එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන විට, එක්තරා දෙවියෙක් රාතී‍්‍ර මධ්‍යම යාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියේය. අනතුරුව එම දෙවියා
පරාභවන්තං පුරිසං මයං පුච්චචාම ගොතමං
භගවන්තං පුට්ටුමාගම්ම කිං පරාභවතො මුඛං
යන ගාථාවෙන් පිරිහීමේ දොරටු කවරේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි. එවිට බුදුරදුන් කරුණු දොළහකින් මුඛ්‍ය වශයෙන් පුද්ගලයකු පරිහානියට පත්වෙන බව දේශනා කරයි. එම පරාභව මුඛ මෙසේය.
සුවිජානො භවං හොති සුවිජානො පරාභවො
ධම්මකාමො භවං හොති ධම්මදෙස්සි පරාභවො
වැඩෙන (දියුණුවන* පුද්ගලයා පහසුවෙන් දැනගැනීමට හැකිය. පිරිහෙන පුද්ගලයාද මනාව දත හැකිය. (දස කුසල්* දහම් පි‍්‍රය කරන පුද්ගලයා දියුණු වේ. ධර්මයට ද්වේෂ කරන තැනැත්තා පිරිහේ. මෙයින් පුද්ගලයන් දෙදෙනෙකු දක්වයි. ඒ ධම්මකාමො හා ධම්මදෙස්සි යන දෙදෙනායි. එම දෙදෙනා පිළිබඳ සුත්ත නිපාත අටුවාව වන පරමත්ථජෝතිකාවේ විස්තරයක් දක්නට ලැබේ. ඊට අනුව ධම්මකාමො යනු දසකුසල කර්මපථ ධර්මය කැමති වන, පි‍්‍රය කරන, ප‍්‍රාර්ථනා කරන, ශ‍්‍රවණය කරන, පිළිපදින තැනැත්තායි. ඔහුගේ කි‍්‍රයා කලාපය තුළින් අපට ඔහු හඳුනාගත හැකි වේ. ධම්මදෙස්සී යනු දසකුසල කර්මපථ ධර්මය කැමති නොවන, පි‍්‍රය නොකරන, ප‍්‍රාර්ථනා නොකරන, ශ‍්‍රවණය නොකරන, නොපිළිපදින තැනැත්තායි. ඔහුගේ ද කි‍්‍රයා කලාපය තුළින් අපට ඔහු හඳුනාගත හැකි වේ.
දීඝ නිකායේ අග්ගඥ්ඥ වැනි සූත‍්‍රවල විස්තර වන ආකාරයට සත්වයා මාංශ කායික තත්ත්වයට වැටීම භෞතික වූ අවශ්‍යතාවන් රැුසකට මැදි වීමකි. ආහාර, වස්ත‍්‍ර, ඇඳුම්, පැළඳුම් ආදිය මූලික අවශ්‍යතා වේ. ඒ අනුව සමාජ ක‍්‍රමයේ අවශ්‍යතාවන්ද සංකීර්ණ වේ. බහු සාධරණ කාම වස්තු භුක්ති විඳීමට යාමේදී ගැටුම් පැන නැගේ. දස අකුසලයම ක‍්‍රියාත්මක වන්නේ මෙම පසුබිම මතය. මානසික සත්ත්වයා භෞතික තත්ත්වයට පත්වීම මීට හේතුවයි. භෞතිකත්වය භුක්ති විඳිමට යාමේදී දස අකුසලය හටගෙන වර්ධනය වේ. දස අකුසලයට සිත වැටෙන්නට පෙර වූයේ දස කුසලයයි. දීඝ නිකායේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් දක්නට ලැබේ. අකුසලයට වැටෙන තරමට ආයුෂයෙන්ද වර්ණයෙන්ද සත්වයා පිරිහේ. ආයුෂය පිරිහි ගොස් දසවස්සායුක සමයට එන විට දස කුසලය සම්පූර්ණයෙන්ම අතුරුදන් වී යයි. දස අකුසල කර්මපථය උද්දීපනයට පත්වේ. ඒ කාමරාගයත් පටිඝයත් බලගතු වන බැවිනි. කය ම මම වෙමියි රැුවටි සිටින බැවිනි. එහිදි ක‍්‍රියාත්මක වන්නේ අධම්මචරියාවයි නැතහොත් විසම චරියාවයි.
දස කුසලය පිබිදීම යනු ධම්මචරියාව, සමචරියාව පිබිදීමයි. මෙම යහපත් පැවැත්ම පිළිබඳ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක හා වේරඤ්ජක සූත‍්‍රවල අන්තර්ගත වේ. එහිදි දසකුසලය කය, වචනය හා සිත යන තිදොර සම්බන්ධ චර්යාමය සැකැස්මක් ලෙස දක්වා ඇත.
දස කුසල කර්ම පථය
1ග ප‍්‍රාණඝාතයෙන් වැළකීම- බහා තබන ලද අවි ඇතිව, බහා තබන ලද ද`ඩු ඇතිව, පරපීඩාවේහි ලජ්ජිතව, දයා පරවශව, සියලූ සත්වයින් කෙරෙහි සානුකම්පිතව, පරපණ නැසීම අතහැර ඉන් වෙන්වි සිටීම මෙයින් අදහස් කරයි.
2ග නුදුන් දේ ගැනිමෙන් වැළකීම- තමන් සන්තක නොවු අනුන් සන්තක වූ කුමන හෝ ස්ථානයක ඇති ධන ධාන්‍ය හෝ වේවා වෙනත් උපකරණ හෝ වේවා කුමන හෝ දෙයක් සොර සිතින් නොගෙන සොරකමින් වැළකීමයි.
3ග කාමය වරදවා හැසිරීමෙන් වැළකීම- යම් ස්ත‍්‍රියක් මව විසින්ද, පියා විසින්ද, ඒ දෙදෙනාම විසින්ද, සොයුරා විසින්ද, සොයුරිය විසින්ද, ඥාතීන් විසින්ද, ගෝත‍්‍රය විසින්ද, ධර්මය විසින්ද, කවරෙක් විසින් හෝ ආරක්‍ෂා කෙරේද විවාහ ගිවිස ගැනිමක් සිදුකර ඇත්තේද එබඳු වූ ස්තී‍්‍රන් වෙත වැරදි ලෙස කි‍්‍රයා නොකර, කාම මිත්‍යාචාරයෙන් වෙන්ව සිටිමයි.
