හැඳින්වීම
කලාව සියලූ විෂයන්ගේ විෂයක්‍ෂේත‍්‍රයකි. පුද්ගලයායේ මනසත් කයත් ඔහු ජීවත් වන පරිසරයත් ඇසුරු කරන සමාජයත් කලාවෙන් බැහැරලිය හැකි නම් එහි යම් රික්තකයක් ඇතැයි කිව යුතුය. එහෙත් කලාව යනු කුමක්ද යන්නට පොදු නිර්වචනයක් මෙතෙක් අපහට හමු වී නැත. දිගු ඉතිහාසයක පටන් පවත්නා නිර්වචන සංස්කරණය වීමත් නව නිරුක්ති ජනනය වීමත් සිදුවන අයුරු පැනේ.
වාත්සය්‍යානයෝ කාමසූත‍්‍රයේදී ‘‘කලාව යනු ගීත වාද්‍යාදී බාහිර කි‍්‍රයා මෙන්ම සිප වැළඳගැනීම් වැනි කි‍්‍රයාවන් වේ’’ යැයි දක්වති. සාහිත්‍යයේදී, අක්‍ෂර ශිල්ප හැටහතර කලාවයැයි අර්ථකථනය කෙරේ. සිංහල විශ්වකෝෂයේ දැක්වෙන්නේ මේ නිර්වචනවලින් කලාවට කෞශල්‍යය පදනම් කර ගත් අර්ථකථනයක් ලැබී ඇති බවයි. එහෙයින් පෙරදිග පැරැුණි චින්තකයන්ට කලා හා ශිල්ප අතර වෙනසක් වටහා ගත නොහැකි වී ඇතැයි එහි දැක්වේ.
කෙසේ වෙතත් කලාව හා ශිල්ප වෙන් වෙන්ව විවරණය කිරීමට උත්සාහ ගත් නමුත් එහි යම් අසාර්ථක බවක් ඇතැයි හැෙ`ග්. කලාව යන්නට ඉංග‍්‍රීසි, ලතින්, ජර්මන් යන භාෂාවල අනුපිළිවෙලින් ්රඑල ්රිල ණමබිඑ යනුවෙන් යෙදෙන වචනවලින් දීපනය වන මූලිකාර්ථය කුසලතාවයි. යම් කාර්යයක කුසලතාවක් ලබන්නා ශිල්පියෙකු නැතහොත් කලාකරුවෙකු ලෙස හඳුන්වනු ලැබේ. එහෙයින් කලා විෂය ක්‍ෂේත‍්‍රය ඉතා සංකීර්ණය. චිත‍්‍ර, මූර්ති, කැටයම්, සංගීතය, සාහිත්‍ය, නෘත්‍ය ආදී අංගයන් කලාකරුවා වෙතින් මානුෂ සන්තානයන්හි සෞන්දර්ය උද්දීපනය වන අන්දමින් නිමවේද ඒවා කලාවෙහිලා අදාළ වේ.
ටෝල්ස්ටෝයිල් කලාවේ කාර්යය ලෙස දක්වන්නේ ‘‘යම් කෙනෙකු ලද අත්දැකීමක් පිළිබඳ අනුභූතියක් චලන රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන ම`ගින් අනෙකෙකු තුළ දැනවීම’’ බවයි. මෙහි යථාර්ථවාදී අදහසක් ගැබ් වී ඇති බව පිළිගත හැකිය. එහෙත් කලාවේ පවත්නා ජීවිතාබද්ධභාවය ඊට සියවස් ගණනකට පෙර භර්තුහරීන් විසින් පැහැදිලි කරන්නේ කලාවෙන් වියුක්ත පුද්ගලයා පශු සත්ත්වයෙකුට සම කරමිනි.
කෙසේ වෙතත් ‘‘හොඳ කලා නිර්මාණය ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් විය යුතුය’’ යනුවෙන් බොහෝ විචාරකයන් විසින් පිළිගෙන ඇති මතය බෞද්ධ කලාවටද සාධාරණ බව පිළිගත හැකිය. බෞද්ධ කලාවේ නිරුක්තිය නම් ‘‘ශ‍්‍රද්ධාවෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් විය යුතුය.’’ යන්නයි. භාෂාමය අනන්‍යතාව අනුව මේ දෙකෙහි යම් යම් වෙනස්කම් තිබුණද යථෝක්ත අදහස අනුව කිසියම් ප‍්‍රමාණයකින් ගැලපෙන බැව් පැනේ. (බුදුසමයේ ශ‍්‍රද්ධාව හා ප‍්‍රඥාව යන වචනාර්ථ ඉතා පුළුල් බව මෙහිලා වෙසෙසින් සැලකිය යුතු වේ.*
මෙහිදී අප විමසා බලන්නේ ආසියානු බෞද්ධ කලාව ම`ගින් මෙම කලාපයේ ජනයා තුළ ගොඩන`ගන ලද සංකල්පීය අනන්‍යතාවන් පිළිබඳවය. එහිදී බෞද්ධ කලාව සම්භවය වන්නේ කවර පසුබිමක් යටතේද යන්නත් බෞද්ධ කලාවේ අරමුණ කුමක්ද යන්නත් මූලිකවම හඳුනා ගැනේ. ඉන්පසු බුදුරදුන්, බෝධි සත්ත්වයන් හා රහතන් වහන්සේලා පිළිබඳ සංකල්පත් බෞද්ධ දර්ශනය කලාව තුළින් දීපනය කිරීමත් ම`ගින් බෞද්ධ සංකල්පීය අනන්‍යතාවයක් ගොඩ නැ`ගූ අන්දම විමසා බැලේ.
ආසියානු බෞද්ධ කලාවේ සම්භවය
කලාවත් බුදුසමයත් අතර උත්කෘෂ්ට බැඳියාවක් ඇත. වීමංසනයෙන් වියුක්ත විචාරයෙහි යෙදුණු ඇතැම් පෙරපර දෙදිග ප`ඩුවෝ බුදුසමය සර්ව අශුභවාදයකියි තර්ක කළහ. කලා හා ශිල්ප අධ්‍යයනය කළ සර්වපල්ලි රාධක‍්‍රිෂ්ණන්, කුමාරදත් වැනි වියතුන් මෙන්ම පෞරාණික ඉන්දීය කලා ශිල්ප අධ්‍යයනය කළ ප‍්‍රකට පුරාවිද්‍යාඥ ඊ.බී. හැවල් මහතාද ‘‘බුදුදහම සෞන්දර්යය හා රමණීයත්වය, බැහැර කරන හුදු මෝක්‍ෂ ප‍්‍රතිලාභය පිණිස සියලූම සුන්දර වස්තු ප‍්‍රතික්‍ෂේප කරන දහමකි’’ යි අර්ථකථනය කළහ. ආනන්ද කුමාරස්වාමීහුද මේ අදහසම පෝෂණය කළහ. මේ වටහා ගැනීම්වල පවත්නා සාවද්‍යතාවත් බොළඳ බවත් බෞද්ධ කලාව හා චින්තන විධිය නිවැරදිව වටහා ගත් ප`ඩුවන් විසින් මොනවට පැහැදිලි කරමින් විතණ්ඩවාදී මත ඛණ්ඩනය කොට හමාරය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත‍්‍රි ලක්‍ෂණය මත ලොව පිහිටා ඇතැයි බුදුරදුන් වදාළේ එය ලෝකයේ යථාර්ථය බැවිනි. එය වටහා ගැනීමට කලාව බාධකයක් නොවේ. කලාව හා සෞන්දර්යය ධර්ම සන්නිවේදනයෙහිලා භාවිත කළ අයුරු ත‍්‍රිපිටක සාහිත්‍ය පුරා දක්නට ලැබේ.
‘‘ලෝකයේ පවත්නා විචිත‍්‍ර වස්තූන් කාමයන් නොවේ. ඒ වස්තූන් පිළිබඳව මිනිසා විසින් නිත්‍ය, සුභ, සුඛ ආදී වශයෙන් ඇති කරගන්නා වූ සංකල්පීය රාගයම කාමය වෙයි. ලොව විචිත‍්‍ර වස්තූන් එලෙසින්ම පවතින අතර නුවණැත්තා එහි නොඇලේ.
බුදුරදුන් වදාළ පරිදි අපි වනය සිඳ දැමිය යුතුය. එහෙත් ගස නොකැපිය යුතුය. වනය නම් ගස් සමූහයේ එකතුවමය. එතැන වනය කියා දෙයක් නැත. එහි ඇත්තේ සංකල්ප මාත‍්‍රයක් පමණි. එහෙයින් අප දුරුකළ යුත්තේ අපව රවටන සසර බිය ජනනය කරවන සංකල්ප මාත‍්‍රයයි. සුන්දරත්වය ලෝකයේ ස්වභාවයයි. එය අපට ලද නොහැකිය. එය වනසා දැමීමද ඵලයක් නැත. අවශ්‍ය වන්නේ කෙලෙස් වනය සිඳ සිත පිරිසිදු කර ගැනීමයි. එම තත්ත්වයට පත් වූ රහතන් වහන්සේලා සෞන්දර්යයෙන් අනූන වනයට ප‍්‍රිය කළහ. කෙලෙස් වස`ගයට ගිය පෘථග්ජනයා ඊට නොකැමතිය. එහෙත් සන්තානයේ පිරිසිදු බව වැඞීම පිණිස ඒ සෞන්දර්ය භාග්‍යයකි. එහෙයින් අව්‍යාජව එය ආශ්වාදනය කළ යුතුය. ආදීනව දැකිය යුතුය. ප‍්‍රපඤ්චකරණයට නොගත යුතුය. (අස්සාද, ආදීනව, නිස්සරණ* මේ අනුසාරයෙන් එළඹිය හැකි නිගමනය නම් බෞද්ධ කලාවේ ආරම්භය බුද්ධ කාලයේම සිදු වූ බවය. ඒ බෞද්ධ කලාව ලොවට දායාද කළ කලාකරුවා නම් බුදුරජාණන් වහන්සේය.
කලාකෘති අප සූචකයෙහි වැදගත් වන හෙයින් එහි සම්භවය පිළිබඳ යම් අවලෝකනයක් කළ යුතුය. බුදුසමය පහළ වූයේ භාරතයේ සේම බෞද්ධ කලාවද පහළ වූයේ භාරතයේ යැයි විචාරකයන්ගේ පොදු පිළිගැනීමයි. බුදුන් දවස සිටම කලා මහිමය විහිදුනද හදවතට ලංවූ කෝකිල නාදයක් සේ දියත පුරා පැතිර ගියේ අශෝක අධිරාජයාණන්ගේ කාලයෙන් පසුවයැයි කලල්ඇල්ලේ සේඛර හිමියන් පෙන්වා දෙන්නේ එනිසාවෙනි.
භාරතීය කලා ඉතිහාසය පිරික්සන විට එහි ඓතිහාසික සංවර්ධනයේ ඇරඹුම බෞද්ධ කලාවෙන් සිදු වූයේයැයි කීම සාධාරණය. දඹදිව බෞද්ධ කලා පිළිබඳ අධය්‍යනය කළ ආනන්ද කේ. කුමරස්වාමි ඉන්දියාවේ කලා ශෛලි හෙවත් සම්ප‍්‍රදායයන් නෂ්ටාවශේෂ අනුව යුග 06කට බෙදා දක්වයි. ක‍්‍රි.පූ. 3000 - ක‍්‍රි.ව.50 කාලය ඊට අයත් වේ. කුළුණු, ආන්ද්‍ර ලිපි, සාංචි හා මහාබෝධි ස්තූප, සාංචි දොරටු (ක‍්‍රි.පූ. 1, 2 සියවස* යන කලාකෘති මේ යුගයට අයත් වේ. ඉන් පසු නූතනය දක්වා භාරතීය කලාවේ සම්භවය එහි බෙදා දක්වා ඇත. ඒවා පිළිවෙලින් මෙසේය.
x කුෂාණ හෙවත් ග‍්‍රීක බෞද්ධ
x ගුප්ත
x විශිෂ්ඨ ඉංදියාව
x මධ්‍යකාලීන යුගය
x බි‍්‍රතාන්‍ය යුගය
පෙරදිග කලාවට බෙහෙවින්ම බලපෑවේ අශෝක අධිරාජයානන්ගේ ධර්ම¥ත සේවය සම`ග පැමිණි සංස්කෘතිය බව මස්කල් පවසයි. එම සංස්කෘතිය හින්දු සංස්කෘතිය නොවන බව මෙහිදී අප මතක තබා ගත යුතුය. මන්ද බෞද්ධ කලාවේ සංවර්ධනය හින්දු සමයේ ආභාෂය මත සිදු වූ බව සනාථ කිරීමට ඇතැම් විචාරකයන් යත්න දරන බැවිනි. එහෙත් බෞද්ධ කලාව වේද ආගම්වලට හා හින්දු සමයන්ට ගැති වී ඇති බවක් දැක්වීම සාවද්‍යය.
මෙරට බෞද්ධ කලාවන් දඹදිව බෞද්ධ කලාවත් අතර වඩා සමීප බවක් ඇතැයි නන්දදේව විජේසේකර ශූරීහූ පෙන්වා දෙති. එහිදී භාරතීය බෞද්ධ කලාව මෙරට කලාවට යම් ආකාරයක බලපෑමක් ඇති කළද මෙරට කලාවේ අනන්‍යතාව ඉන් පළුදු වී නොමැති බව පැහැදිලිව කිව හැකිය.
