ ගෝතමචන්දිමාය නමෝ නමෝනන්තගුණන්නවාය - නමෝ නමෝ සාකියනන්දනාය
බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යයාට නමස්කාර වේවා. ගෞතමයන් වහන්සේ නැමැති චන්ද්‍රයාට නමස්කාර වේවා. අනන්ත ගුණ සාගරයක් බඳුවූ බුදුරජාණන් වහන්සේ නැමැති චන්ද්‍රයාට නමස්කාර වේවා. ශාක්‍ය කුලයට සතුට උපදවන්නා වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
තෙරුවන් වන්දනාවක්
නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුචිඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච
අනන්ත ගුණ සාගරයක් බඳු වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. සත්වයෝ සැමදා සැප ඇත්තෝ ද වෛර නැත්තෝ ද වෙත්වා. සකල ශරීරය පිළිකුල් සහගතය. දුර්ගන්ධය. මම ද සියලූ සත්වයෝ ද මරණයට පත්වෙති.
නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුචිඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම රත්නයට මම නමස්කාර කරමි. සත්වයෝ සැමදා සැප ඇත්තෝ ද වෛර නැත්තෝ ද වෙත්වා. සකල ශරීරය පිළිකුල් සහගතය. දුර්ගන්ධය. මම ද සියලූ සත්වයෝ ද මරණයට පත්වෙති.
නමාමි සංඝං මුනිරාජසාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුචිඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝ රත්නයට මම නමස්කාර කරමි. සත්වයෝ සැමදා සැප ඇත්තෝ ද වෛර නැත්තෝ ද වෙත්වා. සකල ශරීරය පිළිකුල් සහගතය. දුර්ගන්ධය. මම ද සියලූ සත්වයෝ ද මරණයට පත්වෙති.
ති‍්‍රවිධ චෛත්‍ය වැදීම
වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරිකධාතුමහාබෝධිං බුද්ධරූපං සකලං සදා
සියලූ තැන්හි මනාව පිහිටියා වූ ශාරීරික ධාතු සහිත සියලූ චෛත්‍යයන් ද සියලූ බෝධීන් වහන්සේලා ද සියලූ බුද්ධරූප ද සැමදා වඳිමි.
බෝධි වන්දනාව
යස්ස මූලේ නිසින්නෝව සබ්බාරිවිජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධිපාදපං
ශාස්තෘන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලූ (කෙලෙස්* සතුරන් ජයග්‍රහණය කළේද බුද්ධත්වයට පැමිණියේද ඒ බෝධි වෘක්ෂය මම වඳිමි.
ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේ්න පූජිතා අහංපි තේ නමස්සාමි බෝධිරාජා නමත්ථු තේ.
ඒ මේ මහා බෝධීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලදී. මමද ඒ බෝධීන් වහන්සේලා නමස්කාර කරමි. බෝධීරාජයාණන්වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා.
අයං ඒසෝ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමත්ථු තේ
ඒ මේ මහා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලදී. මම ද ඒ බෝධීන් වහන්සේලා නමස්කාර කරමි. බෝධිරාජයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා.
යස්ස මූලේ නිසීදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුක්ති සුඛ සංවේදී වන්දේහං බෝධිමුත්තමං
බුදුරජාණන් වහන්සේ යම් බෝධිමූලයක හිඳ දින හතක් විමුක්ති සුවය විඳිසේක්ද මම ඒ උතුම් බෝධිය වඳිමි.
යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූූජිතං නර දෙවේහි වන්දේහං බෝධිමුත්තමං
බුදුරජාණන් වහන්පසේ යම් බෝධි වෘක්ෂයක් උදෙසා සත් දිනක් ස්වකීය නෙත් පිදු සේක්ද, දෙව් මිනිසුන් විසින් පුදන ලද
ඉන්දනීලවණ්ණපත්ත සේතඛන්ධභාසුරං සත්ථුනෙත්තපංකජාහි පූජිතග්ගසාතදං අග්ගබෝධිනාමවාමදේවරුක්ඛ සන්නිභං තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා
ඉඳුනිල් පැහැති පත්‍ර ඇති සුදු කඳින් බබළන්නා වූ ශාස්තෘන් වහන්සේගේ නෙත් පියුම්වලින් පුදන ලද උතුම් සැප දෙන්නා වූ මනෝඥ වූ කල්ප වෘක්ෂයට සමාන වූ අග්‍රබෝධි නමැති ඒ බෝධිවෘක්ෂය සැමදා නමස්කාර කරමි.
ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ වන්දනා කිරීම
සුපතිට්ඨිත රට්ඨනුරාධපූරේ සමදිට්ඨිතදක්ඛිණසාඛභවං සූභමේඝවනම්බර මේඝනිභං ජයබෝධිමහං පණමාමි වරං
අනුරාධපුර රජ්‍යයෙහි මනාව පිහිටියාවූ මනා දැකුම් ඇති දක්ෂිණ ශාඛාවෙන් හටගත් යහපත් මේඝවන නමැති අහසට වළාකුලක් බඳු වූ උතුම් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මම නමස්කාර කරමි.
සතර දළදාවහන්සේ වන්දනාව
ඒකා දාඨා තිදසපුරේ ඒකා නාගපුරේ අහූ එකා ගන්ධාර විසයෙ ඒකාසි පුන සීහලෙ චතස්සෝ තා මහා දාඨා නිබ්බානරස දීපිකා පූජිතා නරදේවෙහි තාපි වන්දාමි ධාතුයෝ
බුදුන්වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් තව්තිසා දෙව්ලොවද එක් දළදා වහන්සේ නමක් නාගපුරයේද එක් දළදා වහන්සේ නමක් ගන්ධාර ප්‍රදේශයේද එක් දළදා වහන්සේ නමක් සිංහල දීපයේද වෙත්. දෙව් මිනිසුන් විසින් පුදන ලද නිර්වාණ රසය ප්‍රකට කරන්නා වූ ඒ සතර මහා දළදා වහන්සේලා වදිමි.
දළදා වන්දනාව
ලෝකේකනාථවදනම්බුජරාජහංසං වේනෙය්යකෝමුද වනං වළිසීතලම්හි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්ත ධාතුං
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මුව පියුමෙහි රාජහංසයෙකු බ`දු වූ හික්මවිය යුතු ජනයා නමැති කුමු`දු වනය සීතලෙහි හැකිලෙන කල්හි අඩ ස`ද ආකාරයේ උතුම් රූපශ්‍රීයෙන් විරාජමාන වන්නා වූ යහපත් වූ නිර්මල වූ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ව`දිමි.
ශ්‍රී පාදස්ථාන වන්දනාව
යං නම්මදාය නදියා පුලිනෙච තීරෙ යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ යං තත්ථ යෝනකපුරේ මුනිනොච පාදං තං පාදලාංඤ්චනමහං සිරසා නමාමි
නර්මදා නදියෙහි වැලිතලාවෙහිද සච්චබද්ධ පර්වතයෙහිද සමන්ගිර මුදුනෙහිද යෝනක පුරයෙහිද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිහිටියේද ඒ ශ්‍රී පාද ලාංඡුන මම සිරසින් නමදිමි.
සත්සති වන්දනාව
පඨමං බෝධිපල්ලංකං දුතියංච අනිම්මිසං තතියං චංකමණං සෙට්ඨං චතුත්ථං රතනාඝරං පඤ්චමං අජපාලංච මුචලින්දේන ඡුට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං
පළමු සතිය බෝධි පල්ලංකය, දෙවන සතිය අනිමිස ලෝචන පූජාව, තෙවන සතිය රුවන් සක්මන, සිව්වන සතිය රුවන් ගෙය, පස්වන සතිය අජපල් නුගරුක මුල, සවන සතිය මුචලින්ද නාග දරණය, සත්වන සතිය රාජායතන නම් කිරිපලූ නුගරුක මුල යන බුදුරජාණන් වහන්සේ විසින් ඇසුරු කරන ලද ඒ සප්ත ස්ථාන මම වදිමි.