4ග මුසාවාදයෙන් වැළකීම- වචනයෙන් අන්න්‍යෝන්‍ය විශ්වාසය ආරක්‍ෂා කිරීමයි. එනම් තමාට හෝ අනුන්ට හෝ කිසියම් ලෞකික ලාභයක් අපේක්‍ෂාවෙන් බොරු නොකීමයි.
5ග කේලම් කීමෙන් වැළකීම- අනුන් එකිනෙකා බිඳුවන වචන ප‍්‍රකාශයෙන් වෙන්වීමයි. මෙහි සමාජගත කි‍්‍රයා කාරිත්වය බුදුරදුන් ඉතා පැහැදිලිව දේශනා කර ඇත. ඒ අනුව තැනක සිදුවන කතාවක් අසාගෙන සිට වෙනත් තැනකට ගොස් ඔවුනොවුන් බිඳුවන කතා නොකිය යුතුය. බිඳුණු අය සමගි වන, සමගි වූවන්ගේ සමගිය වැඩි දියුණු වන සත්‍ය වචන කතා කළ යුතුය.
6ග පරුෂ වචන කීමෙන් වැළකීම- දොස් රහිත, කනට පි‍්‍රය උපදවන, පේ‍්‍රමණිය වූ, ළගන්නා වූ, ශිෂ්ඨ වූ, බොහෝ දෙනාට ප‍්‍රිය මනාප වූ වචන භාවිත කිරීමයි.
7ග හිස් වචන කීමෙන් වැළකීම- කලට ගැළපෙන, සත්‍ය වූ, අර්ථවත් වූ, ධර්මයට අයත් වූ, ඉවත නොදමා සිත් තබා ගැනීමට යෝග්‍ය වූ, අර්ථ සම්පන්න වචන භාවිත කිරීමයි.
8ග අභිජ්ඣාවෙන් තොරවීම- අනුන් සතු වූ, ඔවුන්ගේ සතුට පිණිස වූ යම් භාණ්ඩාදී උපකරණ ආදියක්, ඔවුනට නොවි මට ම වේවායි යන අපේක්‍ෂාවෙන් තොර වීමයි.
9ග ව්‍යාපාදයෙන් තොරවීම- අනුන්ට ක්‍රෝධ, වෛර කරන සිතින් තොර වීමයි. සියලූ සතුන් අවෛරීව, ව්‍යාපාදයෙන් තොරව, දුක් නොමැති සැපවත් ජීවිත ගත කෙරෙත්වා යන අදහසින් යුක්ත වීමයි. (අනුන් නසන සිතින් තොර වීමයි*
10ග සම්මා දිට්ඨියෙන් යුතු වීම- දුන් දෙයෙහි විපාක ඇත. දක්‍ෂිණාවේ විපාක ඇත. අමුත්තන්ට කරන සංග‍්‍රහයෙහි විපාක ඇත..... ආදී වශයෙන් දස වැදැරුම් සම්මා දිට්ඨියට පැමිණීමයි.
දෙවනුව ධම්මදෙස්සි යනුවෙන් දක්වා ඇත්තේ ධර්මයට ද්වේෂ කරන පුද්ගලයායි. ඔහු ඉහත දක්වන ලද දස කුසල ධර්මයන්හි නොයෙදි දස අකුසල ධර්මවල යෙදෙන පුද්ගලයායි. ඒ අනුව පව්කම් කරන දස අකුසල තමාගේ ජීවිතය කරගත් පුද්ගලයා ඒකාන්ත වශයෙන් පිරිහීමට පත්වේ. ඔහු මේ ලෝක වශයෙන් ගත් කල කා අතරත් අප‍්‍රසාදයට පත්වේ. ඒ නරක චරිත සමාජයේ කා අතරත් අප‍්‍රසාදයට පත්වන බැවිනි. ලෙඩක් දුකක් හැදුනත් ඔහුට පිහිට වීමට කවුරුත් අකමැති වේ. දෙව්දත් තෙරුන් ඊට නිදර්ශනයකි. පරලෝක වශයෙන් ගත්විට කරන ලද පව්කම්වලට දිට්ඨදම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය යන කුමන හෝ ක‍්‍රමයකට තමා කළ පව් කම්වල විපාක විඳවීමට සිදු වේ. එවැනි පැවතුම් ඇති පුද්ගලයා මරණින් මතු අධම්මචරියා විසම චර්යා හේතුවෙන් සැපයෙන් තොර වූ, කටුක වූ දුක් ඇති, දුකෙහිම පතිත වූ නිරයෙහි උපදියි. ධම්මකාමී පුද්ගලයාට තම යහපත් පැවැත්ම නිසා මේ ලෝක වශයෙනුත් පරලෝක වශයෙනුත් තමා කළ හොඳ දෙයෙහි ප‍්‍රතිඵල යහපත් අයුරින් භුක්ති විඳිමට අවස්ථාව උදා වේ. මෙම දස කුසලය නැතිකම දස අකුසලයෙහි පිබිදීමයි. දස අකුසලයෙන් යුත් සමාජයක බහුල වන්නේ අධම්ම චරියාවයි. විසම චරියාවයි. සියලූ අංශවල ප‍්‍රකට වන්නේ පිරිහීම් ලක්‍ෂණමය. එය පුද්ගලයාටද එවැනි පුද්ගලයන් රාශියකගෙන් සමන්විත වූ සමාජයකටද පොදු ලක්‍ෂණයකි.
අසන්තස්ස පියා හොන්ති සන්තෙ න කුරුතෙ පියං
අසතං ධම්මං රොචෙති තං පරාභවතො මුඛං
පිරිහෙන පුද්ගලයාට අසත් පුරුෂයන් පි‍්‍රය වේ. (බුද්ධාදි* සත්පුරුෂයන් අප‍්‍රිය වේ. අසත් පුරුෂයන්ගේ දහම (දෙසැටක් මිත්‍යා දෘෂ්ටි* පි‍්‍රය වේ. එය පිරිහෙන පුද්ගලයකුගේ ලක්‍ෂණයකි. අසත්පුරුෂයන්ට කොතනදීත් පි‍්‍රය වන්නේ එවැනීම වූ අසත්පුරුෂයන්ය. සත්පුරුෂන් අසත් පුරුෂයන්ට කෙසේත් රුචි නොවේ. සත්පුරුෂ ධර්මයද ප‍්‍රිය නොවේ.