බෞද්ධ කලාකරුවා මුල් බුදුසමයාගත චතුරාර්ය සත්‍යය, ත‍්‍රිලක්‍ෂණය ආදී ධර්මඥානය තුළින් ලද ජීවිතාවබෝධයත් හදේ ඉපිලී ගිය බුද්ධාලම්බන ප‍්‍රීතියත් මුදා හැරීමට යොදාගත්තේ කලාවයි. ආසියාව පුරා විහිදී ඇත්තේ ඒ කලාවේ සුවඳයි. කලල්ඇල්ලේ ශේඛර හිමියෝ මැනවින් ඒ කලා සම්භවය පැහැදිලි කරති. ඒ අනුව භාරතය ශ‍්‍රී ලංකාව මධ්‍යම ආසියාව , චීනය , ඉන්දුනීසියාව , කාම්බෝජය , ඇෆ්ගනිස්ථානය , ජපානය , තායිලන්තය , ලා ඕසය , නේපාලය , වියට්නාමය ආදී රටවල පුරාවිද්‍යාත්මක සාධක ම`ගින් ඒ බව පසක් කරගත හැකිය.
බෞද්ධ කලාවේ බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයෙහි ආරම්භය බුද්ධ කාලයෙහිම වූ බව සැලකේ. එය සනාථ කළ හැක්කේ හ්‍යුත්ස්යෑං දේශාටන වාර්තාවලිනි. එහෙත් පුරා විද්‍යාත්මක සාධක ම`ගින් හෝ වෙනත් උචිත මූලාශ‍්‍රයකින් එය තහවුරු කළ නොහැකිය. අනෙක් අතට බුද්ධ කාලයෙන් පසු ගත වන සියවස් කිහිපයක් අතරතුර නිමැවුණු බුද්ධ ප‍්‍රතිමාවක් මෙතෙක් හමු වී නොමැත. එනිසා වියත්හු බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය වූයේ බුද්ධ කාලයේමයැයි පිළිගැනීමට මැලිවෙති. බුද්ධ ප‍්‍රතිමාව මුල්වරට නිර්මාණය වූයේ ක‍්‍රි. පූ. 3 වන සියවස දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය තරම් ඈත අතීතයට සම්බන්ධ කළ හැකි බවට මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගේ ශූරීහූ කරුණු ගොනුකරති. මහාවංශාගත තොරතුරුත්, තත්කාලීන භාරතයේ අශෝක රාජසමය පිළිබඳ තොරතුරුත් අනුව දෙරටෙහිම ඒ වන විට බුද්ධ ප‍්‍රතිමා නෙළීම ඇරඹී ඇති බව පැහැදිලිව පෙන්වා දිය හැකිය. බුදුපිළිමය නිර්මාණය කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කීපයක් ගතවන තුරු බෞද්ධ කලාකරුවා නොපෙළඹුණද ස්තූපය බුද්ධ කාලයේ පටන්ම නිර්මාණය වීම සිදුවිය. බුද්ධ දේශනා තුළින්ම එය අනුමත වී තිබුණි.
කෙසේ වුවද බෞද්ධ කලාව පිළිබඳ ඓතිහාසික යුග විභජනයේ (භාරතයේ* පැනෙන
x මෞර්ය යුගය
x
x
x
x
යන සියලූ යුගාශ‍්‍රිත කලාකෘති ක‍්‍රමික ව්‍යාප්තියකට දෙස් දෙයි. මේ යුගවල භාරතයේ භාර්හුත්, සාංචි, මථුරා, බුද්ධගයා, සාරානාත්, කාර්ලේ, අමරාවතී, ජගය්ය පේත, නාගර්ජුන කොණ්ඩ සහ අජන්තා ආදී විවිධ ස්ථානයන්හි කලා නිකේතන ප‍්‍රාදුර්භූත විය. භාරතීය කලාවේ නිර්මාණාත්මක යුගයේ විශිෂ්ටතම කෘති මේ තැන් සතුය. එපමණක් නොව පෙර සඳහන් කළ ආසියානු කලාපයේ රටවල කලා කෘතිවලට මෙම කලා සම්ප‍්‍රදායන් බෙහෙවින් බලපා ඇති බව කිව හැකිය.
බෞද්ධ කලාවේ අරමුණු
භාරතයේ බෞද්ධ කලා සම්ප‍්‍රදායන් වෙතින් ආභාෂය ලද ආසියාතික රටවල බෞද්ධ කලාව වඩාත් පෘථුල වූවකි. ඒ ඒ රටවල බෞද්ධ කලාව වැඞී ගියේ දේශීය සංස්කෘතියට අනුව බැව් පැනේ. බලංගොඩ ප‍්‍රඥාවංශ හිමියන් පෙන්වා දෙන අන්දමට හීනයාන හා මහායාන යනුවෙන් සම්ප‍්‍රදාය දෙකක් ඔස්සේ බෞද්ධ කලාව වැඞීයෑම බෞද්ධ කලාවේ සීඝ‍්‍ර සංවර්ධනයට ඉවහල් වී ඇත. බෞද්ධ කලාවේ ඒ ඒ රටවල අනන්‍යතාවයන් අනුව වැඩුණුමුත් එය මූලික අරමුණු හා නොගැටේ. එම මූලික අරමුණු මොනවාදැයි මෙහි විමසා බැලිය යුතු වන්නේ බෞද්ධ කලාව සතුව පවත්නා සුවිශේෂී පදනම වටහා ගැනීම සඳහාය. එම`ගින් මෙම කලාපය තුළ බෞද්ධ කලාව ගොඩනැ`ගූ සංකල්පීය අනන්‍යතාව දීපනය කිරීමට ප‍්‍රවේශයක් ගත හැකිය.
මනුෂ්‍යයාගේ ප‍්‍රධාන සන්නිවේදන මාධ්‍යය භාෂාවයි. පුද්ගලයාට දැනෙන, හැෙ`ගන, සිතෙන දේවල් අන් අයට සන්නිවේදනය කරන්නේ භාෂාව ම`ගිනි. එය ලිඛිත හෝ වාචික විය හැකිය. භාෂාවේ ප‍්‍රධාන කාර්යය සන්නිවේදනය වන්නාක් සේම කලා කෘතිවලද ප‍්‍රධාන කාර්යය සන්නිවේදනයයි. කලාකෘති දෘශ්‍ය මාධ්‍යය උපයුක්ත කරගෙන සන්නිවේදනයෙහි යෙදේ. බෞද්ධ කලාවටද මේ නියමය සාධාරණය. බෞද්ධයන්ට දැනෙන, හැෙ`ගන දේත්, දැනුමත්, සිතන ආකාරයත් බෞද්ධ කලාව ම`ගින් සන්නිවේදනය කෙරේ. හර්බට්ට අනුව පොදුවේ ගත් කළ ඕනෑම කලා කෘතියකින් අනාවරණය වන්නේ විශ්වය පිළිබඳව යම්කිසි අදහසකි. නැතහොත් පරිසරය හෝ මනුෂ්‍යායා පිළිබඳ අදහසකි. යම්කිසි පිරිසකගේ දැනුම පිළිබඳ මෝස්තරයක්, රටාවක් කලාවෙන් ප‍්‍රකාශිතය. ඒ අනුව බෞද්ධ කලාකෘතිවල ඇත්තේ බෞද්ධයන්ගේ දැනුම පිළිබඳ මෝස්තරයකි. විහාරාරාම, ප‍්‍රතිමා, චිත‍්‍ර, මූර්ති, කැටයම් ආදියේ ඇත්තේ බෞද්ධයාගේ දැනුම පිළිබඳ මෝස්තරයයි.
ඒ ඒ ආගම් අදහන ජනයාට ඔවුන්ගේ කලාව ආවේණිකය. ඉස්ලාම් ජනයාට ඉස්ලාම් කලා සම්ප‍්‍රදායයක් ඇත. ක‍්‍රිස්තු බැතිමතුන්ට ක‍්‍රිස්තියානි කලා සම්ප‍්‍රදායයක් ඇත. ඒ කලාකෘතිවලට අයත් ජන කණ්ඩායම, ආගමික පිරිස තමන් තුළ ක‍්‍රියාත්මක වන ආකල්ප, සංස්කෘතිය හා ඇගයීම් කලා නිර්මාණ ම`ගින් හෙළි දක්වා ඇත. බෞද්ධයින් සමාජයේ පළමු ඇගයීම ලබා දෙන්නේ මිනිසාටය. මිනිසා අතර විශිෂ්ටම, උත්තරීතර පුද්ගලයා බුදුරදුන්ය. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වූයේ ප‍්‍රධානතම කරුණු දෙකක් නිසාය. එකක් නම් උන්වහන්සේගේ දර්ශනයයි. ඒ දර්ශනය ලොව යථාර්ථය පිළිබඳව වූ දර්ශනයයි. අනෙක උන්වහන්සේගේ චරණයයි. චරණධර්මයන් පහළොසකින් උන්වහන්සේගේ බුද්ධ ජීවිතය ශෝභාමත් විය. බෞද්ධ සංස්කෘතියෙහි විද්‍යාව හා චරණය යනුවෙන් දැක්වෙන්නේ එයයි. බුදුරදුන්ගේ මහාකරුණාව හා මහාප‍්‍රඥාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. බෞද්ධයා උන්වහන්සේට පුද පූජා කරන්නේ ඒ වෙනුවෙනි. ඒ අනුව බෞද්ධ කලාවේ ප‍්‍රධානතම අරමුණක් වූයේ බෞද්ධ සංස්කෘතිය ම`ගින් විශේෂ ඇගයීම ලබාදුන් මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයා වූ බුදුරදුන්ට ගරු කිරීමට හා වැඳුම් පිදුම් කිරීමටය.
සත්ත්වයා, ලෝකය හා සසර පිළිබඳ බුදුසමයේ විශේෂ දර්ශනයක් ඇත. ඒ දර්ශනය ලෝකයාට සන්නිවේදනය කිරීමද බෞද්ධ කලාකෘතිවල මූලික අරමුණකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත‍්‍රිලක්‍ෂණය ලෝකයේ යථා ස්වභාවයයි. මේ යථාර්ථය වටහාගත නොහැකි වූ පෘථග්ජනයා තෘෂ්ණාදී ක්ලේශයන්ගේ පාෂයෙහි බැඳී සසර සැරිසරයි. විමුක්තිය ලද හැක්කේ සිව්සස් දහම් ම`ග අවබෝධ කිරීමෙනියි බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදුසමයේ මේ ඉගැන්වීමෙන් පෝෂණය ලද බෞද්ධ කලාකරුවා ඒ දර්ශනය සිය කුසලතා ම`ගින් නිරූපණය කළහ. ස්තූපය, සඳකඩ පහන, විහාරාරාම ආදී සියලූ බෞද්ධ කලා කෘති විශ්වීය කලාවක් බවට පත් වී ඇත්තේ ඒ පරමාර්ථය ඇතිව නිර්මාණය කොට ඇති බැවිනි. නිදසුනක් ලෙස මෙලොව සියලූ ධර්මයන් අනිත්‍යයැයි දැක්වීමට බුබ්බුලාකාර ස්තූපය යොදා ගෙන ඇති බව පෙන්වා දිය හැකිය. යම් සේ දිය බුබුලක් වහා ඇති වී නැති වී යන්නේද එසේම ලොව සියලූ දේ එසේ විනාශ වී යන්නේය යන දර්ශනය එම`ගින් නිරූපිතය.
සඳකඩපහන පඩිපෙළක ආරම්භක පඩියයි. පඩිපෙළක ගමන් ගන්නාට එහි අපූරු කලාකෘතියක් නෙත ගැටේ. එහි ඇති ගිනිදැල්, සත්ත්වරූප, ලියවැල, හංස පේළිය, නෙළුම් මල වැනි රූප පෙළින් කලාකරුවා බියකරු සසරේ ස්වභාවයත්, නිවනේ පිවිතුරු බවත් මැනවින් ප‍්‍රකට කොට ඇත.
බෞද්ධ කලාවෙහි ඇති තවත් සුවිශේෂී අරමුණක් නම් මිනිස් මතකය පවත්වාගෙන යෑමයි. කලා විචාරයෙහි ප‍්‍රකට ඊටා විල්බට් පෙන්වා දෙන්නේ කලාව තුළ මිනිසා ජීවත් වන බවය. එම`ගින් එක් අතකින් මිනිස් මතකය ඉදිරියට පවත්වාගෙන යයි. මේ අවශ්‍යතාව බෞද්ධයාටද විය. බුදුරදුන් වැඩ සිටි සමයේ ජනයාට සියැසින් උන්වහන්සේ දැකගත හැකි වුවද පිරිනිවන් පෑමෙන් පසු එසේ දැකිය නොහැකි විය. එහෙත් පසුකාලීන ජනයාට උන්වහන්සේගේ අසීමිත බුද්ධකාය දැක ගැනීමේ පේ‍්‍රරණයක් විය. මුල්කාලයේ ජනයා බුදුරදුන් ප‍්‍රතිමාවකට නැ`ගීමට නුසුදුසු බව (අප්පටිම* සලකා සංකේත ම`ගින් උන්වහන්සේ නිරූපණය කළහ. එහෙත් සැදැහැති බෞද්ධයාට එය ප‍්‍රමාණවත් නොවීය. එහෙයින් බුදුරදුන් පිළිබඳ මතකය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා බෞද්ධ කලාවක් රෝපණය කිරීමට බෞද්ධයෝ පෙළඹුණහ. මෙහි ඇති වෙසෙස නම් පසුකාලීන අටුවා කෘති ම`ගින් සමසතළිස් කර්මස්ථාන අතරින් බුද්ධානුස්සති භාවනාව වැඞීමට බුද්ධ ප‍්‍රතිමාව නිමිත්තක් හෙවත් කමටහනක් වීමයි. එමෙන්ම ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බව මෙම කලාපයේ ජනයා අතරට සන්නිවේදනය වන්නේ මේකලා මහිමයෙනි.