සොළොස්මස්ථාන වන්දනාව
මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාංඡුනං දිවාගුහං දීඝවාපි චේතියංච මුතිංගනං තිස්ස මහාවිහාරංච බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලී මහාචේතියං ථුපාරාම භයාගිරිං ජේතවනං සේලචේතියං තථා කාචරගාමකං ඒතේ සෝළසඨානානි අහං වන්දාමි සබ්බදා
මහියංගනය, නාගදීපය, කැළණිය, ශ්‍රී පාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගන චෛත්‍ය, තිස්සමහාරාමය, ජය ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේලචෛත්යද එසේම කතරගම කිරිවෙහෙරද යන මේ සොලොස් ස්ථාන මම සැමදා වදිමි.
භික්ෂූන් වහන්සේලාට ව`දින ගාථාවක්
සීලවන්තං ගුණවන්තං - පූඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං - බුද්ධපුත්තං නමාමහං
සිල්වත් වූ ගුණවත් වූ මා විසින් දුර්ලභ ලෙස ලබන ලද උතුම් පින්කෙතක් බ`දු වූ බුද්ධපුුත්රයන් වහන්සේ මම වදිමි.
මවට වැ`දීම
දසමාසේ උරේ කත්වා පෝසේසි වුද්ධිකාරණං ආයු දීඝං වස්සසතං මාතුපාදං නමාමහං
දසමාසයක් කුසෙහි දරා මා පෝෂණය කළ මවගේ පා මම වදිමි අවුරුදු සියයක් ආයුෂ වැඩිවේවා.
පියාට වැ`දීම
වුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජමජ්ඣං සුපතිට්ඨං පීතුපාදං නමාමහං
මා ආදරයෙන් සිප වැළ`ද පෝෂණය කර රජුන් මැද වුවද මනාව සිටීමට කටයුතු කළ පියතුමන්ගේ පාද මම ව`දිමි.
තෙරුවන් කමා කර ගැනීම
කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත
පමා වූ මා විසින් සිතින් කයින් වචනයෙන් කරන ලද යම් වරදක් වේ නම් තථාගතයන් වහන්ස එයට මට සමාව දෙන සේක්වා.
කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික
පමා වූ මා විසින් සිතින් කයින් වචනයෙන් කරන ලද යම් වරදක් වේ නම් සාන්දෘෂ්ඨික වූ අකාලික වූ ශ්‍රී සද්ධර්මය මට සමාව දෙන සේක්වා.
කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං ඛම මේ සංඝ සුපටිපන්න අනුත්තර
පමා වූ මා විසින් සිතින් කයින් වචනයෙන් කරන ලද යම් වරදක් වේ නම් අනුත්තර වූ ආර්ය මාර්ගයට පැමිණියා වූ උතුම් සංඝරත්නය මට සමාව දෙන සේක්වා.
දෙවියන්ට පිං දීම
ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං
ආකාශයෙහි සහ පොලොවෙහි වසන මහත් ඍධි ඇති දිව්‍ය නාග සමූහයා මේ පින් අනුමෝදන්ව ශාසනය බොහෝකල් රකිත්වා.
ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේසනං
ආකාශයෙහි සහ පොලොවෙහි වසන මහත් ඍධි ඇති දිව්‍ය නාග සමූහයා මේ පින් අනුමෝදන්ව ශ්‍රී සද්ධර්මය බොහෝකල් රකිත්වා.
ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංපරං
ආකාශයෙහි සහ පොලොවෙහි වසන මහත් ඍධි ඇති දිව්‍ය නාග සමූහයා මේ පින් අනුමෝදන්ව මාද සියලූ සත්වයෝ බොහෝකල් රකිත්වා.