ඒ අනුව පූර්ණකස්සපාදී ෂට් ශාස්තෘවරුන්ගේද, සුනක්‍ඛත්‍ථ, අචේලකකොරක්‍ඛාදීන්ගේ පූර්වාන්ත කල්පන (18* හා අපරාන්ත කල්පන (44* වශයෙන් වූ දෙසැටක් මිත්‍යාදෘෂ්ටි විශ්වාස කිරීමයි. ඒවා පිළිපැදීමයි. දීඝ නිකායේ බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ ඒ පිළිබඳ සඳහන් වේ. අකිරියවාදය, අහේතු අප්පච්චයවාදය, නියතිවාදය පුබ්බේකත හේතුවාදය ආදී මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීමි පිළිගැනීමයි. බුදුරදුන් මෙම ඉගැන්වීම් මිනිසා පිරිහීමට, දුගතියට පත්කරවන ඉගැන්වීම් ලෙස සළකා සියලූම මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් ප‍්‍රතික්‍ෂේප කර ඇත. අංගුත්තර නිකායේ එන පහත ප‍්‍රකාශය ඊට කදිම නිදර්ශනයකි. ‘පූර්ව කර්මය සාර වශයෙන් ගත්තවුන්ට මෙය කළ යුතුය මෙය නොකළ යුතුය කියා යමක් කිරීමේ උත්සාහයක්ද රුචියක්ද නැත. මෙසේ කළ යුත්ත නොකළ යුත්ත සත්‍ය වශයෙන් නොදන්නා කල්හි සිහි මුලාවී අරමුණුවලින් අනාරක්‍ෂිත වූ ඉඳුරන් ඇතිව වාසය කරන්නවුන්ට තමා කෙරෙහි හේතු සහගත වූ ශ‍්‍රමණවාදයක් නැත. ඔවුන් නිසරු දේ සරු වශයෙන් දකි. සරු දෙය නිසරු වශයෙන් දකි. කිසිදු දියුණුවකට පත් නොවේ. ඒ හරි වැරැුද්ද කුමක්දැයි ඔවුන්ට නිවැරදිව වටහා ගත නොහැකි බැවිනි. ඔවුන් අඳුරින් අඳුරටම යන්නේ වේ. (තමො තමො පරායනො* බුදුවරුන්, රහතුන් ආදීන් වදාරන සත්පුරුෂ ධර්මය ඔවුන් අප‍්‍රිය කරයි, ප‍්‍රතික්‍ෂේප කරයි. සරු දෙයක් නොලබමින් අසත් ධර්මයේම ඇලේ. එබැවින් පිරිහීමට පත් වේ.
නිද්දාසීලී සභාසීලී අනුට්ඨාතා ච යො නරො
අලසො කොධ පඤ්ඤාණො තං පරාභවතො මුඛං
යමෙක් නිතර නිඳන සුළු වේද, සභාසීලී වේද, උත්සාහයෙන් තොර වූයේද, අලසයකු වේද, ක්‍රෝධ සහිත වූවෙක් වේද ඒවා පිරිහීමේ ද්වාර වේ. මෙහිදි පුද්ගල පරිහානියට හේතුවන කරුණු පහක් දක්වයි. නිද්දාසීලී වීම අප සාමාන්‍ය ව්‍යවහාරයේදී කුම්භකරණයන් ලෙස හඳුන්වන්නේ මෙවැනි පුද්ගලයන්වයි. මොවුන් ඉදගෙන සිටින විට, සිටගෙන සිටින විට ආදී වශයෙන් දවසේ වැඩි කාලයක් ගෙවා දමන්නේ නින්ද වෙනුවෙනි. මේ නිසා එදිනෙදා ජීවිතයේ තම කටයුතු අතපසු කරගනි. සභාසීලී වීම අනවශ්‍ය පරිදි ඵලරහිත කතාවන් කරමින් නිකරුනේ කාලය කා දැමිමයි. එවැනි පුද්ගලයෝ තමන්ගේ මෙන්ම අනුන්ගේද වැඩ පාලූ කරති. හිස් වචන කියමින් පිරිස සමග එක්ව වටිනා කාලය අපතේ හැර දමයි. කළ යුතු කටයුතු නිසි පරිදි ඉටු නොකරයි. ඇතැම්විට ඔහුගෙන් පවුලට ඉටුවිය යුතු අවශ්‍යතාවයන් ඉටු නොවන විට පවුල් ගැටුම්ද උත්සන්න වේ. එයින් පවුල් ජීවිතය පවා විනාශ විය හැකිය. උත්සාහයෙන් තොරවීම යනු උට්ඨාන වීර්යයෙන් තොරවීමයි. දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමේ න්‍යායයි. තමන් යම්කිසි ප‍්‍රශ්නයකට හෝ මුහුණ පා ඇති නම් එය විස\ ගැනීමට වත් උත්සාහ නො කිරීමයි. ගිහිියෙක් නම් තම අඹුදරුවන් ආදීන් පෝෂණයට උත්සාහ නොකිරීම, තම ව්‍යාපාර කටුයුතු දියුණු කරගැනීම් ආදීයට උත්සාස නොකිරීමයි. පැවිද්දෙක් නම් සිය ආධ්‍යාත්මික විමුක්තියට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට උත්සාහ නොකිරීමයි. මාර්ග ඵලාදිය ලබා ගැනීමට උත්සාහ නොකිරීමයි. අලස වීම උපතින්ම අලසයකු වීමයි. ඉදගත් විට ඉදගෙනන ම සිටී නැගිටින්නට කිසිදු උත්සාහයක් නොකරයි. නිදා ගතහොත් ඇඳෙන් නැගිටීමට කම්මැලි වේ. කෙටියෙන්ම කියතොත් තමන් සිටින ඉරියව්වෙන් වෙනත් ඉරියව්වකට සිය ඉඳුරන් වෙනස් කිරිමට පවා අලසයා කම්මැලි වේ. අලස බවේ ආදීනව සි`ගාල සුත‍්‍රයේ දක්වා ඇත. ක්‍රෝධ සහිත වීම නිතර තරහවෙන් කටයුතු කිරීමයි. අසුවලා මට බැන්නා. අසුවලා මට ගැහුවා ආදී වශයෙන් තරහ සිතේ තබාගෙන, අන්‍යයන් කෙරෙහි දෝස සහගතව කි‍්‍රයා කිරීමයි. කිපෙන සුළු ස්වභාවය නිසා හේ පිරිහීමට පත්වේ.