ආසියාව පුරා බෞද්ධ කලා සම්ප‍්‍රදායයන් රාශියක් පවත්නා බව පැහැදිලිය. ගන්ධාරයෙන් ඇරඹුණු බෞද්ධ කලාව ඒ ඒ තැන්හි විචිත‍්‍ර විය. නිර්මාණකරණය තුළ විවිධත්වයන් රාශියක් විය. නිරූපණද රාශියක් දක්නට ලැබේ. මීට බලපෑ එක් හේතුවක් නම් නිර්මාණකරණයෙහිලා බුදුසමයෙන් ලැබෙන පෙළඹුමයි. විහාරාරාම ආදිය රමණීයව ඉදිකිරීමට බුදුරදුන් අනුදැන වදාළහ. අනෙක් අතට ඒ ඒ තැන බෞද්ධ කලා සම්ප‍්‍රදායයන් බිහි වූයේ සංස්කෘතික අනන්‍යතාවන් බලපා ඇත. භාරතයේ බෞද්ධ කලාව ලංකාවට බලපෑමුත් ලාංකේය බෞද්ධ කලාව නිර්මාණය වී ඇත්තේ දේශීය හා සංස්කෘතික දෘෂ්ටීන්ට සමගාමීවය. එසේ විවිධ සම්ප‍්‍රදායයන් යටතේ බෞද්ධ කලාව පැවතිය මුත් ආසියාව පුරා බුදුදහමට ආවේණික වූ බෞද්ධ කලාවක් පවත්නා බැව් අමතක නොකළ යුතුය.
විහාර ආරාම අලංකාරව තබා ගැනීමට මෙන්ම සෞන්දර්යයෙන් යුතු පරිසරයක් තුළ විසීමට බුදුරදුන් ශ‍්‍රාවකයන්ට ම`ග පෙන්වූයේ මනස සන්සුන් කරගැනීමට බෞද්ධ කලාව ඉමහත් පිටුබලයකි. බෞද්ධ කලාව වූකලී සන්තානයේ කෙලෙස් රැුස්වීම පිණිස නොව අස්වීම පිණිසය. රාගය, ද්වේශය, මෝහය දුරුවීම සඳහා වූ කාලවකි, බෞද්ධ කලාව. එසේම ශ‍්‍රද්ධාව වැඞීම සඳහාය. අජන්තා චිත‍්‍ර, කැටයම්, ගන්ධාර මථුරා ප‍්‍රතිමා, චීන චිත‍්‍ර හා මූර්ති ආදි සියල්ලෙහිම මනස සංසුන් කර ගැනීමට අවැසි අත්වැලක ප‍්‍රතිබිම්බයක් දැකගත හැක්කේ එනිසාවෙනි.
අනෙක් අතට බෞද්ධ කලාව ධාර්මික විනෝදය පිණිස අරමුණු කොටගෙන ඇත. බෞද්ධයා සිය ලිවිසැරියේ ප‍්‍රීතිය, සතුට, විනෝදය පිණිස අනුගමනිත පිළිවෙත් නිරර්ථක නොවන බවට දැක්විය හැකි නිදසුනක් නම් කලාකෘතියැයි කීම අතිශෝක්තියක් නොවේ. බෞද්ධයෝ සිය ජීවිකාව කරගෙන යෑමට කෘෂි කර්මාන්තාදී නොයෙක් ශිල්ප කර්මාන්තයන්හි නිරත වූහ. එහිදී ඇති වන විඩාව වෙහෙස නිවාගැනීමට වරෙක කවි කීහ. ජනකවි ලෙස ප‍්‍රකටව ඇති ඒවායෙහි බහුලව අන්තර්ගත වී ඇත්තේ තමා ලත් බෞද්ධාගමික විඤ්ඤාණයයි. එමෙන්ම අනෙකුත් කලාකෘතිවලද මේ ලක්‍ෂණය දක්නට ලැබුණි. එම`ගින් එක් අතකින් සැබෑ මානසික විවේකයක් හා සුවයක් ලැබුණා සේම ශ්‍රේෂ්ඨ කලාකෘති සමුදායක්ද ජනිත විය. ඒවාද නැවත ජනයාගේ ධාර්මික විවේකය පිණිස ඉවහල් වන අයුරු පැනේ. කෙතේ වැඩ කරමින් සිට, මඩ සෝදා ගොඩවන ගොවියා වැව් ඉස්මත්තේ පිහිටි ධාන්‍ය ගොඩක් වන් වූ සෑයට (ධාන්‍යාකාර* දණ ගස නමැඳ ලබන සතුට වචනාතික‍්‍රාන්තය.
ආනන්ද කේ. කුමරස්වාමී මහතා පෙන්වා දෙන අන්දමට බෞද්ධ කලාව අනුස්මරණ කලාවකි. (සිහිවටන කලාවකි* අත්‍යන්තයෙන්ම එය බෞද්ධ කලාව හා ගැලපේ. මන්ද බෞද්ධ කලාවේ සම්භවයට බෙහෙවින් බලපෑ සැදැහැවත් බෞද්ධයා දැක පහන් සංවේග කළයුතු තැන් පිළිබඳ බුද්ධානුශාසනය අනුස්මරණය හා බැඳී පවතින හෙයිනි. මහා පරිනිබ්බාන සූත‍්‍රයේ දැක්වෙන අන්දමට බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම, දම්සක් සුතුර දේශනය, පිරිනිවන් පෑම යන සිදුවීම් සිදු වූ ස්ථාන එසේ දැක පහන් සංවේග කළ යුතු තැන් වේ. ඒ අනුව බෞද්ධයාා එම ස්ථාන ආශ‍්‍රිතව කලා නිර්මාණ රාශියක් නිර්මාණය කළේය.
තවද බෞද්ධ කලාවේ වැදගත් අරමුණක් ලෙස පූජා චරිත‍්‍ර පවත්වා ගෙන යෑම දැක්විය හැකිය. ධර්මාශෝක රජු මහාකාල විසින් නිර්මාණය කර දුන් බුදු පිළිමයට සතියක් පුදපූජා පැවැත් වූ බවට වංශකථාවලින් තොරතුරු හමුවේ. මෙරට බුදුසමයේ ආරම්භයේ පටන්ම (දෙවනපෑතිස් සමයේ සිට* බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයත් ඊට පුද පූජා පැවැත්වීමත් දක්නට ලැබුණි. ස්තූප වන්දනාව පිළිබඳව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. බෝධිඝරය, ශ‍්‍රී පාදය, විහාරාරාම, මූර්ති, ප‍්‍රතිමා හුදු ප‍්‍රදර්ශන ස්වරූපයට වඩා ශ‍්‍රද්ධාව උපදවා පුද පූජා පැවැත්වීමෙන් පිං රැුස් කර ගැනීමට උපයුක්ත වී ඇත. ඒ අනුව බෞද්ධ කලාව ආගමික ඇදහිල්ලක් වශයෙන් සම්භවය වූයේ යැයි කීමෙහි වරදක් නැත.
එමෙන්ම බෞද්ධ කලාව වූකලි සුවිශේෂ ධර්ම සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් සැලකිය හැකිය. ශ‍්‍රව්‍ය මාධ්‍යය බෞද්ධ ධර්ම සන්නිවේදනයේ කේන්ද්‍රීය මාධ්‍යය වූ අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එහි නියමුවෝ වූහ. දෘශ්‍ය මාධ්‍යයක් වශයෙන් කලාවෙන් කෙරෙන බෞද්ධ ධර්ම සන්නිවේදනය සුළු කොට තැකිය නොහේ. සංචාරයේ යෙදෙන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා කුඩා බුදු පිළිමයක් රැුගෙන යෑම එකල සිරිතක්ව පැවැතිණි. ඒ ඒ වැඩ සිටින තැන්වල සිට බුදුන් වැඳීමත් කමටහන් මෙනෙහි කිරීමත් එහි අරමුණ වී ඇත. එය දකින කවරෙක් මුත් වටහා ගන්නේ ශාස්තෘවරයෙකු වශයෙන් බුදුරදුන් පරම පූජනීය උතුමෙකු බවය. එසේම උන්වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම චිත්ත සමාධියට හේතු වන බව ඔවුහු වටහාගනිති. බුද්ධ චරිතය නිරූපණය කෙරෙන, රෙදි කච්චිවල අඳනා ලද චිත‍්‍රවලින් එක් අතකින් ඓතිහාසික බුදුසිරිත නිරූපණය කෙරුණි. අනෙක් අතින් ජාතකකථ නිරූපණය කෙරුණි. මුල් කාලයේ ලෙන් වලත් කුටිවලත් අඳනා ලද මෙවැනි චිත‍්‍ර පසුව විහාරවල සිතුවම් කරන්නට වූහ. සසර ගමන, කර්මය, පුනර්භවය මෙන්ම යථාභූත ඥානදස්සනයෙන් විමුක්ති සාධනය කළ හැකිය, වැනි සංකල්ප මේ හරහා ආසියානු කලාපයේ ජනයා අතර සන්නිවේදනය විය.
මෙසේ බෞද්ධ කලාව හුදු කලා නිර්මාණයන් ලෙස නිම නොවුණු බව සාධනය කළ හැකිය. අනුස්මරණය, ධර්ම සන්නිවේදනය, බෞද්ධ දර්ශනය සංකේතාත්මකව නිර්මාණය කිරීම, ධාර්මික විනෝදය ආදී විමුක්ති මාර්ගයට උපයෝගී කර ගැනීමේ අරමුණින් බෞද්ධ කලාව නිර්මාණය වූ බව ඒ අනුව කිව හැකිය.
ආසියානු බෞද්ධ කලා නිරූපණ ම`ගින් ගොඩනැ`ගූ
බෞද්ධ සංකල්පීය අනන්‍යතාව
ඉන්ද්‍රීය ගෝචර වස්තුවක අපූර්ව ලක්‍ෂණයන්ගේ උත්තේජනය වන භාවමූලික ප‍්‍රකාශනයකි, කලාව. එය හුදු වචනයෙන් නොව වින්දනයෙන් ලබාගන්නා වූ ආශ්වාදයකි. එසේ ලබන ආශ්වාදය අද්විතීය වින්දනයක් බවට පත්කිරීම උසස් කලා කෘතියක අපූර්වත්වයයි. බෞද්ධ කලාවේ ඒ අපූර්වත්වය මොනවට ගැබ් වී ඇති බව කිව යුතුය. බෞද්ධ සංස්කෘතිය යම් දිනෙක ඇරඹුණිද එතැන් සිටම බෞද්ධ කලා කෙතද ඉදිවන්නට ඇත. කලාවෙහි දක්නට ලැබෙන ප‍්‍රතිමා, චිත‍්‍ර, කැටයම්, ගෘහ නිර්මාණ මෙන්ම නාට්‍ය, කාව්‍ය, සාහිත්‍යය ආදී සියලූ අංශයන්හි බෞද්ධ කලාකෘති දක්නට ලැබේ. ඒ කලාව හුදු සෞන්දර්යට පමණක් සීමා නොවුණු විශ්වීය කලාවකි. එම`ගින් ආසියානු කලාපයේ ජනයා තුළ ගොඩනැ`ගූ සංකල්පීය අනන්‍යතාව යථොක්ත බෞද්ධ කලාවේ අරමුණු හා බැඳී ඇත. මෙහිදී වෑයම් කරන්නේ ඒ සංකල්පීය අනන්‍යතාවන් පිළිබඳ තතු පෙහෙණි කිරීමටය.
බුද්ධ සංකල්පය
බෞද්ධයා කලාව තුළ සුවිශේෂී ඇගයීම ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේටය. සියලූ කෙලෙසුන් නසා බුද්ධත්වය ලද ඒ උතුමන් වහන්සේ නිසා ලෝකයට සුවිශේෂී දහමක් පහළ විය. සියලූ සසර දුක්වලින් මිදීමේ ඒකායන මාර්ගය ඒ දහම සතුවිය. ලෝකයාට ඒ දහම ඉගැන්වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ බුදුවරයෙකුට පවා විස්තර කොට අවසන් නොකළ හැකි බව පෙළෙහි එයි. උන්වහන්සේගේ රූපකායද එපමණටම ශෝභාමත්ය. බුදුරදුන්ගේ මේ තිබුණු අපමණ ගුණ සාගරය නිසා මුල් අවධිය තුළ බුදුරදුන් ප‍්‍රතිමා කලාවකට නැ`ගිය නොහැකිය යන හැ`ගීම (අප්පටිම* භාරතීයයන් තුළ විය. ‘‘බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ පහක් ඉක්ම යනතුරු ඉංදියානු කලාවේ බුද්ධ ප‍්‍රතිමාවක් දක්නට නැත.’’ බුදුරදුන් විහාරයෙන් බැහැර වැඩසිටින විට උන්වහන්සේ නියෝජනය කරන සංකේතයක් වශයෙන් බෝධිය හඳුන්වනු ලැබූවේ බුදුරජාණන් වහන්සේ විසින්මය. මේ ආභාෂය ඇතිව බෞද්ධයෝ බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ වන්දනාව වෙනුවට බෝධියට වන්දනා කළහ. එහෙත් පසුකාලීනව බුද්ධ චරිතයද කලාකෘති ම`ගින් නිරූපණය කිරීමේ අරමුණින් සංකේත අනුක‍්‍රමයෙන් බිහි විය. ඒ අනුව,
x සිදුහත් උපත පිපුණු නෙළුම් මලින්ද (සිදුහතුන් උප්පත්ති ක්‍ෂණයෙහිදීම සත් පියවරක් නැගූ බවත් ඒ පියවර සතෙහිම නෙළුම් මල් පිපුණු බවත් ජාතකපාළියේ සඳහන් වේ.*
x මහාභිනිෂ්ක‍්‍රමණය දකුණින් ඉදිරියට යොමු වූ සක් ලකුණු ඇති පියවර සටහන් දෙකකින් හා සේසතක් යටින් යන අශ්වරූපය කීපවරක් යෙදීමෙන්ද
x බුද්ධත්ත්‍වය බෝධි වෘක්‍ෂය මූල හිස් වජ‍්‍රාසනයෙන්ද
x මිගදායේ ධම්මචක්කප්පවත්තන සූත‍්‍ර දේශනය ධර්ම චක‍්‍රයෙන්ද
x මහා පරිනිර්වාණය කුඩා ස්තූපයකින්ද
නිර්මිත විය.