දෙවියන්ට භූතයන්ට සහ සියලූ සත්වයන්ට පිං දීම
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤසම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤසම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤසම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
මෙපමණ කාලයක් අප විසින් රැුස් කරන ලද පුඤ්ඤ සම්පත්තිය සියලූ සම්පත් පිණිස සියලූ දෙවියෝද, සියලූ භූතයෝද සියලූ සත්වයෝද අනුමෝදන් වෙත්වා.
මියගිය ඤාතීන්ට පිං දීම
ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ ///
මේ පින් මාගේ ඤාතීන්ට වේවා. නෑයෝ සුවපත් වෙත්වා.
යථා වාරි වාහ පූරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති
යම් සේ ජලය ගලාගොස් සාගරය පිරෙන්නේද, එසේම මෙයින් දෙන ලද පින් මියගිය ඤාතීන්ට පැමිණෙන්නේය.
උණ්ණමේ උදකං වට්ටං යථා නින්නං පවත්තති ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති
උස් බිමක තිබෙන ජලය යම් සේ පහත් බිම් කරා ගලාබසින්නේද එසේම මෙයින් දෙන ලද පින් මියගිය ඤාතීන්ට පැමිණෙන්නේය.
ප්‍රාර්ථනා ගාථාව
ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාලසමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ///
මේ පින් මහිමයෙන් නිවන් දක්නා ජාතී දක්වා මට බාල ඇසුරක් නොවේවා. සත්පුරුෂ ඇසුරක් වේවා.
ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බදුක්ඛා පමුඤ්චතු
මේ පින මට කෙලෙස් සංසි`දවීම පිණිසත්, සියලූ දුකෙන් අත්මිදීම පිණිසත් හේතු වේවා.
ති්රවිධරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම
ඉච්චේවමච්චන්ත නමස්සනීයං නමස්සමානෝ රතනත්තයං යං පුඤ්ඤාභිසන්ධං විපුලං අලත්ථං තස්සානුභාවේන හතන්තරායෝ
මෙසේ අතිශයින් නමස්කාර කටයුතු වූ රත්නත්‍රය නමස්කාර කරමින් යම් වූ මහත් වූ පින් රැුසක් ලැබීමි, ඒ ආනුභාවයෙන් නසන ලද උවදුරු ඇත්තෙක් වෙමි.
ආරක්ෂක ගාථාවක්
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලෙ අහෝසි මාරස්ස පරාජයෝහි උද්ඝෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මය්හං
උතුම් බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේට ජයග්‍රහණය සි`දු විය. මාරයාට පරාජය අත්විය. පැහැදුණු දෙවියෝ ප්රීතිගෝසා පැවැත් වූහ. ඒ සත්‍යයෙන් මට යහපතක් වේවා.
ඡුත්ත මානවක ගාථා
යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරියසමංගි තං සුගතං සරණත්තමුපේමි
රාගවිරාගමනේජමසෝකං ධම්මමසංකතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමුපේමි
යත්ථච දින්න මහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංඝමිමං සරණත්තමුපේමි
යමෙක් මිනිසුන් අතර උතුම් වේයැයි පවසයි ද කරන ලද කෘත්‍ය ඇති පරතෙරට ගිය බල වීර්යයෙන් යුක්ත වූ භාග්‍යවත් ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි.
රාගය දුරුකළ කෙලෙස් වලින් තොරවූ ශෝක රහිත මනාව බෙ¥ ප්‍රගුණ කළයුතු වූ මිහිරි වූ නිර්වාණ ධර්මයට අසහාය මග වූ මේ ධර්ම රත්නය සරණ යමි.
යමෙකු විෂයෙහි දෙන ලද්ද මහත්ඵල වේයැයි කියද්ද එබඳු පිරිසිදු වූ ධර්මය දසත දේශනා කරන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි.
harima watina deyak hamuduruwane..........
ReplyDeleteuga mehewaraka mularambayada hamudurwane me?
ReplyDeleteGodak wadagath wadak.
ReplyDeleteසබ්බ දානං ධම්ම දානං ජිනාති... සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය.. සාධූ...සාධූ....සාධූ.....!
ReplyDelete