යො මාතරංවා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං
පහු සන්තො න භරති තං පරාභවතො මුඛං
යමෙකු ධන සම්පත් ඇති නමුදු ජරා ජීර්ණ වූ ඉක්මගිය යොවුන් බව ඇති (මහළු* මව හෝ පියා හෝ පෝෂණය නොකේරේද එය පිරිහීමට හේතූ වේ. දස මසක් කුස දරා අපව මෙලොවට බිහි කළ මවත්, දහදුක් විඳ දහඩිය මුගුරු වගුරුවා අප පෝෂණය කළ පියාත් මහලූ වූ විට කළගුණ දන්න අප යුතුකම් ඉටු කළ යුතුය. හැකියාව තිබියදීත් දෙමාපියන්ට නොසැළකීම පිරිහීමේ දොරටුවක් වන බව පරාභව සූත‍්‍රයෙන් අනාවරණය වේ. එසේම එවැනි පුද්ගලයන් සමාජයෙන් නින්දාවටද පත්වේ. පිළිකුල්ද කරයි. පෙර දිසාව නියෝජනය කරන දෙමව්පියන්ට දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් 6ක් සි`ගාල සූත‍්‍රයේ දැක්වේ. හැකියාව තිබියදී දෙමාපියන්ට නො සැළකීම වසල සූත‍්‍රයේදී වසලයකුගේ ලක්‍ෂණයක් ලෙසද දක්වා ඇත. දෙමව්පියන්ට නොසැළකීම දෙවිලොව දොරගුළු දමාගැනීමක් ලෙසද දෙමව්පියන්ට සැළකීම දෙව්ලොව දොරගුළු විවර වීමක් ලෙසද අංගුත්තර නිකායේ හා ඉතිවුත්තක පාලියේ දක්වා ඇත. ඒ අනුව දෙමව්පියන්ට නොසැළකීම පරාභවයට හේතුවකි.
යො බ‍්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤංවාපි වණිබ්බකං
මුසාවාදෙන වඤ්චෙති තං පරාභවතො මුඛං
යමෙක් බ‍්‍රහ්මණයකු හෝ ශ‍්‍රමණයකු හෝ වෙනත් යාචකයකු හෝ මුසාවාදයෙන් රවටයිද හේ පිරිහීමට පත් වේ. මෙයින් ප‍්‍රකාශ වන්නේ තමන් යමක් බලාපොරොත්’ුවෙන් පැමිණෙන ආගමික නායකයන්, පූජකයන් ආදීන් බොරුවෙන් රවටන පුද්ගලයා පිරිහීමට පත්වෙන බවයි. මුසාවාදය පිළිබඳ අප ඉහතද (දස කුසල කර්මපථය යටතේ* විස්තර දක්වන ලදි. එය විශ්වාසය කඩ කරන මිනිසා පරිහානියට ල`ගා කරන අකුසලයකි. දීමට සුදුස්සන්ට කිසිවක් නොදි ඔවුන් බොරුවෙන් රැුවටීම අපායේ උපදින්නට හේතුවකි. එවැනි පුද්ලයන් කරන ව්‍යාපාර, ආරම්භ කරන කටයුතු පවා අසාර්ථක වන බව පෙළෙහි දක්වා ඇත. වසල සූත‍්‍රයේ මෙය වසල කාරණාවක් ලෙසද දචක්වා ඇත.
ගිහියාගේ ආජීව අට්ඨමක සීල ශික්‍ෂා පද අටෙන් 4ක්ම වන්නේ වචනයෙන් කෙරෙන වැරදිවලින් වැළකීම පිණිසයි. මේවා චතුර්විධ වාග් දුෂ්චරිතයෝ වෙති. තෙවැදැරුම් සංස්කාර විෂයෙහි වචී සංඛාර ලෙස දැක්වෙන වචනය චේතනාව මගින් අභිසංස්කරණය වී කර්ම වශයෙන් කුශල අකුසල දෙකෙහිම පිහිටයි. කිළිිටි වූ සිතින් ප‍්‍රකාශ කරන වචනය ගැළ අදින ගොනාගේ පාද අනුව ඇදෙන කරත්ත රෝදය මෙන් පසුපසින් පැමිණ දුක් විපාක ලබා දෙන බව ධම්මපදයේ මුල් ගාථාවෙන් ම දැක්වේ. ගොළු බව, ගොත ගැසීම, මුඛයේ දු`ගද බව, විරූපි බව, සත්පුරුෂ සේවනය නොලැබීම, මිතුරන් ඈත්වීම ආදීය වාග් අකුසල කර්මවල විපාක ලෙස ධර්මයෙහි සඳහන් වේ. එසේ සමාජ තන්ත‍්‍රයේ සමාජිකත්වය අහෝසි වී යාමත් සමග පුද්ගල පරිහානියද සිදු වේ.
පහූත විත්තො පුරිසො සහිරඤ්ඤො සභොජනො
එකො භුඤ්ජති සාධූනි තං පරාභවතො මුඛං
බොහෝ රන්, රිදි, කහවණු, මිනිරුවන් ඇති ආහාර ආදියෙන් සමෘද්ධ වූ පුද්ගලයා හුදෙකලාව ම (තනියම* ඒවා පරිභෝජනය කෙරේද ඔහු පරිහානියට පත් වේ. බොහෝ රන්, රිදී, මුතු, මැණික් තිබියදි, බොහෝ දෙනෙකු හා එක්ව පරිභෝජනයට හැකියාව තිබියදි, හුදෙකලාවම අනුභව කරයිද, තමාගේ අඹුදරුවන්ට පවා නොදි පිළිිසන් ස්ථානයක සිට අනුභව කරයිද හේ පරිහානියට පත්වේ. සාමාන්‍යයෙන් අපට යම් කිසි අහරක් ලැබුණහොත් අප සමග සිටින අන් අයත් සමග එය බෙදාගෙන අනුභව කරයි. එය හොඳ පුරුද්දකි. නමුත් අහරෙහි පේ‍්‍රත ඇතමුන් එය හුදෙකලාවම භුක්ති විදියි. සිය අඹුදරුවන්ට වත් සහොදර සහොදරාදීන්ට වත් නොදෙයි. එහිදි සසර දුක්ගෙන දෙන අතරම රස තෘෂ්ණාව වැඩෙන අතරම මේ ලෝක වශයෙන් පරිහානියටද පත්වේ.
ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො ගොත්තත්‍ථද්ධො ච යො නරො
සංඤ්ඤාතිං අතිමඤ්ඤේති තං පරාභවතො මුඛං
යමෙක් ධන මානයෙන්, ජාති මානයෙන්, කුල මානයෙන් යුක්තවේද සිය නෑයන් ඉක්මවා (පිට උන් සේ* සිතයිද එම පුද්ගලයා පරිහානියට පත් වේ. විඩුඩභ කුමරුගේ කතාව මීට නිදසුනකි. මොනම කරුණක් නිසා හෝ උඩ`ගුවීම බුදුදහමට අනුව මාන මදය ලෙස විස්තර වේ. එක් අතකින් එය චිත්තෝපක්ලේස ධර්මයකි. තවත් අතකින් වඤ්චක ධර්මයකි. එක්දහස් පණ්සියයක් වූ කෙලෙස් දහම් අතර මානයද එක් ක්ලේසයකි. ජාති මානයෙන් අන්ධ වූවෙකුට හරිවැරැුද්ද අවබෝධ කරගත නොහැක. වනයේ යන අන්ධ ඇතෙකු සේ බොහෝ පිරිස් සමග අහේතුකව ගැටේ. මානයෙන් උදම් වූ විට සිය ඤාතීන්ද පසෙක ලා ඔවුන්ටද පිට පිරිස්වලට සේ සළකයි. එය ඤාති පරිහානියටද හේතු වේ.
ජාති කුල වශයෙන් තමා අන් අයට වඩා උසස් යැයි සිතිමත්, පහත් යැයි සිතිමත් යන දෙකම මානයට අයත්ය. මෙවන් බොහෝ පිරිස් සිය මානය නිසා බොරු පෙළපත් නාමයන් කියා, දෙමව්පියන්ගේ නම් පවා සැ`ගවීමට කටයුතු කරන අතර නැති පෙළපත් නාමයන්, බොරු නම්බු නාම ආරෝපණය කරගනිමින් ජාති මානයක් ඇති කර ගැනීමට කටයුතු කරයි. එහි පවත්නා සාවද්‍ය බව බුදුරදුන් මජ්ක්‍ධිම නිකායේ චංකි වැනි සූත‍්‍රවලදි පැහැදිලිව දක්වා ඇත. එය පිරිහීමට කාරණකි. නිදසුනක් ලෙස ගූතපාන ජාතකය දැක්විය හැකිය. ‘දිනක් රා කලයකට වැටුණු කුරුමිනියෙක් මත් වී ඒ මේ අත පියා සලමින් සිටින විට අලූත දැමු ගොම ගොඩක් මත පතිත විය. එහි තිබුණු නැවුම් බව නිසා කුරුමිනියා එහි මඳක් ගිලිනි. තමාගේ බලයට පොළව කම්පා වුනා යැයි සිතු කුරුමිනියා මානයෙන් උදම් විය. මානයෙන් මත් වු කුරුමිනියා අසලින් ගිය ඇතෙකුටද සටනට එන්න යැයි තර්ජනය කළේය. එවිට ඇතා කුරුමිනියා මත වර්චස් පිඩක් දමා ගියේය. එයින් කුරුමිනියා මරණයට පත්විය. ඒ අනුව ජාති, ධන, ගෝත‍්‍ර ආදි වශයෙන් උඩ`ගු වීම පිරිහීමට ද්වාරයක් බව පැහැදිලිය.
ඉත්‍ථිධුත්තො සුරාධුත්තො අක්‍ඛධුත්තො ච යො නරො
ලද්ධං ලද්ධං විනාසෙති තං පරාභවතො මුඛං
ස්තී‍්‍රන් කෙරෙහි ධූර්තවීම, සුරාවෙහි ධූර්තවීම, සූදුවෙහි ධූර්තවීම ආදියෙන් යුක්ත වේද ලද ලද දෙය විනාශ කරයිද ඒ පිරිහීමේ දොරටු වේ. සුරාවෙහි ආදීනව 6ක් සි`ගාල සූත‍්‍රයේ දක්වා ඇත. මෙලොව දීම වන ධන හානිය, කලහ වැඞීම, රෝගයන්ට කෙතක් වීම, අපකීර්තිය පැතිරීම, ලජ්ජා බිය නැතිව හැසිරීම, නුවණ දුර්වල වීම යන අයහපත් විපාක සුරාවෙහි ¥ර්ත වීම නිසා පුද්ගලයාට භුක්ති විඳිමට සිදු වේ. ස්තී‍්‍රන් කෙරෙහි ¥ර්ත වීමද එසේය. එයින් පවුල් ආරවුල් ඇතිවීම නිසා ගෘහ ජීවිතය පවා විනාශ වේ. වෛශ්‍යාවන් කරා එළඹීම නිසා ධනය විනාශ වේ. ස්තී‍්‍ර සොෙ`ඩකු ලෙස කා අතරත් ප‍්‍රකට වීම නිසා අපකීර්තිය පැතිරේ. සුදුවට යොමුවීමද පිරිහීමේ දොරටුවකි. මහාභාරත වීරකාව්‍යයෙහි එන යුධිෂ්ටීර ධාතු කී‍්‍රඩාවට යොමු වීම නිසා අන්තිමේ ඔහුට රාජ්ජ්‍යද අහිමි වේ. කෙතරම් ඔහු ඊට ලොල්ව සිටියේද කියතොත් මුදල් ඉවර වූ විට සිය භාර්යාව පවා ඔට්ටු තබා ඔහු ¥ කෙළියෙහි යෙදේ. ලද ලද දෙය විනාශ කරගැනීමද පිරිහීමට හේතුවක් වේ. තමා උපයා සපයා ගන්නා ධනය එදිනෙදා ජීවිතයට අවශ්‍ය පරිදි පරිභෝජනයට ගෙන අවශ්‍යතාවක් වූ විට ප‍්‍රයෝජනයට ගැනීමට තැන්පත් කොට තැබිය යුතුය. අවස්ථාවක් ආ විට එය ප‍්‍රයෝජනයට ගත හැක. එසේ නොමැතිව ලබන ලබන දෙය ඉතිරියක් නොමැතිව කා බී, දිඹුල් කන්නා සේ විනාශ කර දමයි නම් එම තැනැත්තා පරිහානියට පත්වේ.