මුල් කාලයේ පැවතියේ ශාරීරික චෛත්‍යයත්, පාරිභෝගික චෛත්‍යයත් පමණි. උද්දේසික චෛත්‍යය සංකල්ප මාත‍්‍රයක් පමණි. අටුවාවහන්හි එන තොරතුරු අනුව සිංහලයන් උද්දේසික චෛත්‍යය ලෙස පිළිගෙන ඇත්තේ බුද්ධ ප‍්‍රතිමාවන්ය. කෙසේ වෙතත් බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය වීමට පෙර බුදුරදුන් වෙනුවට බෞද්ධයින් වන්දනාමාන කළේ යථෝක්ත සංකේතවලටය.
නෙළුම, පියසටහන්, සේසත, ධර්ම චක‍්‍රය, ස්තූපය යන සංකේත ලොව අනෙකුත් කලා නිර්මාණවලද යම් යම් වෙනස්කම් ඇතිව භාවිත වේ. එහෙත් බුදුසමය මේ සංකේත සමූහය තුළින් බුදුරජාණන් වහන්සේ ගේ ජීවන චරිතය ප‍්‍රතිනිර්මාණය කොට ඇත. ඒ අනුව මෙම සංකේත අවස්ථානුකූලව යථෝක්ත නිරූපණ කාර්යය සඳහා භාවිත වී ඇති බව පැනේ. මෙනිසා බෞද්ධ කලාව ආශ්වාදනය කරන්නාට එම සංකේත සැමවිටම බුද්ධ චරිතයේ අවස්ථා සහිතව සම්පේ‍්‍රක්‍ෂණය වන්නේය.
බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය වූයේ පසුකාලයේදීය. ‘‘... බෞද්ධයාට බුද්ධ ප‍්‍රතිමාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුණේ බුදුන් වහන්සේ තමා තුළ පැවති උදාර ගුණ සමුදාය තුළ වර්ධනය කරගැනීම පිණිස විනා ආශාව වර්ධනය කර ගැනීමට නොවේ. ... යම් තැනැත්තෙක් පිළිබඳව ලැදියාවක් හෝ ගෞරවයක් ඇතිවීම පිණිස එම පුද්ගලයා පිළිබඳ දැනීම අවශ්‍ය වෙයි. ඒ හැර යෝගාවචරයන්ට බුදුන් දැකීම අවශ්‍ය වීමත් හින්දු හා ජෛන ප‍්‍රතිමා පැවති හෙයිනුත් බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය වූ බවට කරුණු විමසිය හැකිය.’’
කෙසේ වුවද බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය වීම තුළින් සුවිශේෂී බෞද්ධ සංකල්පයක් ජනයා තුළ ගොඩ නැගුණි. ඒ අනෙකක් නොව බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංකල්පයයි. බුදුරාජාණන් වහන්සේ ප‍්‍රතිමාවට නැ`ගීමේදී හැකිතාක් දුරට උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගුණත් දෙතිස් මහා පුරිස ලක්‍ෂණ, අසීති අනුව්‍යඤ්ජන ආදී ශාරීරික ලක්‍ෂණත් ඉස්මතු කර දැක්වීමට වෙහෙස ගෙන ඇත.
‘‘බුදුසමය ව්‍යාප්ත වූ සෑම රටකම බුද්ධ ප‍්‍රතිමා දක්නට ලැබේ. ඉන් සමහරෙක් වෙනත් රටවලින් ගෙනගිය ඒවා වන අතර වැඩි ප‍්‍රමාණයක් ඒ ඒ රටවල නිර්මාණය වූ ඒවා විය. කවර රටක බුදු පිළිමය නිර්මාණය වුවද බුදු පිළිමයක තිබිය යුතු මූලික ලක්‍ෂණ කොටසක් ඇත. මහාපුරිස ලක්‍ෂණ ඒ මූලික ලක්‍ෂණ අතර එයි. පසුකාලීනව ඊට බ්‍යාමප‍්‍රභා, කේතුමාලා, අසීති අනුව්‍යඤ්ජන ආදියට එකතු වී ඇත. සෑම බුද්ධ ප‍්‍රතිමාවකම අඩු වැඩි වශයෙන් මේ ලක්‍ෂණ ඉස්මතු වී තිබේ.
ඉරියව් අනුව ගත්කළ හිඳ පිළිම, හිටි පිළිම, ඔත් පිළිම මෙන්ම ගමන් කරන ආකරයෙන් පිළිමද (තායි, බුරුම වැනි රටවල ඇත.* දක්නට ලැබේ. ප‍්‍රතිමාවක දී මුද්‍රාවටද විශේෂ තැනක් හිමිවේ. මුද්‍රාවලදී මූලිකත්වය ලැබෙන්නේ අත්වල හා ඇ`ගිලිවල දැක්වෙන අභිනයටය. ඒ අනුව හැම සම්ප‍්‍රදායකම පාහේ දක්නට ලැබෙන මුද්‍රා හයක් (06* හඳුනා ගෙන ඇත.
1. ධ්‍යාන හෙවත් සමාධි 2. ධර්ම චක‍්‍ර
3. අභය 4. විතර්ක
5. වරද 6. භූමි ස්පර්ශ
යනු ඒවාය. ඊට අමතරව මහායාන හා තන්ත‍්‍රයාන ප‍්‍රතිමාවල තවත් මුද්‍රා කිහිපයක් ඇත. හිඳගන්නා ක‍්‍රමය අනුව ආසන කිහිපයක් ප‍්‍රතිමාවල දක්නට ලැබේ.
1. පද්මාසනය 2. වීරාසනය
3. භද්‍රාසනය 4. වජ‍්‍රාසනය
ඒ අතර වඩා ප‍්‍රකටය. චීවරය පෙරවීම සාමාන්‍ය සම්මතය අනුව ඒකාංශයෙන් දැක්වීමත් උභයාංශ වශයෙන් දැක්වීමත් යන ක‍්‍රම දෙකම ප‍්‍රතිමාවල ඇත. මෙසේ දැක්වෙන ඉරියව් මුද්‍රා, ආසන ආදි බුද්ධ ප‍්‍රතිමාවල සියලූ ස්වභාවයන්ගෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් යම් ගුණාංග ප‍්‍රකට කරයි.
x සමාධි මුද්‍රාව - බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණාංග ප‍්‍රකට කරයි. චිත්තේකාග‍්‍රතාව මෙන්ම ප‍්‍රඥා පාඨවයෙන් ජනිත වූ ප‍්‍රමෝද්‍යය.
x ධර්ම චක‍්‍ර මුද්‍රාව - බුදුරදුන්ගේ ධර්මරාජ බව හා ධර්ම චක‍්‍ර බව
x අභය මුද්‍රාව - සත්ත්වයා බියට පමුණුවන ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් මුදවන බව
x විතර්ක මුද්‍රාව - බුදුරදුන් වඩාත් පැහැදිලි ලෙස ධර්ම කරුණු පැහැදිලි කළ බව. (අන්‍යයන් සම`ග බුදුරදුන් විතර්ක කළ බව දැක්වීම යැයි තවත් මතයකි.*
x භූමි ස්පර්ශක මුද්‍රාව - තම බුද්ධත්වය ඔප්පු කළ බව, මාරයා, අභිබවා සිටින බුදුරදුන්ගේ බෝධි සත්ත්ව චර්යාවේ ශක්තිය ප‍්‍රකට කරන බව කොත්සේ මහතාගේ අදහසයි.
x වරද මුද්‍රාව - බුදුරදුන් සතුව පැවති වරදීමේ හැකියාව, උන්වහන්සේගේ මහා කරුණා ගුණය, පරිත්‍යාගශීලී ගුණය.
වැනි ගුණාංග ඒ ඒ මුද්‍රා මගින් පිළිඹිබු වේ. ආසනවලින්ද එසේ විවිධ නිරූපණයන් ඉදිරිපත් කොට ඇත. ආසන හැරුණු විට ප‍්‍රතිමාව පිහිටුවන පීඨය පද්ම පීඨයක් (නෙළුමක් මත වැඩ හිඳින බුදුරදුන් වශයෙන් බහුලව යොදා ඇති අයුරු දක්නට ලැබේ. බුදුන් වහන්සේ මෙ`ඩන් උඩට මතු වුණු පිවිතුරු නෙළුමක් මෙන් පවිත‍්‍රයැයි දැක්වීම සඳහා කලාකරුවා එසේ පද්ම පීඨයක් යොදා ගන්නට ඇතැයි බෙල්ලන්විල විමලරතන හිමියෝ පෙන්වා දෙති.
මෙසේ කලාකරුවා බෞද්ධ කලාව තුළින් බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමෙන් ආසියානු කලාපයේ ජනයා තුළ බුද්ධ සංකල්පය මැනවින් රෝපණය කොට ඇති බව කිව හැකිය. බුදුරදුන්ගේ පැවති ආධ්‍යාත්මික ගුණ හා බාහිර සුවිශේෂී ලක්‍ෂණ මැනවින් ජනයා අතර සන්නිවේදනය වුණේ මෙම බුද්ධ ප‍්‍රතිමා කලාව නිසාය.
මහායානිකයන්ගේ ත‍්‍රිකාය සංකල්පය නිසා බුද්ධ සංකල්පය තවදුරටත් වැඞී ගියේය. ධර්මකාය, සම්භෝග කාය හා නිර්මාණකාය යන බුදුරදුන්ට පවත්නා ත‍්‍රිකාය අතරින් ධර්මකාය ප‍්‍රතිමාවෙන් නිරූපණය කළ නොහැකිය. විශ්වව්‍යාපී කථතාව යනුවෙන් හැඳින්වෙන එය පසුකාලීන ශූන්‍යතාවාදීන් ‘‘ආදී බුද්ධ’’ යනුවෙන් හඳුන්වා ඇත. බුද්ධත්ත්‍වයට පත්වන බුදුවරුන් මොලොව දී දක්නට ලැබෙන කාය නිර්මාණකායයි. මානුෂී බුද්ධ ලෙස හැඳින්වෙන මේ බුදුවරුන්ට අදාළ ධ්‍යානී බුදුවරුන් ගැනම මහායානයේ ඉගැන්වේ. එසේම ඒ ධ්‍යානී බුදුවරුන්ගේ ආරම්භ වන බුද්ධ මණ්ඩලයට පසුකාලයේදී බෝසත්වරු ඇතුළත් වී ඇත. විශේෂයෙන්ම ධ්‍යානී බුදුවරුන් පස් නමක්ද ඒ ඒ බුදුවරුන්ට වෙත වෙතට මානුෂී බුදුවරු පස් දෙනෙක්ද ප‍්‍රකට වේ.
ධ්‍යානී බුද්ධ මානුෂී බුද්ධ
වෛරෝචන ක‍්‍රකුච්චන්‍ද
අක්‍ෂෝභ්‍ය කනකමණි
රත්න සම්භව කාශ්‍යප
අමිතාභ ගෞතම
අමෝඝසිද්ධි මෛත්‍රේය
මහායාන බුදුසමයේ මෙම බුද්ධ සංකල්පයේ ගැඹුරු දාර්ශනික අනුභූතීන් ප‍්‍රකට කර ඇති බව බී. භට්ටාචාර්ය මහතා පෙන්වා දෙයි. ඒ අනුව මේ ධ්‍යානී බුදුවරුන්ගෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධය නිරූපණය කොට ඇත. එසේම එතුමාට අනුව තාන්ත‍්‍රික බුදුසමයේ සංවර්ධනයක් සම`ග පුද්ගලත්ත්‍වාරෝපිතව දේව සංකල්ප මුසු වී බුද්ධ සංකල්පය ගූඪ අදහස්වලින් පෝෂණය වන්නට විය.
තවද බුදුවරුන්ට ආරෝපිත මානුෂී බුද්ධ, බෝධි සත්ත්ව, බුද්ධ ක්‍ෂේත‍්‍රය, බුද්ධ ශක්තිය, දිශාව චරණය, මූල පදාර්ථය, සංකේතය ආදී අංගවලින් සමලංකෘත වී සංවර්ධනය වූ ප‍්‍රතිමා කලාව තුළින් පැහැදිලි වන්නේ බුද්ධ සංකල්පය කෙතෙක් ජනප‍්‍රිය වී ඇතිද යන්නයි.