සෙහි දාරේහසන්තුට්ඨො වෙසියාසු පදිස්සති
දිස්සති පරදාරෙසු තං පරාභවතො මුඛං
සිය අඹුදරුවන් අසතුටු වෙද්දි යමෙක් වෛශ්‍යාවන් වෙත එළඹේද, පර අඹුවන් සොයා යයිද ඒ පිරිහීමේ දොරටු වේ. එනම් කාම මිත්‍යාචාරයෙන් වැළකීමයි. මෙහි කාම මිත්‍යාචාරය යනු පරදාර සේවනයයි. කාම මිත්‍යාචාරය සතර කර්ම ක්ලේෂයට අයත් ක්ලේෂයකි. දස අකුසල කර්මපථයටද අයත්ය. කායිකව සිදු වන බරපතල වරදකි. පැවිද්දෙකු අතින් මෙය සිදුවුවහොත් පැවිද්ද පවා අහිමි වන තරම් බරපතල වරදකි. මරණාසන්න අවස්ථාවේ චුති සිතට කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් කුමන හෝ එකක ආරම්මණයක් ලෙස කාම මිත්‍යාචාරය යෙදුනහොත් සතර අපාය ප‍්‍රතිසන්ධි විපාක සිතක් සකස් කෙරෙන බව දහමෙහි දක්වා ඇත. නිතර නිතර මෙම වරද කරන්නා එකාන්ත වශයෙන්ම තම ඊල`ග භවය කරගන්නේ සතර අපායයි. කාම මිත්‍යාචාර අකුසලපථය සම්පූර්ණ වීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව ධර්මයේ දැක්වේ.
අන්සතු ස්ති‍්‍රයක වීම
අන්සතු ස්ති‍්‍රයක යැයි දැනීම
වරදෙහි යෙදීමේ සිත
වරදවා හැසිරීම යන කාරණු හතරයි.
මෙම කරුණු හතර සම්පූර්ණ වූ විට කාම මිත්‍යාචාරය සිදු වේ. මෙයින් අපයෝජනයට භාජනය වන්නාගේ ගුණාගුණ අනුව එහි ඵලයද වෙනස් වේ. පුරුෂයා කර්තෘත්වයේ තබා මේ කරුණු දක්වා තිබෙන නමුදු මේ සියලූම දේ ස්ති‍්‍රයටද පොදු වේ. මේ භවයේදි, සල්ලාලයකු ලෙස කා අතරත් ප‍්‍රකට වීම නිසා අපකීර්තිය පැතිරේ. ඇතැම් විපාක දිට්ඨදම්ම වේදනීය වශයෙන් මේ භවයේම විඳවන්නට සිදුවේ. පරලෝක වශයෙන් තිරිසන් හෝ පේ‍්‍රත යෝනියක ඉපදීම, කුමන හෝ පිනකින් මිනිසත් බවක් ලැබුවද උපදි සම්පත්ති නොලැබීම වැනි ඵලයන් භුක්ති විඳිමට සිදුවේ. බොහෝ සතුරන් ඇතිවීම, පුරුෂයකු නම් ස්තී‍්‍ර හෝ නපුංසක භාවය ලැබීම, ස්තී‍්‍රත්වය ලැබුවෝ ඉන් නොමිදී ම, විරූපවීම හා ලිං`ගික අතවරයන්ට ගොදුරුවීම, අසම්පූර්ණ ඉන්ද්‍රියන් ඇතිවීම ආදී විපාක ලබන බව ධර්මයේ සඳහන්ය. ඒ අනුව සිය අඹු දරුවන් අසතුටු කරමින් කරන පරදාර සේවනයෙන් මිනිසාට හොඳක් නම් නොවන බව පැහැදිලිය. එය පුද්ගල පරිහානියට ම හේතු වන්නකි.
අතීතයොබ්බනො පොසො ආනෙති තිම්බරුත්තනිං
තස්සා ඉස්සා න සුපති තං පරාභවතො මුඛං
ඉක්ම ගිය යොවුන් විය ඇති පුරුෂයකු තිඹිරි ඵල වැනි තුරුණු කතක් විවාහ කර ගනීද (හේ* ඇයට ඊර්ෂියාවෙන් නොනිදයිද ඒ පිරිහෙන පුද්ගලයකුගේ ලක්‍ෂණයකි. මහළු වයසේ සිටින කෙනෙකු නව යොවුන් විය ඇති තරුණියක් අවාහ කර ගැනීම ඔහුගේ පිරිහීමට හේතු වන බව මෙයින් ප‍්‍රකාශිතය. මහලූ පුරුෂයෙක් තරුණ කතක් විවාහකරගතහොත් ඇතිවන පවුල් පසුබිම අප කවුරුත් හොඳින් දනි. නූතනයේද අපට එවැනි විවාහ දක්නට ලැබේ. මුදල් ඇති මහා ධනවතුන් එවැනි විවාහ සිදුකර ගනි. නමුත් කලයක් යන විට එම විවාහ සංස්ථාව සම්පූර්ණයෙන්ම දෙදරා යාම නිසා පවුල් ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථක වේ. ඇතැම් විට මිනිමැරුම් පවා සිදුවේ. ඒවාට ද`ඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරබත් කන්නටද සිදුවේ. නිදසුන් අවශ්‍ය තරම් සමාජයෙන් අපට හමුවේ. තිඹිරි ඵල වැනි පියොවුරු ඇති නවයොවුන් වියේ පසුවන තරුණියක් කෙසේවත් මහල්ලෙකුගෙන් සම්භෝග සැපයක් අපේක්‍ෂා නොකරයි. ඇය කැමති එවැනිම තරුණයකු හා සහවාසයටයි. එවැනි විවාහයක් වූවොත් මහල්ලට සිදු වන්නේ රැු පුරා නිදිවර්ජිතව ඇය පර සැමියන් වෙත එළඹේදැයි සොයා බැලීමටය. එම නිසා මුළු ?ම නිදිවර්ජිතව සිටින ඔහු කල්යාමෙන් රෝගියකු බවටද පත්වේ. එසේම ඇය පිළිබඳ නිතර සැකයෙන්ම පසුවීම නිසා කරන රැුකි රක්‍ෂා කටයුතුද නිසි ආකරව කරගත නොහැකි වේ. ආර්ථිකයද පිරිහේ. එවිට ප‍්‍රශ්න එක පිට එක පැටවේ. නිතර ඇය වෙත ඊර්ෂියාවෙන් පසුවීම නිසා දෙදෙනා අතර කිසිදු සමගියක්ද නොවේ. පහත ශ්ලෝකයද ඊට නිදර්ශනයකි.
අනභ්‍යාසෙ විසං විද්‍යා - අජීර්ණේ භෝජනං විසං
විසං සභා දරිද්‍රස්ස - වෘද්දස්ස තරුණි විසං (හිතෝපදේශය*
අභ්‍යාස නොකරන විට විද්‍යාව විස වේ. අජීර්ණය් ඇති විට ආහාර ගැනීම විස වේ. දුප්පතාට සභාව විස වේ. මහල්ලාට තරුණිය විස වේ. යනු එහි සරල අර්ථයයි. ඒ අනුව කාමයට ඇති ලෝ්ලත්වය නිසා මහල්ලෙක් තරුණියක් අවාහ කරගතහොත් එය ඔහුගේ පිරිහීම බව පැහැදිලිය.
ඉත්‍ථිසොණ්ඩිං විකිරණිං පුරිසං වාපි තාදිසං
ඉස්සරියස්මිං ඨාපෙති තං පරාභවතො මුඛං
(මත්ස්‍ය, මාංශ, මධ්‍යපාන ආදියෙහි ලොල් වූ ඒ සඳහා ධනය (අධිකව* වියදම් කරන ස්ති‍්‍රයක හෝ පුරුෂයකු අධිපතිත්වයෙහි තබයිද ඒ පිරිහීමේ දොරටු වේ. මාංශ අනුභවයෙහි ලොල්වීම, සුරාවෙහි ලොල්වීම ධන විනාශ මුඛ ලෙස සි`ගාල සුත‍්‍රයේ දක්වා ඇත. මස් මාංශ අනුභවයට බුදු දහමේ දැඩි තහනමක් නැත. භික්‍ෂූන්ට වුවද තම පිණ්ඩපාතයට ලැබෙන ඕනෑම දෙයක් අනුභව කිරීමට බුදුන් අවසර දී ඇත. නමුත් ලෝලත්වය හේතු කරගෙන මස් අනුභව කළහොත් එය දිට්ඨානුගතියට යයි. එවිට මස් මාංශ නැතුවම බැරිය. එවිට තමන්ම සතුන් මරා හෝ මස් අනුභවය නැතිවම බැරිව යයි. බුදු දහමින් මාංශ අනුභවයට එතරම් දැඩි තහනමක් නොතිබුණද ප‍්‍රාණඝාතය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරයි. එය දස අකුසලයයෙන් එකකි. මධ්‍යපානයද එසේමය. ඒ පිළිබඳ විස්තර ඉහත සුරාධුත්ත යටතේ දක්වන ලදි. එම නිසා පුන පුනා කීම අවශ්‍ය නොවේ. කෙසේ හෝ මේවායෙන් සිදු වන්නේ ධන විනාශයයි. පුද්ගල පරිහානියද ඊට නොදෙවෙනිව සිදු වේ. එවැනි අයෙකු නායකත්වයේ හෝ අධිපතිත්වයෙහි පිහිටු වීම ඔහුගේ මෙන්ම ඔහු වටා සිටින අනෙකුත් පිරිසෙද පිරිහීමට හේතු වේ. ඒ ඔහු මධ්‍යපානාදියෙන් ලොල්ව තමා අධිපතිත්වය දරන ආයතනය හෝ තමා අවට සිටින පිරිස පිළිබඳ හෝ වගකීමෙන් තොරව කි‍්‍රයා කරන බැවිනි. එවිට පිරිහීම ල`ගා වන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. ඒ අධිපතිත්වය දරන්නා ස්ති‍්‍රයක වුවද පුරුෂයකු වුවද වෙනසක් නොවේ.
අප්පභොගො මහා තණ්හො ඛත්තියෙ ජායතෙ කුලෙ
සොධ රජ්ජං පත්තයති තං පරාභවතො මුඛං
අල්ප භෝග ඇති (නමුත්* මහා භෝග තණ්හා ඇති යමෙක් ක්‍ෂතී‍්‍රය කුලයෙහි ඉපදී ඔහු රාජ්‍ය බලාපොරොත්තු වේ නම් ඒ පිරිහීමේ දොරටුවක් වේ. ඉන් ගම්‍යමාන වන්නේ ඉහළ කුලයක ඉපදුනද ධනය නොමැතිව ජනතාවගේ බලය ප‍්‍රාර්ථනා කිරීමද පිරිහීමට හේතුවක් බවයි. අටුවාවට අනුව සුළු ධනයක් ඇති, එසේ නමුත් අධික තණ්හාවෙන් යුක්ත වූ, ලද දෙයින් කිසිම අවස්ථාවක සංතුෂ්ටියක් නොලබන, ක්‍ෂතී‍්‍රය කුලයක උපන් කෙනෙකු මහා තණ්හාවෙන් රාජ්ජ්‍යත්වය බලාපොරොත්තු වේද, අනුන්ගේ රාජ්ජ්‍යය බලාපොරොත්තු වෙමින් තමා සන්තකව තිබු අල්ප ධනය පවා යෝධාදීන්ට දී රාජ්ජ්‍යද නොලබන බැවින් පරිහානියට පත් වේ.
මෙම තත්ත්වය නූතන සමාජය තුළ බහුල වශයෙන් දැකිය හැකිය. බලාපොරොත්තු ආශාවලින් සිය ජීවිතය පුරවාගෙන තමාට ලබාගත නොහැකි ඇතැම් දේ් කරා අධිකතර තෘෂ්ණාවෙන් හඹා යති. නමුත් තෘෂ්ණාදාස බව නිසාම බලාපොරොත්තු ඉටු වීමක් නම් නොවේ. නිදසුනක් දැක්වුවහොත් මාංශ ලෝභයට ආශාවෙන් එලූවාගේ අණ්ඩකෝෂ යුගලය බිම වැටේ යැයි සිතා ඔහු පසු පස හඹා යන සිවලා බඳුය. නැතහොත් ජාත්‍යන්දයෙක් ලස්සන, රමණීය දේම මා දකීවායි ප‍්‍රාර්ථනා කිරීමකට සමානය. අධික තණ්හාව නිසා තමා මං මුලාවි සටින බවත් එයින් සිදුවන්නේ තමාගේ පරිහානියම පමණක් බවත් නොවැටහේ.