බුදුරජාණන් වහන්සේ නිරූපණය වන අනෙක් අවස්ථාව නම් චිත‍්‍ර කලාවයි. චිත‍්‍රවලදී බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ම`ගින් බුදුරදුන් චිත‍්‍රණයට නැ`ගී ඇති අයුරු දැකගත. සිද්ධාර්ථෝත්පත්තිය, අභිනිෂ්ක‍්‍රමණය, දුෂ්කරක‍්‍රියා සමය, බුද්ධත්ත්‍වය ලැබීම, මංගල ධර්ම දේශනාව පැවැත්වීම, රජගහනුවරට වැඩම කිරීම, නාලාගිරි ඇතු දමනය, අංගුලිමාල දමනය, තව්තිසාවේ අභිධර්මය දේශනා කිරීම, බුද්ධ පරිනිර්වාණය වැනි විශේෂ අවස්ථා චිත‍්‍රයට නැ`ගීම තුළින්ද යථෝක්ත අරමුණ ඉටු වී ඇති බව පිළිගත හැකිය. එපමණක්ද නොව බුදුරදුන්ගේ පෙර භවවල බෝසත් ජීවිත පිළිබඳ සිදුවීම් ඇතුළත් ජාතක කථා චිත‍්‍රයට නැ`ගීම තුළින්ද බුද්ධ සංකල්පය ජනයාට සමීප කොට ඇත. ඒ හරහා බුදුදහමේ විශේෂ ඉගැන්වීම් රාශියක්ද ජනහද වෙත සන්නිවේදනය කිරීමට ඉඩ සැලසීම මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතුය. අජන්තා ලෙන් විහාරය වැනි ස්ථාන ආශ‍්‍රයෙන් මෙම සන්නිවේදනය මැනවින් සිදුවන්නට ඇතැයි කිව හැකිය.
කැටයම් හා ගෘහනිර්මාණ ආශ‍්‍රයෙන්ද බුද්ධ සංකල්පය ජන විඤ්ඤාණය තුළ රෝපණය වී ඇති අතර ඒ හරහාත් යථෝක්ත අනන්‍යත්වයන් ගොඩ නැගී ඇත. සංචී තොරණ, ඇල්ලෝරා කැටයම් හා මූර්ති, ලක්දිව බෝධිඝර හා ගෘහ නිර්මාණ ආශ‍්‍රයෙන් නිර්මිත බුදුසිරිත පිළිබඳ සංකල්පය සෑම ආසියාතික බෞද්ධ රටකම දක්නා ලැබේ.
බෝධිසත්ත්‍ව සංකල්පය
බෝධි සත්ත්වයන් නම් බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම පුරන උතුමන්ය. ථෙරවාදී ඉගැන්වීමට අනුව සාමාන්‍ය ජනයා අතර හිඳිමින් දස පාරමිතා පුරන උන්වහන්සේලා බුද්ධත්වය ප‍්‍රාර්ථනා කරති. ජාතක කතාවල සඳහන් වන්නේ කල්ප ගණන් දිගු සසරෙහි බෝසත්වරුන් තම බුද්ධත්වය සඳහා කළ කැප කිරීම්ය. බුදුබව ලැබීම පිණිස පෙරුම් පුරන උතුමකු පිළිබඳ සංකල්පයක් මෙම කලාපයේ ජනයාට සන්නිවේදනය වීමට මූලිකම හේතුව බෞද්ධ කලාව බැව් පැනේ. ථේරවාදයේදී එතරම් ජනප‍්‍රියව නොතිබුණු බෝධිසත්ත්ව සංකල්පය වඩාත් ජනප‍්‍රිය වූයේත් ඒ සඳහා කලාව තුළ විශේෂ ස්ථානයක් හිමිවූයේත් මහායාන බුදුසමය නිසාය. බෝසත් සංකල්පය මෙරටට බුදුසමය පැමිණීමත් සම`ග ලැබුණු මුත් බෝසත් වන්දනාව හා බෝසත් ප‍්‍රතිමා නිර්මාණකරණය මහසෙන් රජු විසින් අභයගිරිය ගොඩ නැ`ගීමත් සම`ග සිදු වන්නට ඇතැයි සැලකේ.
පරාක‍්‍රමබාහු රජු විසින් ඇති කළ නිකාය සාමග‍්‍රිය නිසා බෝසත් ප‍්‍රතිමාකරණයත්, බෝසතුන් පිළිබඳ කලා සම්ප‍්‍රදායත්, බෝධිසත්ව වන්දනාවත් ජනයා අතර වැඞීයාමටත් සිදුවිය. එය පියවර තුනකින් සිදු වූ බව මැස්ටියේ උපනන්ද හිමියෝ පෙන්වා දෙති.
1. මහායාන අවලෝකිතේෂ්වර වන්දනාව නාථ වන්දනාව නමින් ප‍්‍රකට වීම.
2. අලූතින් මානුෂීය බෝධිසත්ත්වයන් දස දෙනෙකු හඳුන්වා දීම.
3. හින්දු දෙවිවරුන් බෝධි සත්ත්වයන් ලෙස සැලකීම.
‘‘මංජු ශ‍්‍රී චිත‍්‍ර කර්ම ශාස්ත‍්‍ර නමැති කෘතියේ එන අන්දමට ක්‍ෂිති ගර්භ, වජ‍්‍රපාණි, කිත්ශ‍්‍රීගර්භ, අවලෝකිතේෂ්වර, විෂ්කම්භින්, මංජුඝෝෂ, සමන්ත භද්‍ර සහ මෛත‍්‍රී යන බෝසත්වරුන් අතුරින් මෛත‍්‍රී බෝසත් හැර අනෙක් සියලූ දෙනා මහායාන බෝසත්වරු වෙති. මෛත‍්‍රී බෝසතුන් ථෙරවාද මහායාන දෙකටම පොදුය.’’ මෙරට ප‍්‍රකට වූ මහායාන බෝධිසත්ත්ව රූප බුදුරුවගල, බුදුපටුන්න කුෂ්ටරාජගල, වැනි ස්ථානවලින් හමු වේ .
බෝධිසත්ත්ව සංකල්පය වැඩි වශයෙන් ප‍්‍රකට වූයේ මහායාන බෞද්ධ සංස්කෘතිය තුළය. මහායාන බුදුසමයේ ලක්‍ෂ ගණන් බෝධිසත්ත්වයන් පිළිබඳව සඳහන් වෙයි. ශාන්තිදේවයන්ගේ බෝධිචර්යාවතාරය වැනි මහායාන කෘතිවල බෝසත්වරු පිළිබඳව ඉතා උත්කෘෂ්ට ලෙස වර්ණනා කොට ඇත. බුද්ධත්වයට පත්වීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් බෝධි චිත්තය වඩන්නේ බෝධිසත්ත්වවරයායය. එසේම පාරමිතා සපුරන්නේ බෝධිසත්ත්ව වරයාය. එවන් උතුමෙකුට වන්දනාමාන කිරීම මහ`ගු පුණ්‍යකර්මයකි.
මනුෂ්‍යයන් අතර සාමාන්‍ය මනුෂ්‍යයෙකු බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පිරීමත්, බෝධි චිත්තය වැඞීමක් නිසා පූජනීයත්වයට පත්වීම වැනි චින්තාවන් මත ජනප‍්‍රිය වන බෝධිසත්ත්ව සංකල්පය බෞද්ධ සාහිත්‍යයෙන් උජ්වලිත වූවකි. ඒ මත පදනම් වූ කලාකෘති බෝසතුන් පිළිබඳ හැ`ගීමක් ආසියානු කලාපීය ජනයා තුළ ජනිතව වැඞී යෑමට මහායාන සංකල්ප බෙහෙවින් හේතු වී ඇත. මුල් යුගයේ අන්‍යාගමිකයන් අතර පැවති දේව ඇදහීම් සංකල්පය වෙනුවට මහායානය බෝසත් ඇදහීම හුරු කළ බව පැනේ. එහෙත් බෝධිසත්වයන් දෙවියකු ලෙස බෞද්ධ ඇදහීමට ලක් නොවී පරිත්‍යාගය, ශික්‍ෂණය, උපේක්‍ෂාව, ධෛර්යය, භාවනාව, අවබෝධය ආදී ආධ්‍යාත්මික ගුණ විභූෂිතව කරුණාවෙන් මනුෂ්‍යයාට පිහිටවන උතුමෙකු ලෙස පූජනීය විය.
x අවලෝකිතේෂ්වර බෝසත් ප‍්‍රතිමා
x වජ‍්‍රපාණී හා මංජු ශ‍්‍රී බෝසත් ප‍්‍රතිමා
x පද්මපාණි බෝසත් ප‍්‍රතිමා
යන බෝසත් ප‍්‍රතිමා මහායාන බෞද්ධ සංස්කෘතියෙහි වඩාත් ප‍්‍රකටය. නමේ තේරුම, සංකේත, හැඳින්වූ අනෙකුත් නම්, කාර්යභාරය අනුව මේ බෝසත්වරන් පිළිබඳ සුවිශේෂී දර්ශනයක් ඇත. එම සංකල්ප ශ‍්‍රාවයක් මෙන් ජනයා අලරට ගලා ගියේ කලාව තුළිනි.
නිදසුනක් ලෙස වජ‍්‍රපාණී බෝධිසත්වවරයා ඇදහීම හරහා වජ‍්‍රයාන නමින් සම්ප‍්‍රදායක් මහායාන බෞද්ධ රටවල ඉතා ජනප‍්‍රිය වී ඇති අයුරු පෙන්වා දිය හැකිය. වජ‍්‍රපාණී බෝසත්වරයා නිර්මාණය කිරීමේ සංකල්පය වජ‍්‍රයාන සම්ප‍්‍රදායෙන් ලැබී ඇත. වජ‍්‍රපාණී බෝසතුන් වජ‍්‍රයක් හෙවත් දියමන්තියක් අතැතිව සිටින අතර එය භාවනා කමටහනක් ලෙස මහායාන බෞද්ධයෝ යොදාගෙන ඇත. එය විනාශ කළ නොහැකි බවට හොඳම සංකේතයකි. කුමක්ද, විනාශ කළ නොහැක්කේ?. මනසේ ප‍්‍රභල සමාධියයි. මනසේ ප‍්‍රබල සමාධියක් ඇති කල පුද්ගලයාට කෙලෙස්වලින් ආරක්‍ෂා වීමට අවස්ථාව උදාකරගත හැකිය. එම සමාධිය සඳහා වජ‍්‍රය කමටහනක් ලෙස ගෙන මෙනෙහි කිරීම කළ හැකිය. ප‍්‍රඥාව දක්වා ගමන් කරන බෞද්ධ විමුක්ති මාර්ගයට ප‍්‍රවේශ කරන සමාධිය ඇති කරන්නේ කලා කෘතියකින් වීම මෙහි ඇති විශේෂත්වයයි.
ආසියානු ජනයා තුළ බෝධිසත්ත්ව ප‍්‍රතිමා හා කලා තුළින් ගොඩන`ගන ලද වැදගත්ම දේ නම් බුද්ධත්වය උදෙසා වීර්ය කිරීම සඳහා පේ‍්‍රරණයක් ජනනය කිරීමයි. බෝධිසත්ත්ව වන්දනය තුළින් බෝධිසත්ත්ව ගුණ සිය ආධ්‍යාත්මය තුළ රෝපණය ගැනීමට මෙම කලාපයේ ජනයාට බෙහෙවින් බලපා ඇත්තේ මෙම බෝධිසත්ව කලා නිර්මාණයි.
අරහත් සංකල්පය
රහතන් වහන්සේ යනු බුද්ධානුශාසනය අවබෝධ කොට කෙලෙස්වලින් මිදී සතර ම`ග හා ඵල ලද උතුමන්ය. බුදුසමයේ ඉගැන්වෙන විමුක්ති සාධනය සඳහා වන ත‍්‍රිවිධ බෝධියෙන් තුන්වැනි බෝධිය රහත් බෝධියයි. ථේරවාදී බුදුසමය අනුව බුද්ධ ශ‍්‍රාවකයන් අතරින් ශ්‍රේෂ්ඨම පිරිස රහතන් වහන්සේලාය.
රහතන් වහන්සේ කලාවට නැ`ගීමේදී උන්වහන්සේ ලද ආධ්‍යත්මික විමුක්තිය ඉස්මතු කිරීමට කලාකරුවා යත්න දරා ඇති අයුරු පැනේ. හිස මුඩුකොට චීවරයක් පොරවාගෙන සිටින ලීලාවෙන් රහතන් වහන්සේගේ ප‍්‍රතිමා තැනුවද චිත‍්‍රණය කළද ඒ තැන්වලදී රහත්භාවය හඳුනාගත හැකි ලක්‍ෂණ මතු කිරීමට කලාකරුවා උත්සාහ ගෙන ඇත. ශරීරයේ ප‍්‍රභාෂ්වර බව, ශාන්ත බව මෙන්ම සිරස වටා විහිදෙන රශ්මිය වැනි ලක්‍ෂණ ඒ අතර වඩාත් ප‍්‍රකටය.
මහායානය අරහත් සංකල්පය කෙරෙහි එතරම් ධනාත්මක ආකල්පයක් දක්වා නැත. එකම යානය බුද්ධයානය ලෙස පිළිගත් ඔවුහු රහතන් වහන්සේගේ විමුක්තිය පිළිකෙව් කළහ. මහායාන කලාකෘති අතර බුද්ධ හා බෝසත් කලා කෘතිවලට හිමි වී ඇති ස්ථානය රහත් වහන්සේට හිමි වී නැත්තේ මේ නිසාවෙනි.
එහෙත් ආසියානු බෞද්ධ කලාකෘතිවල දක්නට ලැබෙන රහතන් වහන්සේගේ පිළිඹිබුව මෙම කලාපයේ ජනයාට නවමු සංකල්පයක් එක්කොට ඇත. ඒ රහතන් වහන්සේ පිළිබඳ සංකල්පයමය. සාමාන්‍ය මනුෂ්‍යයා අතර රහතන් වහන්සේ නිකෙලෙස් උතුමෙකි. සන්තානය ¥ෂණය කරන කිලිටි සිතිවිලි මූලෝත්පාඨනයෙන් සසර ගමන නිම කළ හැකිය. බුද්ධ ශ‍්‍රාවකයාගේ මූලික අරමුණ එයයි. ඒ අරමුණ සඵල කරගත් ශ‍්‍රාවකයා නම් රහතන් වහන්සේය. මුල් බුදුසමයේ පරම ආගමික පදප‍්‍රාප්තිය හැඳින්වීමට අර්හත් නම් විශේෂ වචනය යෙදේ. අරහත්ත්‍වය දැක්වීමට මුල් බුදුසමයේ එන විශේෂ වචනය නම් ඛීණාසව යන්නයි. එයින් සියලූ කෙලෙසුන් කෙරෙන් සම්පූර්ණයෙන් මිඳුණු තැනැත්තා, දුරු වූ තැනැත්තා යන අර්ථය ප‍්‍රකාශ වේ. ආශ‍්‍රවක්‍ෂය කිරීමයි. අරහං යන්නෙන්ද කියැවෙන්නේ කෙලෙස් දුරැුලීම, දුරුකීම යන්නයි. ආශ‍්‍රව කිලේසාර්ථයෙන්ද කම_ාර්ථයෙන්ද විවිධ බාධක හා කම්කටොලූ යන අර්ථයෙන්ද අටුවාවෙහි යෙදී ඇත. ආශ‍්‍රව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.
01. කාමාශ‍්‍රව - පඤ්චකාමයන්හි ඇලීම නිසා උපදනා ආශ‍්‍රව
02. භවාශ‍්‍රව - කාම, රූප, අරූප භවයන්හි ඇලීම නිසා
03. දිට්ඨාශ‍්‍රව - ශාස්වතාදී දෘෂ්ඨි ග‍්‍රහණයෙන් උපදනා ආශ‍්‍රව
04. අවිජ්ජාශ‍්‍රව - ලෝකය හා සත්ත්‍වයා පිළිබඳ යථාර්ථය නොදැනීම (ති‍්‍රලක්‍ෂණ ධම_ය ආදීය* නිසා උපදනා ආශ‍්‍රව
මේ සියලූ ආශ‍්‍රවයන්ගෙන් රහතන් වහන්සේ විමුක්ත වූයේ වෙයි. එහෙයින් රහතන් වහන්සේ ඛීණාසව නම් වේ. සමාන්‍ය මනුෂ්‍යයෙකුට පත්විය හැකි මෙවන් උත්තරීතර තත්ත්වයක් පිළිබඳ අදහස මෙම කලාපයේ ජනයාට සන්නිවේදනය වන්නේ රහතන් වහන්සේ දැක්වෙන කලාකෘති මඟින්යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
සංකේත
කලාව ම`ගින් සංකේත භාවිතය ඉන්දීය කලාකරුවන් විසින් එක් යුගයකදී සංවර්ධනය කරන ලදී. මහාචාර්ය එච්.ටී. බස්නායකයන් දක්වන අන්දමට එම යුගය අශෝක යුගයයි. අශෝක ස්ථම්භ හිසෙහි ඇති සිංහරූප හතර බෞද්ධ ධර්ම සංකේතයක් බව එතුමාගේ අදහසයි. ඒ අනුව,
x
x
x
x
මේ නිරූපණ බුද්ධ චරිතය හා බෞද්ධ චින්තාව සම`ග අතිශය ගැලපෙන නිසා පසුකාලීන බොහෝ විචාරකයන් ඒ අදහස පිළිගෙන ඇත. එසේ වුවද සත්‍ය වශයෙන්ම බෞද්ධ කලාවේ සංකේත භාවිතය බුද්ධ කාලයේම ඇරඹිණැයි කීම සාධාරණය. බුදුසමයේ දැක්වෙන ප‍්‍රථම ආරාම පූජාව වන සැවැත්නුවර ජේතවනාරාමය හා බැදුණු නිර්මාණ ශෛලීන් තත්කාලීන බෞද්ධ කලාව හා සන්නිවේදනාත්මක සංකේත භාවිතයට කදිම නිදසුනකි. බුද්ධ කලායෙන් පසු ජනයා බුදුරදුන් වෙනුවට සංකේත භාවිතා කොට ඇති අතර ධර්ම සන්නිවේදනයටද එය ඉවහල් කරගෙන ඇත. ස්තූපය වැනි කලාංග බුද්ධ කාලයේ පටන් පැවත එන නිසා බෞද්ධ සංකේත භාවිතයේ සංවර්ධනය අශෝක යුගයේ සිදුවූයේයැයි කීම කෙතරම් දුරට සාධාරණද යන ගැටළුව මතු වේ.
භාරතීය කලාවේ සංකේත භාවිතය මැනවින් ව්‍යාප්ත කිරීමෙහිලා දායක වූයේ බෞද්ධයන් හා ජෛනයන්ය. ජෛනයන් විසින් භාවිත කළ සංකේත රාශියක් වින්සන් ස්මිත් මහතා විසින් දක්වා ඇත. ඒ අතර බෞද්ධයන් භාවිත කරන ධර්මචක‍්‍ර ත‍්‍රිරත්න ආදී සංකේතද වෙයි. එහෙත් බෞද්ධ සංකේත භාවිතයේ බෞද්ධ අනන්‍යතාව මැනවින් ඉස්මතු වී ඇත.
චක‍්‍ර, පද්ම, ශ‍්‍රී පාද, වජ‍්‍ර, ඡුත‍්‍ර, සිංහ, වෘෂභ, හස්ති, අශ්ව, හංස, පූර්ණ, ඝට යන සංකේත බෞද්ධ කලාවේ වඩාත් ජනප‍්‍රියය. මේ සංකේත සම්භවයට ත‍්‍රිපිටකගත දීඝනිකායේ ලක්‍ඛණ වැනි සූත‍්‍රවල එන කරුණු බෙහෙවින් බලපාන්නට ඇත. චක‍්‍ර ලකුණ බුදුසිරි පතුලෙහි දැකිය හැකි බව ලක්‍ඛණ සූත‍්‍රයේ සඳහන් වේ. ඊට අමතරව අමරාවතී ශ‍්‍රී පාද ලාංඡුනයෙහි නන්දිපාදා ස්වස්තික, ත‍්‍රිශූල යන සංකේතද යොදා තිබේ. මජ්ක්‍ධිම නිකායේ අට්ඨකතාවේ තවත් ලක්‍ෂණ දෙතිසක් සඳහන් වේ. ශ‍්‍රී පාදයත් එහි දැක්වෙන මංගල සංකේත ම`ගිනුත් බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කිරීමට බෞද්ධ කලාකරුවා වෑයම් කොට ඇති බව ප‍්‍රකට වන්නේ ආසියානු කලාපය තුළ නිර්මිත මේ කලා දායාදයෙනි.
පද්ම සංකේතය බොහෝ දුරට බුදුරදුන්ගේ පාරිශුද්ධත්වය සන්නිවේදනය කිරීමට කලාකරුවා භාවිත කොට ඇත. පද්මාසනය මත බුද්ධප‍්‍රතිමා නෙළීම තුළින් බුදුරදුන්ගේ පාරිශුද්ධ බව, ස්වභාවිකත්වය තුළින් නිර්මිත බව, නික්ලේෂී බව විදහා පා ඇත. ටිබැටයේ ඉතා ප‍්‍රකට වජ‍්‍රයානය වජ‍්‍ර සංකේතය නිසා ජනප‍්‍රිය වී ඇත. ඡුත‍්‍ර සංකේතය සාංචි තොරණෙහි වැඩි වශයෙන් භාවිත වී ඇති අතර අනුරාධපුර බොහෝ කැටයම්වල ද ශ‍්‍රී පාදයට ඉහළින් චක‍්‍ර සංකේතය යොදා ඇත. එය බුදුරදුන්ගේ රාජකීය බව විදහා පාන්නකි.
ධර්මචක‍්‍ර සංකේතයටද පවත්නේ ඓතිහාසික පදනමකි. මේ පිළිබඳ විමර්ශනයක යෙදෙන ආර්.ජී.ඞී. ජයවර්ධන මහතා ප‍්‍රාග් බෞද්ධ යුගවල චක‍්‍ර සංකල්පයේ ඓතිහාසික විකාශය මැනවින් පැහැදිලි කරයි. ඒ අනුව සූර්ය වන්දනය, උපත, පැවැත්ම, විනාශය, කාලය, හොඳ නරක, ආත්මය යන විවිධ සංකල්ප නිරූපණය කළ චක‍්‍ර සංකේතය බෞද්ධයින් සිය සංකල්ප හඳුන්වා දීමට ක‍්‍රමයෙන් භාවිතයට ගෙන ඇති බව පැහැදිලි වේ. එහිදී බෞද්ධ ධර්ම චක‍්‍රය ප‍්‍රධාන නිරූපණ තුනක් උදෙසා භාවිත වී ඇති බව දත හැකිය.
1. දේශනා චක‍්‍රය (මංගල ධර්ම දේශනය ධර්ම චක‍්‍ර ප‍්‍රවර්ථයක් බව දම්සක් පැවතුම් සුතුරෙහි ම සඳහන් වේ*
2. ආඥා චක‍්‍රය (බුදුරදුන් ධර්ම චක‍්‍රවර්තී රජු බව දැක්වීමට*
3. ලක්‍ඛණ චක‍්‍රය (බුදුරදුන්ගේ ශ‍්‍රී පතුලෙහි පිහිටි චක‍්‍ර ලක්‍ෂණය දැක්වීමට*
පසුකාලීන බෞද්ධ කලාව තුළ මේ නිරූපණ තවත් සංකීර්ණ වී ඇති අයුරු පැනේ. විශේෂයෙන්ම දම්සක් පැවතුම් සූත‍්‍රයේ එන තිපරිවට්ට වශයෙන් විග‍්‍රහවන චතුරාර්ය සත්‍ය ධර්ම චක‍්‍රයෙන් නිරූපිත බව වැඩි වශයෙන් ප‍්‍රකට වී ඇත.
බෞද්ධ ආරාමීය සංස්ථාව කලා නිකේතනයක් බඳුය. ලක්දිව පුරාවස්තු අතර පවත්නා සංඝාරාමය හෙවත් විහාරවල සැලසුම් විධීන් කොටස් හතරකට බෙදෙන බව මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලකයෝ පෙන්වා දෙති. ගිරි (ලෙන්* විහාර, පධානඝර, පබ්බත විහාර හා මහාවිහාර යනු ඒවා ය. මේ අතරින් ඓතිහාසික කලාකෘති රාශියක් බිහි වූයේ මහා විහාර ආශ‍්‍රයෙනි. ස්තූපය කේන්ද්‍ර කොටගෙන බිහි වූ මහා විහාරය, අභයගිරිය මෙන්ම ජේතවන විහාරයද විවිධ වාස්තු විද්‍යාත්මක අංගෝපාංගයන්ගෙන් සමන්විත විය. බෝධිඝර, ප‍්‍රතිමාගෘහ, උපෝසථාගර, සංඝාවාස, පැන් පොකුණු ආදියෙන් ඒවා සමලංකෘත වී තිබුණු බව වංශකතාවලින් පැහැදිලි කරගත හැකිය. කැලණිය, තිස්ස මහා විහාරය, සේරුවිල, දීඝවාපිය, පොළොන්නරුව ආදී තැන්වලින් හෙළ බොදු කලා අසිරිය මොනවට විදහා දැක්වෙයි.
ලූම්බිණි සල්වනය, ඉසිපතන මිගදාය, උපවත්තන සාලවනය වැනි සෞන්දර්යාත්මක උද්‍යාන ශ‍්‍රාවකයන් ආධ්‍යාත්මික දියුණුව සඳහා බෙහෙවින් ඉවහල් කරගත් අයුරු පෙළෙහි පැනේ. එමෙන්ම බෞද්ධ චිත‍්‍රවලදී භූමිදර්ශන, ගංගා - ඇළ - දොළ, සතුන්, සිව්පාවුන්, පක්‍ෂීන් බහුලව භාවිතා කොට ඇත්තේ සෞන්දර්ය ආශ්වාදය වඩවනු සඳහාත් එම`ගින් ආධ්‍යාත්මික ගුණ වැඞීම සඳහාත් මනස සකස් කිරීම සඳහාත්ය. භාර්හූත්, අජන්තා ලෙන් විහාර, සීගිරිය වැනි තැන්වල දෙවියන් දෙවගනන් දැක්වෙන චිත‍්‍ර, සිත් ගන්නා අයුරින් ඇඳ ඇත. ආසියානු ජන විඤ්ඤාණය පිං දහම් කිරීමේ පේ‍්‍රරණයක් ඇති වීමට මේ දිව්‍ය ලෝක චිත‍්‍ර ඉවහල් වී ඇත.