එතෙ පරාභවෙ ලොකේ පණ්ඩිතො සමවෙකක්‍ඛිය
අරියො දස්සන සම්පන්නො ස ලොකෙ භජතෙ සිවං
යනුවෙන් අවසන් ගාථාවෙන් පණ්ඩිත වූ පිරිහීමේ දොරටු දන්නා නුවණ ඇති ඒ ආර්ය පුද්ගලයා මෙම පරාභව කරුණු නුවණින් මනාව දැන ඒවායෙන් මිදෙන බව අවධාරණය කරයි. ඒ අනුව මෙම පිරිහීමෙ දොරටු කරා නොයන පුද්ගලයා ලෙස දක්වා ඇත්තේ ආර්ය ශ‍්‍රාවකයාය. එවැනි ආර්ය ශ‍්‍රාවකයෝ අට දෙනෙක් දැක්වේ. එනම්
x සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා
x සෝවාන් ඵලස්ථ පුද්ගලයා
x සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා
x සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා
x අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා
x අනාගාමි ඵලස්ථ පුද්ගලයා
x අර්හත් මාර්ගස්ථ පුද්ගලයා
x අර්හත් ඵලස්ථ පුද්ගලයා
යන අට දෙනායි. මොවුන් මෙම පිරිහීමේ දොරටු වෙත ල`ගා නොවි නිවන් මාර්ගය වෙත ගමන් කරන බව බුදුරදුන් අවධාරණය කරයි.
සමාලෝචනය
පරාභව සූත‍්‍රය අධ්‍යයනය කරන විට ඒ තුළින් බුදුරදුන් දේශනා කර ඇත්තේ පුද්ගලයින් පිරිහීමට පත්වන කරුණු කිහිපයක් බව පැහැදිලිව දැකිය හැකිය. දේවතාවා පිරිහීමේ දොරටු කවරේදැයි නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දීම් වශයෙන් පරාභව සූත‍්‍රය දේශනා කර ඇත. ගාථා දොළහකින් මූලික වශයෙන් කරුණු දොළහක් යටතේ පිරිහීමේ දොරටු දක්වා ඇත. එනම්
x යමෙක් ධර්මය ප‍්‍රිය නොකරයිද, අධර්මය ප‍්‍රිය කරයිද ඔහු පිරිහීමට පත්වේ.
x සත්පුරුෂයන්ට අකමැති, අසත්පුරුෂයන්ට කැමති පුද්ගලයා පිරිහේ.
x නිතර නිඳන සුළු, තැන් තැන්වල රැුස්ව නිෂ්ඵල දේ කියවමින් කාලය කා දමන, උත්සාහයෙන් තොර, කිපෙන සුළු තැනැත්තා පිරිහේ.
x හැකියාව තිබියදී මහලූ දෙමව්පියන්ට නොසළකන තැනැත්තා පිරිහේ.
x තමා වෙත පැමිණෙන ආගමික නායකයින්, පූජකයින්, අසරණයින් ආදින් බොරුවෙන් රවටන තැනැත්තා පිරිහේ.
x බොහෝ ධනය හා රස බොජුන් තනියම භුක්ති විඳින්නා පරිහානියට පත්වේ.
x ජාතියෙන්, ධනයෙන් උඩ`ගු වී තම ඤාතීන්ට පවා නොසළකන තැනැත්තා පිරිහේ.
x ස්තී‍්‍රන්ට, සුරාපානයට හා සූදුවට ලොල්වු තැනැත්තාගේ ධනය විනාශ වන නිසා පිරිහේ.
x පරදාර සේවනය කරන්නා පිරිහේ.
x මහල්ලෙක් තරුණියක විවාහ කරගැනීම පිරිහීමට හේතු වේ.
x සුරාසූදු, මස්මාංශ ආදීයට ලොල් වූ අයකු අධිපතිත්වයෙහි තැබීම පිරිහීමට හේතු වේ.
x ඉහළ කුලයක ඉපදුනද ධනය නොමැතිව ජනතාවගේ බලය ප‍්‍රාර්ථනා කිරීම පිරිහීමට හේතු වේ.
යන කරුණු දොළහයි. ඒ අනුව සමාජයේ ජීවත් වන අපට ගැහැණු පිරිමි හෝ ලොකු කුඩා ආදි වශයෙන් කිසිම බෙදීමකින් තොරව ප‍්‍රායෝගිව අප ජීවිතයට වැදගත් වේ. එයින් අපට අප ගමන් කරන දිශානතියද වටහා ගත හැක. පිරිහීමට හේතුවන ඉහත කි‍්‍රයාවල නිරත නොවි සාධු සම්මත දේවල පමණක් යෙදි මෙලොවත් පරලොවත් දියුණුව ලද හැකිය.
ආශි‍්‍රත මූලාශ‍්‍රයයෝ
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
x අංගුත්තර නිකාය 1, තික නිපාත, මහවග්ග, බු.ජ.මු., 2006.
x ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාලි, බු.ජ.මු., 2006.
x ඛුද්දක නිකාය 1, ධම්මපද පාලි, බු.ජ.මු., 2006.
x ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, පරාභව සූත‍්‍රය, බු.ජ.මු. 2006.
x ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, වසල සූත‍්‍රය, බු.ජ.මු., 2006.
x දීඝ නිකාය 3, චක්කවත්ති සූත‍්‍රය, බු.ජ.මු. 2006.
x දීඝ නිකාය 1, බ‍්‍රහ්මජාල සූත‍්‍රය, බු.ජ.මු., 2006.
x දීඝ නිකාය 3, සි`ගාල සූත‍්‍රය, බු.ජ.මු., 2006.
x පරමත්‍ථජොතිකා, (සුත්ත නිපාත අටුවාව* පරාභව සුත්ත වණ්ණනා :ක්‍ගීගක්‍ෘගඍදප*
x මජ්ක්‍ධිම නිකාය, වේරඤ්ජක සූත‍්‍රය, බු.ජ.මු., 2006.
x හිතෝපදේශය, (සංස්*පහමුණේ සුමංගල හිමි, සමයවර්ධන ප‍්‍රකාශනය, කොළඹ 10, 1990.
x ජය්එයඑය් ි්බට්හ්බ් ක්‍ෘ ඍදපල ඪසච්ිි්බ් ඍැිැ්රජයල ෘය්පප්ටසරසල ෂට්එචමරස 422 403ල ෘසිඑග භ්ියසනල ෂබාස්ග
ද්වීතියික මූලාශ‍්‍රය
x අරියවිමල හිමි කොස්වත්තේ, බුද්ධ ධර්මය, සමයවර්ධන පොත් සමාගම, කොළඹ 10, 2010 ප‍්‍ර.මු.