මහායාන චිත‍්‍ර හා කැටයම් අතර සුඛාවතිය නිරූපණය ඉතා ජනප‍්‍රියය. මහායාන බුදුවරුන් බෝසත්වරුන් වැඩ හි`ඳින්නේ සුඛාවතියේය. සුඛාවතිය නම් සියලූ සැප ඇති තැනය. එහි ස්ත‍්‍රී පුරුෂ භේදයක් නැත. කාලය පිළිබඳ භේදයක් නැත. සියලූ රත්රන් ආදියෙන් අනූනය. සැබෑව නම් එවන් තැනක් ලොව නැත යන්නයි. මහායාන ශූන්‍යතා දර්ශනය උගෙනීමට සුඛාවතිය පිළිබිඹු කෙරෙන කලා කෘති බෙහෙවින් උපයෝගී කරගත හැකිය. මේ ගැඹුරු දර්ශනය කෙරෙහි ආසියානුවන්ගේ අවධානය යොමුවන්නේත් එමෙන්ම එ පිළිබඳ අවබෝධය පහසුකර ඇත්තේත් මේ කලා නිරූපණ මඟිනි.
ස්තූපය
අතීතයේ පටන්ම පෙරදිග පැවති ආගමික හා රාජකීය ගෞරවය රැුකීමේ සංකේතයක් ලෙස භාවිත වූ කුඩය, ස්තූපය ගොඩනැංවීමේ මූලික අදහස විය යුතුයැයි ඒ.එච්. ලෝං හර්ස්ට් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ධාතු නිධන් කොට ආරක්‍ෂා කර ගැනීමටත් ගෞරව දැක්වීමටත් අවශ්‍ය වූයෙන් ඡුත‍්‍රයක හැඩයෙන් දා ගැබද පිළියෙල වන්නට ඇතැයි ඇතැම්හු පෙන්වා දෙති. එහෙත් පෙළෙහි සඳහන් වන ථූපාර්හ පුද්ගලයන් පිළිබඳ විස්තරයෙන් පැහැදිලි වන්නේ බුද්ධ කාලයේම ස්තූපය ඉදි වූ බවය. රහතන් වහන්සේලා පිරිනිවන් පෑ විට බුදුරදුන් ලවා ස්තූප කරවා උපහාර දැක්වූ අයුරු ත‍්‍රිපිටක සාහිත්‍යයේ කිහිප අවස්ථාවකම යෙදී ඇත. ස්තූප නිර්මාණය බුද්ධ කාලයට පෙර පටන් සිදු වූවකි. මිනිසුන් කයින් ත‍්‍රාසයෙන් ස්තූප වන්දනා කළ බව ධම්මපදයේ සඳහන් වේ.
කෙසේ වෙතත් ස්තූපය බෞද්ධ කලා නිර්මාණ අතර ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් තැනක් උසුලන බව කිව හැකිය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු දෝණ බමුණා විසින් දෙනු ලැබූ ශාරීරික ධාතු තැම්පත් කොට ස්තූප සෑදීම දඹදිව ප‍්‍රාන්තවල සිදු කෙරුණි. භාරහූත්, සාංචි, බුද්ධගයා, මථුරා ආදී තැන්වල නිමවා ඇති රූකම්වලින් ඒ බව පැහැදිලි වේ. ඉන්දියාවේ හිල්සා ප‍්‍රදේශයට අයත් සාංචි, යෝනාරී, සතධාරා වැනි ස්ථානවල පුරාවිද්‍යාත්මක සාධකවලින් පැරණි ස්තූප සැලසුම් ක‍්‍රම හඳුනාගත හැකිය. බෞද්ධ කලාව තුළ නිර්මාණය වූ ස්තූපයේ ආකෘති හයක් පමණ ප‍්‍රකටව හඳුනාගත හැකිය.
x බුබ්බුලාකාර (දියබුබුලක ස්වරූපයෙන්*
x ඝණ්ඨාකාර (ඝණ්ඨාරයක ස්වරූපයෙන්*
x ධාන්‍යාකාර (වී ගොඩක ස්වරූපයෙන්*
x ඝටාකාර (කළයක ස්වරූපයෙන්*
x ආමලාකාර (නෙල්ලි ගෙඩියක ස්වරූපයෙන්*
x පද්මාකාර (නෙලූම් මලක ස්වරූපයෙන්*
මෙම ආකෘති හෙළ කලාවේ මහිමයෙන් අත්‍යන්තරයෙන් පෝෂණය වී ඇත. ඒ තුළින් බෞද්ධයා අපූරු සංකල්ප සමුදායක් සන්නිවේදනය කොට ඇත.
‘‘බුබ්බුල’’ නම් දිය බුබුලයි දිය බුබුල ජීවිතයේ අනිත්‍යතාව දැක්වීමට සංකේතාත්මකව භාවිතා කළේ බුදුපියාණන් වහන්සේය. ජීවිතය පිළිබඳ මේ යථාර්ථ දර්ශනය සමාජයට සන්නිවේදනය කිරීමට යොදාගත් මේ චමත්කාර නිමැවුම බෞද්ධ මනෝවිද්‍යාවේ අසමසම බව මොනවට කියාපායි.
ඝණ්ඨාකාර දාගැබ ඝණ්ඨාවක ආකෘතිය ගත්තකි. යම් සේ යමක් සන්නිවේදනය කිරීම පිණිස සෙනසුනේ (ගෙඩිය*, පංසලේ ගණ්ඨාව නාද කෙරේද එසේම ස්තූපයද ජනයා අතරට දහම් ගණ්ඨාව නාදය කොට අසූහාරදහසක් වූ දහම් කඳ සන්නිවේදනය කරයි.
වී ගොඩක ස්වරූපයෙන් ගොඩනැගූ දාගැබ ධන්‍යාගාර දාගැබයි. කෘෂිකර්මාන්තයේ දිවි ගෙවන බොදු ජනයාට ධාන්‍ය ගොඩක් දැකීම තරම් අස්වැසිල්ලක් නැත. ධාන්‍යාකාර දාගැබ නිමවන්නේ ඔවුන්ගේ ශ‍්‍රමය හා කැපකිරීම තුළිනි. එය සිහිකර ධාන්‍ය ගොඩක ඇති පහළින් තම කුස පෝෂණය කරන්නා සේම දාගැබ තුළ ඇති ධාතූන් ජනයාගේ හදවත පෝෂණය කරයි.
ඝට යනු කළයයි. කළයෙහි ජලය හෝ යමක් පුරවා කල්ගත වන විට පල් වන්නේය. බුදුරදුන් ඒ අර්ථය ඇතිව කළය කයට උපමා කොට දැක්වීය. බාහිරින් ඇති සොඳුරු නිමැවුමෙහි ඇතුලෙහි ඇත්තේ කුණප ගොඩකි. එයට ආලය කිරීමෙන් ඇති ඵලයක් නැත. ඝටාකාර දාගැබෙක් ජන විඤ්ඤාණයට සන්නිවේදනය කරන්නේ ඒ යථාර්ථයයි.
ආමලාකාර දාගැබ නෙල්ලි ගෙඩියක ආකෘතිය ගෙන ඇත. නෙල්ලි ගෙඩියක රස පහක් ඇතැයි කියවේ. (ආමලාං පඤ්චරසඃ* එමෙන්ම පුද්ගලයාටද චක්‍ෂුරාදී ඉන්ද්‍රිය පසෙන් ලැබෙන රූපාදි අරමුණු නම් වූ රස පහක් ඇත. ඒවාට ගොදුරු වන්නා කෙලෙස් රෝගයෙන් නොමිදෙන්නේය. ඒ ධර්මතාව ආමලාකාර ස්තූපය ම`ගින් ජනයාට සන්නිවේදනය කෙරේ. මේ ධර්මතාව විනිවිද දැන ගැනීම අතැති නෙල්ලි ගෙඩියක් සේ දැනීමකැයි බුදුගුණ අලංකාරයේ කියැවේ. ඒ අනුව ජීවිතයේ යථාර්ථය විනිවිද දැකීමට ආමලාකාර දාගැබ ම`ග කියා දෙයි.
පද්මාකාර දාගැබෙන් බුදුරදුන්ගේ පද්මාකාර ජීවිතය ප‍්‍රකට කරන අතර සැදැහැයෙන් දාගැබ වන්දනා කරන ජනයාට එය පරමාදර්ශයකි. පාරිශුද්ධ ජීවිතයක් ගෙවන්නා පූජාර්හ වන බව ඔවුහු ඉන් මැනවින් වටහා ගන්නේය.
ආසියාවේ සෑම බෞද්ධ රටකම ස්තූපය දක්නට ලැබෙන අතර එහි ඒ ඒ බෞද්ධ රටවල සංස්කෘතියට ගැලපෙන සේ නිමැවී ඇති අයුරු දත හැකිය. බුදුරජාණන් වහන්සේ පමණක් නොව රහතන් වහන්සේලාගේ පවා ධාතූන් තැම්පත් කොට ආසියාව පුරා ගොඩ න`ගා ඇති ස්තූප ප‍්‍රමාණය සියදහස් ගණනකි. ඒවා තූප, චේති, වේදි, ස්තූප, ථූප, වට් ආදී විශේෂ නම් ඒ ඒ රටවල ස්තූපයට යෙදී ඇති අයුරු දත හැකිය.
ස්තූපයේ වඩාත් ප‍්‍රකට වූ සංකේතාත්මක බෞද්ධ දර්ශනයක් ඇත. සළපතල මළුව, වැලිමළුව, මහමළුව, ඇත් පවුර, දොර, කොටුව, තොරණ, පියගැටපෙළ, පාදෝණිය, මුරගල් ආදියෙන් ස්තූප කලා නිර්මාණයන්හි බාහිර අවට පරිසරය නිර්මාණය කෙරේ. තුන්මහල් පේසාව, අර්ථ ගෝලාකාර කොටස, ධාතු ගර්භය, හතරැුස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැුල්ල, කොත (සිළුමිණ* යන අංගයො ස්තූපයේ දක්නට ලැබේ. මේ සෑම අංගයකින්ම බෞද්ධ දර්ශනයේ පිළිබිඹුවක් ඇතැයි අදවන විට පොදුවේ පිළිගෙන ඇත.
‘‘අඩිතාලමෙන් ශ‍්‍රද්ධාවත්, පේසා වළලූ තුනෙන් ත‍්‍රිවිධ රත්නයත්, ගර්භයෙන් සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මත්, සතරැුස් කොටුවෙන් චතුරාර්ය සත්‍යයත්, දේවතා කොටුවෙන් සදෙව් ලොවත්, කොත් කැරැුල්ලෙන් නව ලොව්තුරා දහමත් කොතින් නිර්වාණයත් නිරූපණය වේ.’’ එයින් පැනෙන්නේ බෞද්ධ කලා නිර්මාණ අතර ස්තූපය බෞද්ධ දර්ශනයේම රූපීය ආකෘතියක් බවය. රටින් රටට එහි ආකෘතිය වෙනස් වුවද සෑම රටකම පාහේ බෞද්ධයන් විසින් ස්තූපය අනිත්‍යතා දර්ශනය විදහාපාන කලාකෘතිය ලෙස පිළිගෙන තිබීමෙන් මෙය තවදුරටත් සනාථ වේ.
සඳකඩ පහණ
බෞද්ධ සිද්ධස්ථානයකට ප‍්‍රවේශ වන තබන පළමු පියවරට සෞන්දර්යයෙන් අනූන කලා නිමැවුමක් එක් කිරීමට බෞද්ධ කලාකරුවා සංවේදී වුණේ කුමන හේතුවක් නිසාද?. ඊට බලපෑ මූලික හේතුව නම් බෞද්ධ දර්ශනයෙන් ලද සංයමය හා ගැඹුරු පරිඥානයයි. සඳකඩපහණ (පාලියේ ‘පාඨික’ යනුවෙන් යෙදේ. අඩසඳක ස්වරූපය ඇති ගල* මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි සිට පැවත එයි. අර්ධ කවාකාර අමු මැටියෙන් තනා පිහිටුවාලූ ගඩොල් ඊට එක් සාධකයක් වී ඇත. ගල් කැටයම් ඉතා දියුණුව පැවති සාංචිය හා අනෙකුත් ස්ථානවල සඳකඩ පහණ දක්නට නොලැබෙන අතර එය ඉතා කලාත්මකව නිර්මාණය වූයේ ලංකාවේදීය. ඉන්දියාවේ කලාකෘති අතර සඳකඩ පහන දක්නට ලැබෙන එකම ස්ථානය නාගර්ජුන කොන්දයයි. එහිද එතරම් කලාත්මක බවක් දක්නට නැත. ඉන්දීය කලාකරුවා, උසස් අන්දමින් කළ නි්රමාණයක් නිතර පය ගැටෙන්නේයැයි කල්පනා කිරීම මේ නිර්මාණය දුලබ වීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් ලාංකේය කලාකරුවා කලාවත් ජීවිතයත් දෙකට එකක්යැයි සිතූ නිසා අතිශය නිර්මාණාත්මකව සඳකඩ පහණද නෙළුවේයැයි වල්පොල රාහුල හිමියෝ පෙන්වා දෙති.
ලක්දිව සඳකඩ පහණ පිළිබඳ විමසා බලන විට අතිශය කලාත්මක සඳකඩ පහණ හමුවන්නේ අනුරාධපුර යුගයෙනි. වෙසෙසින්ම පූජනීය, ගෞරවනීය ස්ථානවලට පිවිසෙන ද්වාරයේ සඳකඩ පහණ දක්නට ලැබේ. අඩසඳක ස්වරූපය ඇති ගලක කරන ලද මෙම නිර්මාණය පුදුම සහගත සංයමයකින් කරන ලද්දකි. මුල සිටම පිපුණු නෙළුමක්ද ඊළ`ගට පිළිවෙලින් ලියවැල, හංසරූප පේළිය, ලතා කැටයම, ඇතා - අශ්වයා - සිංහයා - ගවයා යන සතුන් පේළිය, පලා පෙති ඉතා සියුම්ව එහි නෙළා ඇත. දැනට සොයාගෙන ඇති උසස්ම සඳකඩපහණ ලෙස සැලකෙන්නේ අනුරාධපුර මහසෙන් පිළිමගෙයි ඉදිරිපිට ඇති සඳකඩ පහණයි. යුගයෙන් යුගය සඳකඩ පහණ ලෙස සැලකෙන්නේ අනුරාධපුර මහසෙන් පිළිමගෙය ඉදිරිපිට ඇති සඳකඩ පහණයි. යුගයෙන් යුගය සඳකඩ පහණ නිර්මාණය වීමේදී මේ කලාංග අඩු වැඩි වී ඇතත. සමකාලීන සමාජ තත්ත්වයන් ඊට හේතු වී ඇතැයි සැලකේ.
කෙසේ වෙතත් මෙහි නිර්මාණ අංග පිළිබඳ විමර්ශනයක යෙදෙන පරණවිතාන ශූරීහූ එහි පවත්නා බෞද්ධ දාර්ශනික මුහුණුවර අවධාරණය කරති. ජාති, ජරා, ව්‍යාධි, මරණ, යන සතර මහා බිය ඇති සංසාරයේ ස්වභාවයත්, නුවණැත්තා එය මැනවින් වටහා ගැනීමත්, නිර්වාණයේ පිවිතුරු බවත්, සංකේතාත්මකව අරුත් ගැන් වී ඇති බව එතුමාගේ අදහසයි. ස්තූප වන්දනයට, ප‍්‍රතිමා වන්දනයට ආදී පිං පුරා ගැනීමටත්, ආධ්‍යාත්මික සංවර්ධනයත් පිණිස පුද බිමට යන සැහැදැ ඇත්තාට සඳකඩ පහණ මානසික වින්දනය සම`ගින් යථාර්ථාවබෝධයට මං සලසා ඇති බව ඉන් මොනවාට පැහැදිලි වේ.
නිගමනය
බෞද්ධ කලාව ආසියානු කලාපය තුළ රෝපණය වන්නේ බෞද්ධ දර්ශනයෙන් ජීවය ලබමිනි. ප‍්‍රතිමා, මූර්ති, චිත‍්‍ර, කැටයම්, විහාරාරාම ආදී සියලූ කලා කෘතිවල අතිශය නිර්මාණාත්මක බවකින් හා සෞන්දර්යයකින් පිරී පවතී. එහි ඇති විශේෂත්වය නම් අන් කිසිදු කලා සම්ප‍්‍රදායකවත් නැති තරම් සංයමයක් එහි ගැබ්ව පැවතීමයි. බෞද්ධ කලාව තුළින් ආසියානු කලාපීය ජනයා තුළ ගොඩනැ`ගූ සංකල්පීය අනන්‍යතාවන් කිහිපාකාරයකින් පිළිඹිබු වේ. මෙම කලාපයේ ජනයාට බුදුරජාණන් වහන්සේ නම් වූ උත්තරීතර ශාස්තෘවරයන් වහන්සේ පිළිබඳව චින්තනයක් මැනවින් සන්නිවේදනය කළේ බෞද්ධ කලාව ම`ගිනි. බෞද්ධ කලාවෙන් ගොඩ නැංවූ උසස්ම සංකල්පීය අනන්‍යතාව එයයි. එමෙන්ම බෝධිසත්ත්ව සංකල්පය, අරහත් සංකල්පය, සංසරණය හා නිර්වාණය පිළිබඳ සංකල්ප කලාව තුළින් නිරූපණය කිරීමට බෞද්ධ කලාකරුවා ගත් වෑයමද මෙහිලා වෙසෙසින් ඇගයිය යුතුය. විශේෂයෙන්ම බෞද්ධ ධර්ම සංකල්පවලින්ම බෞද්ධ කලාව පෝෂණය වී ඇති වග පෙන්වා දිය හැකිය. කර්මය, පුනර්භවය, සංසාරය, නිර්වාණය, වැනි බෞද්ධ සංකල්ප මෙන්ම චතුරාර්ය සත්‍යය, ත‍්‍රිලක්‍ෂණය, පටිච්චසමුප්පාදය ආදි බෞද්ධ දාර්ශනික සංකල්ප බෞද්ධ කලාවට ජීයට ලබාදී ඇත. එහෙයින් ආසියානු බෞද්ධ කලාව පිළිබඳ ආශ්වාදනය කරන්නෙකුට, විමසන්නෙකුට හුදු කලාකෘති රසවිඳීමකට, ඇගයීමකට සීමා නොවී බෞද්ධ චින්තනය සම`ග එකාත්මික වන්නට සිදු වන්නේමය. මෙයින් පැනෙන්නේ බෞද්ධ කලාව ආසියානු කලාපයේ ජනයා තුළ සිය සංකල්පීය අනන්‍යතාව මැනවින් ගොඩනගා ඇති බවය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
ප‍්‍රාථමික ග‍්‍රන්ථ
x අංගුත්තර නිකාය බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ
x දීඝ නිකාය 1, 2, 3 බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ
x සංයුක්ත නිකාය 1, 2, 3 බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ
x ධම්මපද පාළිය සහ සිංහල ධම්මපදය (1995*. බලන්ගොඩ ආනන්දමෛත හිමි (සංස්:* මොඩන් පොත් සමාගම, නුගේගොඩ.
x දීපවංසය සයිමන් හේවාවිතාරණ මුද්‍රණය.
x මහවංසය (2006* මංගල ඉලංගසිංහ(සංස්:* ගොඩගේ සහ සහෝදරයෝ කොළඔ.
x සිංහල විශ්වකෝෂය - 5 කාණ්ඩය
x ක්‍ය්එඒ ී්බට්හ්බ් ක්‍ෘ ඍදප :ක්‍ීක්‍ෘ ඍදප*
ද්විතීය මූලාශ‍්‍ර
x අදිකාරම්, ඊ. ඩබ්. (1963* පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය ජේ. කේ. ජී. ජයවර්ධන සහ සමාගම, කොළඹ.
x අංගීරස හිමි, දෙල්වල (2003* භාරත ලංකා බෞද්ධ කලා ශිල්ප ආශිර්වාද ප‍්‍රකාශකයෝ, කොටදෙණියාව.
x කුමාරස්වාමි, ආනන්ද කේ. ඉංදියාවේ සහ ශ‍්‍රී ලංකාවේ කලා හා ශිල්ප (1993* එච්.එම්. සෝමරත්න (පරි:* ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනය.
x ගල්මංගොඩ, සුමනපාල (1994* ආදී බෞද්ධ දර්ශනය: මුලධම_ විග‍්‍රහයක්
x ඥානසීහ හිමි, හේන්පිටගෙදර. (1962* රහතන් වහන්සේ ගුණසේන සමාගම, කොළඹ.
x නීති ශතකය, ආරියපාල, ගුණසේන (සංස්.*ප‍්‍රඥාවංශ හිමි, බලංගොඩ (2005*, ‘‘භාරතීය බෞද්ධ කලා ගවේෂණ සහ සිංහල කලාවේ සජීවී ලක්‍ෂණ’’ ගොඩගේ.
x රාහුල හිමි, වල්පොල. (1993* ලක්දිව බුදු සමයේ ඉතිහාසය, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.
x වික‍්‍රමගමගේ, චන්ද්‍රා. ( *. අපේ සංස්කෘතික උරුමය, මධ්‍යම සංස්කෘතික අරමුදල.
x වික‍්‍රමගේ, චන්දා (2006* ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රතිමා කලාව ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
x විජේසිංහ, එස්.එ්.ජී. (2001* විමුක්ති මාර්ගය පිළිබඳ හීනයානික හා මහායානික ආකල්පය. සමයවර්ධන - කොළඹ. 06.
x විමලරතන හිමි, බෙල්ලන්විල (1995* බුද්ධ ප‍්‍රතිමා කලාව සහ බුදුපිළිමයේ විකාශය කර්තෘ ප‍්‍රකාශනයකි.
x විමලවංශ හිමි, බද්දේගම, (1964* අපේ සංස්කෘතිය, ඇම්. ඩි. ගුණසේන සමාගම, කොළඹ.
x සාසනරත්න හිමි, මොරටුවේ, (1962* ලක්දිව මහායාන අදහස්, ගුණසේන සමාගම - කොළඹ
ලිපි, සඟරා
x අනුරාධපුර යුගය (1961* සංස්: අමරදාස ලියනගේ ආදීහු. ශ‍්‍රි ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ප‍්‍රකාශනනය.
x අපේ සංස්කෘතික උරුමය (1962* සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා මධ්‍යම සංස්කෘතික අරමුදලඋවසර - මහාචාර්ය ආනන්ද කුලසූරිය ශාස්තී‍්‍රය සංග‍්‍රහය. (1999*. පියසීලි විජේමාන්න (සංස්* එස්.ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන.
x ගුරු මැදුර (2006* සුදස්සි හිමි, දොරලියද්දේ (සංස්*. තෙරිපැහැ ශ‍්‍රී ශීලවංශ ස්වාමීන්ද්‍ර ශිෂ්‍යානුශිෂ්‍ය සංගමය, විද්‍යාසාගර පිරිවෙණ, මැණික් හින්න.
x පටිභාන වාර්ෂික ධර්ම සංග‍්‍රහය, 1 කලාපය (1999* බමුුණුගම ශාන්තවිමල හිමි ආදීහු (සංස්.* පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප‍්‍රකාශනය.
x පටිසම්භිදා බෞද්ධ සංග‍්‍රහය, 2 කලාපය, හුඹුටියේ සුමන හිමි, ඞී.ඞී.පියදාස ද සිල්වා (සංස්.* 1962. විද්‍යාලංකාර මුද්‍රණාලය, කැළණිය.
x ප‍්‍රණාමාඤ්ජලී හබරා¥ව නන්ද නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. (2006*. හාන්දුපැල්පොල ධම්මානන්ද හිමි, කිරින්දේ චන්දානන්ද හිමි (සංස්.* ලාෆ් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රකාශනයකි.
x නිවන්මග - බෞද්ධ කලා ශිල්ප අංකය (1987* :* රජයේ මුද්‍රණාලීය බෞද්ධ සංගමය.
x නිවන් මග - 36 කලාපය ධර්ම සන්නිවේදනය හා බෞද්ධ සංකේත, (2005* එච්.සෝමපාල ප‍්‍රනාන්දු (සංස්.*, රජයේ මුද්‍රණාලීය, බෞද්ධ සංගමය.
x නිවන් මග. 37 කලාපය (නිර්වාණය* (2006* එච්. සොම්පාල ප‍්‍රනාන්දු (සංස්:*රජයේ මුද්‍රණාලීය බෞද්ධ සංගමය.
x නිවන් ම`ග ධර්ම සන්නිවේදනය හා බෞද්ධ සංකේත 36 කලාපය, (2005* එච්. සොමිපාල ප‍්‍රනාන්දු (සංස්:* රජයේ මුද්‍රණාලීය බෞද්ධ සංගමය.
x ලගමුව , ඒ. (1999* ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රතිමා ලක්‍ෂණ බෞද්ධ සංස්කෘතික අරමුදල.
x වජ‍්‍ර ප‍්‍රභා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. (2004*. නෙළුම් දණ්ඬේ විමලසාර හිමි (සංස්* හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨය.
x විලපිටියේ ඥානවංශ අනුනායක හිමි අභිනන්දන ශාස්තී‍්‍රය සංග‍්‍රහය. (2007* සංස්: කහවත්තේ ජනසිරි හිමි ආදීහු නිග්‍රෝධකෙත්ත මහ පිරිවෙන් ආචාර්ය මණ්ඩලය, ගෙලිඔය.
x සම්භාෂා 10 කලාපය (1999* ජී.ඞී. රත්නපාල (සංස්.* පිරිවෙන් අධ්‍යාපන ශාඛාව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.
x ෑබජහජකදචැාස් දෙ ඊමාායසිපග :1966*ග ඵ්ක්ක්ිැන්ර්ල ඨගඡුග :ෑාථ*ග ඨදඩැරබපැබඑ දෙ ක්‍ැහකදබ ,ඊමාායසිප ්බා ඊැ්මඑහ, :්රඑසජ්ක* ඪදක සස
x ෑබජහජකදචැාස් දෙ ඊමාායසිප : * ඨගඡුග ඵ්ක්ක්ිැන්ර් :ෑා* ඔයැ ඨදඩැරබපැබඑ දෙ ක්‍ැහකදබල ෂබඑැරබ්එසදබ්ක ෑබජහජකදචැාස් දෙ එයැ ීදජස්ක ීජසැබජැි :1968* ෘ්ඩසා ඛග ීසකකි :ැාග* ඩදකග3ල භැඅ ශදරනග
x ෑචයසටර්චයස් ඊසරප්බසජ් ඪදකග ෂෂෂ
x භ්බ්හ්නන්ර්ල ීග ෘයහ්ප්ඉමාාය්, ඪදක සඩ